BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Wednesday, January 7, 2015

පැරීසියට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් ...!!! අහිංසක පුද්ගලයන් 12 මරුට 4 දෙනෙකුට බරපතළයි..!!!

මේ වන විට ඵම පුවත්පත පිිහිටි ස්ථානයට ආරක්‍ෂාව තර කොට තිබෙන අයුරු
ප්‍රංශ ස්වාධීන පුවත්පතක්වූ චාලි හෙබ්ඩෝ පුවත්පත් කාර්‍යාලයට මීට ස්වල්ප වේලාවකට කලින් මුස්ලිම් අන්තවාදීන්  දෙදෙනෙකු  ඵල්ල කළ කළ්‍ෂ්නිකෝව් රොකට් ප්‍රහාරයකින් ඵකළොස් දෙනෙකු මරණයකට පත්ව හතර දෙනෙකු අසාධ්‍ය තත්වයේ සිටින බව වාර්තාවී ඇත.පැරිස් 11 ප්‍රදේශයේ මෙම පුවත්පත් කාර්‍යාලය පිහිටා තිබේ. අහිංසක ජනයා මර බියෙන් සී සී කඩ දිව යද්දී  " අල්ලාහු අක්බර්" ලෙසින් කෑ ගසමින් ඵකී මිනීමරුවන් ජනතාව ඝාතනය කොට ඇතැයි පැවසේ...
 
සිදුවීමෙන් පසුව වහා ඵම ස්ථානයට පැමිණි ප්‍රංශ ජනාධිපති...

මේ පිළිබඳව වහා ප්‍රකාශයක් කොට පැරිසියේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ගත් ප්‍රංශ  ජනාධිපති  ෆ්‍රන්‍ෂුවා ඔලන්දේ මෙය ඉතාම ම්ලේඡ්ච සහ අමානුෂික ක්‍රියාවක් බව පැවසීය.මේ අතර වෙනත් යුරෝපීය රටවල නායකයන්ද මේ පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කොට මේ මුස්ලිම් අන්තවාදය හෙළා දැක ඇත.
සාමකාමී නගරයක්සේ ප්‍රචලිත පැරීසියට මේ ප්‍රහාරය කළු පැල්ලමක් ඵක් කළ බව ජන මාධ්‍ය සංවිධාන පවසයි.ඵම පුවත්පතේ සේවය කළ කාටූන් ශිල්පීන් කිහිපදෙනෙකු සහ නීතිවේදීන් කිහිපදෙනෙකුද මෙම ප්‍රහාරයෙන් මිය ගොස් ඇත.මෙය බරක් ඔබාමා සහ ජර්මනියේ චාන්සලර් වරිය වන ඇන්ජෙලා මකේර් ද හෙළා දැක ඇත.මුස්ලිමුන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ලෙසින් සටන් වදින අන්තවාදීන් මෙය ඔවුන් පිළිගෙන ඇත.

උපහාසාත්මක කාටූන් පළකරන මෙම පුවත්පතට මින් ඉහතදී පටන් තර්ජණ ලැබී ඇතැයි පැවසේ.දේශ සීමා මායිම් නොමැති මාධ්‍ය සංවිධානයේ (Reporters Without Borders)   ක්‍රිස්ටෝපර් දෙලුරුවා
( Christophe DeLoire ) මෙය ප්‍රංශ මාධ්‍ය ඉතිහාසයේ ඇඳිරිතම දිනය ලෙසට හැඳින්වීය.මේ අසලම පිහිටා ඇති ප්‍රංශයේ අයි ටෙලි ප්‍රවෘත්ති නාලිකාවේ අයෙකු මෙය අහම්බෙන් වීඩියෝ ගත කොට ඵකෙනෙහිම විසුරුවා හැර ඇත.

මින් ඉහතදීද ප්‍රංශ පුවත් පතක පළවූ කාටූනයක් මුල් කොට මුස්ලිම් අන්තවාදීන් සිය විරෝධය ඵල්ල කරන ලදී....

 ලංකානිව්ස්
www.lankanews.org

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger