BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Wednesday, January 14, 2015

අත්‍යවශ්‍ය භාණ්‌ඩ වර්ග 10 ක මිල පහතට කරුණානායගම් සතොසින් කියයි...



ඛනිජ තෙල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්‌ඩ දහයක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මාසය අවසන් වීමට පෙර අඩු කිරීමට නව රජය තීරණය කළ බව මුදල් ඇමැති රවී කරුණානායක  ඊයේ පැවසීය.

මුදල් ඇමැති ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් ඊයේ (13 දා) එම අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදී මේ බව සඳහන් කළ රවී කරුණානායක  මෙලෙස ජනතාවට සහන ලබාදෙමින් රට ගොඩනැගීම තම රජයේ අරමුණ බව ද පැවසීය.
රජයේ දින සියයේ වැඩපිළිවෙළ යටතේ ජනවාරි 29 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරු අයවැය ලේඛනය මගින් අත්‍යාවශ්‍ය භාණ්‌ඩ මිල අඩු කිරීමේ සහනය ලබාදෙන බව හෙතෙම කීය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ජනතාව වරමක්‌ ලබා දී තිබෙන්නේ ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට බව ද මුදල් ඇමැතිවරයා කීවේය.
කඩිනම් සහන ලබා දී ජන ජීවිතය යළි නඟාසිටුවීම සඳහා විශේෂ පියවර රැසක්‌ ජනවාරි 29 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරු අයවැය ලේඛනයට ඇතුළත් කර තිබෙන බව ද හෙතෙම පැවසීය.
 

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger