ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබී විවිධ කටයුතුවලට රැගෙන ගොස් තිබෙන වාහන 129ක් නැවත බාරදීමට කටයුතු නොකිරීම නිසා එම වාහන අත්අඩංගුවට ගැනීමට පොලීසිය විශේෂ වැටලීම් සිදුකිරීමට සැලසුම් කර තිබේ.ජනාධිපති ලේකම් කාර්යාලය සතුව ඩිපෙන්ඩර්, කාර්, කැබ් රථ ඇතුළුව වාහන 752කට අධික ප්‍රමාණයක් තිබුණත් එම වාහන වලින් වාහන 129 ක් තවමත් අතුරුදන්ව පවතින බව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ වාහන අවභාවිතයට ලක්ව තිබෙන බවට පොලිස්පතිවරයාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පැමිණිලි කිරීමත් සමග ඒ පිළිබඳව සොයා බැලීමට පොලිස්පතිවරයා විසින් මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.
මේ එම දෙපාර්තමේන්තුව විසින් සිදුකළ සොයා බැලීමේදී වාහන 172ක් අතුරුදන් වී තිබෙන බවට සොයා ගෙන තිබෙන අතර මේ නිසා ජනාධිපති කාර්යාලය සතුව තිබෙන වාහන නැවත බාරදෙන ලෙසට සිදුකළ ඉල්ලීමට අනුව (22දා) වනවිට වාහන 43ක් ජනාධිපති කාර්යාලයට බාරදී ඇත.
මේ නිසා ඉතිරි වාහන සොයා ගැනීමට රටපුරා පොලිස් මෙහෙයුම් දියත් කිරීමට සැලසුම් කර තිබෙන අතර එම මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා වාහන සතුව තිබෙන සියලුමදෙනාට එරෙහිව සාපරාධි සවාද්‍ය පරිහණය යටතේ නඩු පැවරීමටද සැලසුම් කර තිබේ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment