පසුගිය දින පැරිසියේදී මෛත්‍රීපාල සිරිසේන ගේ ජයග්‍රහණයට සහය දැක්වීමට සියලුම දේශපාලන පක්ෂ සහ සංවිධාන එකමුතුවෙන් පැවැත්වූ සාර්ථක රැස්වීමෙන් පසු එහිදී තීරණය කරගත් පරිදි කිසිම පාටක් පක්ෂයක් නොසලකා ලංකාවේ සාධාරණ මැතිවරණයක් පවත්වනමෙන් රජයට සහ මැතිවරණ කොමසාරිස්ට බලකර පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් 23-12-2014 ඊයේ සවස පැවැත්වීය.
සුවිශේෂීම කරුණ වූයේ හොර දේශහිතෛශී සංවිධානයේ ක්‍රියාකාරී අයද එයින් පිටතටවිත් නියම දේශහිතෛශීයාට සහයෝගය දැක්වීමය.
මෙහිදී පැමිණි සිටි සියලු දෙනාගේ අත්සනෙන් යුතු ලියවිල්ලක් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිට භාරදීමට රැගෙන ගියේද ප්‍රංශයේ කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවන සියලුම ශ්‍රී ලාංකික සිංහලයන් අතරේ සුප්‍රසිද්ධ ප්‍රංශයේ ප්‍රථම සිංහල සංවිධානය ආරම්භ කිරීමට පුරෝගාමී වූ පුෂ්පසිරි අල්විස්ය.

ආණ්ඩුවට පක්ෂ සහ විමල් වීරවංශගේ දේශහිතෛශී සංවිධානයේ අයවලුන් sms, email, viber, facebook මගින් මෙම උද්ඝෝෂණයට සහභාගී නොවන ලෙස දැක්වූ විරෝධතාවයද නොසලකා ඉතා විශාල ජනතාවක් එයට සහභාගී විය. මෙම උද්ඝෝෂණය රජයට විරුද්ධව නොව රට ජාත්‍යන්තරව අපකීර්තියට පත් කිරීමට යැයි බොරු ප්‍රචාරයක් ගෙනගියද මවුබිමට අවංකවම ලැදි ඉතා විශාල පිරිසක් මෙයට සහභාගී වී පැවසුවේ රටේ නියම හතුරාට විරුද්ධව ඔවුන් නිර්භවය ඉදිරිපත් වෙන බවය.
සුවිශේෂීම කරුණ වූයේ හොර දේශහිතෛශී සංවිධානයේ ක්‍රියාකාරී අයද එයින් පිටතටවිත් නියම දේශහිතෛශීයාට සහයෝගය දැක්වීමය.
සතියේ වැඩ දිනක් වුවද තම රාජකාරි දිවියෙන් මදක් කාලය මිඩංගු කර ලංකාවේ දූෂණයෙන් පිරි, යහපාලනයෙන් තොර පවුල්වාදයට විරුද්ධව ප්‍රචණ්ඩත්වයෙන් තොර සාධාරණ මැතිවරණයක්, රාජ්‍ය දේපල මැතිවරණයට භාවිතා නොකරනු, නීතිය සාමය සහ සාධාරණය මේ මැතිවරණයේදී ස්ථාපිත කරනු යන ඉල්ලීම් සඳහා මෙම උද්ඝෝෂණය පැවැත්විණ.
මෙහිදී පැමිණි සිටි සියලු දෙනාගේ අත්සනෙන් යුතු ලියවිල්ලක් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිට භාරදීමට රැගෙන ගියේද ප්‍රංශයේ කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවන සියලුම ශ්‍රී ලාංකික සිංහලයන් අතරේ සුප්‍රසිද්ධ ප්‍රංශයේ ප්‍රථම සිංහල සංවිධානය ආරම්භ කිරීමට පුරෝගාමී වූ පුෂ්පසිරි අල්විස්ය.
ශ්‍රී ලංකාවේ සාධාරණ මැතිවරණයක් නොපවත්වන්නේනම් නැවතත් උද්ඝෝෂණය කිරීමට සහ යුරෝපයේ සෙසු රටවලද මෙවැනිම උද්ඝෝෂණ පැවැත්වීමද සියලු දෙනාගේම ඒකමතික තීරණය විය.
වාර්තාව
නාලක දේවේන්ද්‍රන්
ඡායාරූප - නිමල් රණසිංහ, රොහාන් දයාදර
Post a Comment