සනත් ගුණතිලක ඉතාමත් සුවිශේෂ සමාජ කුලකයක් නියෝජනය කළේය.මේ කුලයට අයත් මිනිසුන් ඉතාමත් කපටි ලෙස බලවත් අයට සමීප වීමට නිපුන හැකියාවකින් යුතුය.ඔවුහු සිරිතක් වශයෙන් ආණ්ඩුවක් බලයට පත් කිරීමට කිසිවක් නොකරති.එහෙත් බලයට පත්වන කවර ආණ්ඩුවකට හෝ ඉක්මණින් සමීප වීමේ හැකියාවක් ඔවුන් සතුය.ඒ සමඟ ඔවුන් ඉක්මනින් එම ආණ්ඩුවේ අයිතිකාරයින් බවට පත් වෙමින් ලැබෙන බලය උපයෝගී කරගෙන උපරිම ලෙස ධනය උපයා ගනිති.තීක්ෂණ දේශපාලන ඉවක් ඔවුන් සතුය.බලයට එන ආණ්ඩු අවසාන මොහොතේ කඩා වැටීමට ඔන්න මෙන්න කියා තිබෙන විට ඒවා අත්හැර ඊළඟට එන ආණ්ඩුවලට එකතු වීමටත් ඔවුහු දක්ෂ වෙති.
එජාප යුගය අවසන් වීමත් සමඟ ජනාධිපති චන්ද්‍රකා කුමාරතුංග මහත්මියට ළං වෙමින් පොදු පෙරමුණු ආණ්ඩුවේ බලවතෙකු බවට පත් විය.
ඔහු සිනමා නළුවෙකු ලෙස පවත්වා ගෙන ගිය ජිවිතයද බොහෝ දුරට ඊට සමාන විය.ඔහු ගැහැණුන්ට ආදරය නොකළේය.එහෙත් බලවත් ගැහැණුන්ට ආදරය කරන බව පෙන්වමින් ඒ මගින් සිය ඉදිරි ගමන ශක්තිමත් කර ගත්තේය.ඔහුගේ ඒ හැම ප්‍රේම සම්බන්ධයක් තුළම ඇති විශාල ආත්මාර්ථකාමීතත්වයක් ගැබ්ව තිබුණි.එක් ප්‍රසිද්ධ නිළියක් ඔහු විසින් දුෂ්ට ලෙස රවටනු ලැබූ ආකාරය සිනමා ලෝකය තුළ ප්රකටය.
Post a Comment