අසරණ සිරිසේන, මෝඩිගේ කෑල්ලක් එල්ලගෙන පෞර්ෂය ගන්න හදනවා..අනුර ප‍්‍රියදර්ශන
මෝඩි ගෙ ඇඳුමෙ කෑල්ලක් ගෙනල්ලා එල්ලූවට පෞර්ෂය ඇති වෙන් නෑ.
ජනාධිපති ඉන්නකල් රනිල් වික‍්‍රමසිංහට රජවෙන්නත් බෑ. මේ මගේ පක්ෂෙ මිනිහ මට වඩා වැඩ කලා නේද කියා චන්ද්‍රිකාට කල්පනා වෙනවා. ඒ ගැන දෙන්නටම ඉරිසියාවක් තියෙනවා. රනිල්ගේ තියෙන කුහකකමයි චන්ද්‍රිකාගෙ ඉරාසියාවයි එකතු වුණාම රඡ අම්ලයක් හැදෙනවා. මේ රාජ අම්ලයට තෝරාගත්ත මිනිහා තමයි අපේ මෛත‍්‍රීපාල. ඒකට අලූත් නමකුත් දාල මෛත‍්‍රීපාලනය කියලා අනුකරණවාදියෙක් මැතිවරණයට දැම්මා.චන්ද්‍රිකා ජනාධිපති වෙලා ඉන්න කාලෙ රනිල්ව පෙන්නන්න බැරි චරිතයක් වූ බවත් චන්ද්‍රිකා ඉදිරිපක් කළ ව්‍යවස්ථාව රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය ගිනි තැබූ බවත් අලූ පාර්ලිමේන්තුවට ගෙනත් දැමු බත් පැවසූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන එහෙම අය අද අඹ යාළුවො වී කපුකම් කරන බවත් පැවසීය.
ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මහ මේ බව පැවසුවේ ජනාධිපතිගේ ජය තහවුරු කිරීමට කටුගම්පොල මැතිවරණ කොට්ඨාශයේ මැතිවරණ ජනහමුවක් අමතමිනි.
එම අවස්ථාවේ අදහස් දක්වමින් අනුර ප‍්‍රියදර්ශන මෙසේ අදහස් දක්වන ලදී.
‘මේ ජන්දෙ තියෙන අපූර්වත්වය තමයි අද යූ.ඇන්.පී එකට අපේක්ෂකයෙක් නෑ. ලොකු පක්ෂවලට දේශපාලන කුහකකම නිසා වෙන දේවල් දැන් ඒකෙ නායකයා රනිල් වික‍්‍රමසිංහ මං හිතන්නෙ, ඒ වුණත් එතුමා සූදානම් නෑ පක්ෂ නායකත්වය දාල යන්න. ගියවර ඡන්දෙදි එතුමා ඡන්දෙට එන්නෙ නැතිව ෆොන්සේකාව දාල අතරමං කෙරුවා. දැන් එතුමා මේ සැරේ ආපසු එන්නෙ නෑ. එතුමා වෙනුවට කරූ ජයසූරිය ඉන්නවා. සඡත් පේ‍්‍රමදාස වැන්නවුන් ඉදිරිපත් නොකරන බව ද පැවසීය.
ජනාධිපති ඉන්නකල් රනිල් වික‍්‍රමසිංහට රජවෙන්නත් බෑ. මේ මගේ පක්ෂෙ මිනිහ මට වඩා වැඩ කලා නේද කියා චන්ද්‍රිකාට කල්පනා වෙනවා. ඒ ගැන දෙන්නටම ඉරිසියාවක් තියෙනවා. රනිල්ගේ තියෙන කුහකකමයි චන්ද්‍රිකාගෙ ඉරාසියාවයි එකතු වුණාම රඡ අම්ලයක් හැදෙනවා. මේ රාජ අම්ලයට තෝරාගත්ත මිනිහා තමයි අපේ මෛත‍්‍රීපාල. ඒකට අලූත් නමකුත් දාල මෛත‍්‍රීපාලනය කියලා අනුකරණවාදියෙක් මැතිවරණයට දැම්මා.
අනුකරණය කරන එකේ දේශපාලනයේ තේරුමක් නෑ. හැම නායකයම තමන්ට සුපුරුදු අනන්‍ය වූ පෞර්ෂත්වයක් ගොඩනඟාගන්න ඕන. තමුන්නාන්සේලා දැකලා ඇතිනේ ඇමරිකාවෙ ඡනාධිපති ඔබාමා ඡන්ද රැස්වීමට යන්නෙ ටයි එකක් දාල අත්දෙක නවලා තමයි කතා කරන්නෙ.ඩඞ්ලි සේනානායක මහත්තයා මෙතෙන්ට එන්නැත්තෙ පුෂ්පෝට් එකක් ඇඳලා. බණ්ඩාරනායක නැෂනල් එක ඇඳලා ඊට උඩින් බාපනයක් දාලා.සර් ඡෝන් කොතලාවල අත්කොට කමිසෙයි කලිසමයි ඇඳලා. පේ‍්‍රමදාස මහත්තයා කරක් තියෙන ෂර්ට් එකක් ඇඳලා අත්කොට කමිසයක් ඇඳලා තමයි මැතිවරණ වේදිකාවල සරම ඇඳලා නැග්ගෙ.ඒ හැම නායකයෙකුටම තියෙනවා ස්වාධීන පෞර්ෂයක්. ඒ කට මෝඩි ගෙ ඇඳුමෙ කෑල්ලක් ගෙනල්ලා එල්ලූවට පෞර්ෂය ඇති වෙන් නෑ.
මිත‍්‍රවරුනි පොඩි රටක් නෙමේ මේ රට දැන් ලොකු රටක්.අපේ රටේ ආර්ථීකය වර්ධනය වෙනවා අවුරද්දකට 7.5% කින්. බදු ගහන් නැතිව රට පවත්වාගෙන යන්න බෑ. සුභසාධන ආර්ථීකයක් පවත්වාගෙන යන්න බෑ. එහෙමනම් බදු ගහන්නැත්නම් සෞඛ්‍ය සේවාව නොමිලේ දෙන එක නවතිනවා. අධ්‍යාපනය නොමිලේ දෙන එක නවතිනවා. පාරවල් හදන්න තියෙන සල්ලි නවතිනවා. කෝච්චියේ අඩු මුදලට යන එක නවතිනවා. බස් එකේ අඩු මුදලට යන එක නවතිනවා.
ලෝකෙ හැම රටක්ම රට සංවර්ධනය කරන්න බදු ගන්නවා දැන් මේ ගොල්ලො කියනවා බදු වැඩියි. මොනාද? වැඩි, ඒ ගොල්ලො කියනවා ඛනිඡතෙල් වලට 1/3 ක් බදු ගන්නවා. ඛනිඡු තෙල් රටේ විකුණන කොට අපේ රට ගේන මුදලයි විකුණන මුදලයි අතරෙ අපේ නිෂ්පාදන වියදමෙන් 1/3 ක් බදු වලට ගන්නවා. මේක ඇත්ත. බදු අරගෙන කාගෙවත් සාක්කුවට ඒක යනවද? ඒ කියන්නෙ ඒක යන්නෙ රාඡ භණ්ඩාගාරයට. ඒ මුදලින් තමයි පාසල් නඩත්තු කරන්නෙ, අධ්‍යාපනය දෙන්නෙ, සෞඛ්‍ය සේවාවට බෙහෙත් ගන්නෙ, රාඡය සේවයේ නිලධාරීන්ට පඩි ගෙවන්නෙ, කෝච්චි දුවන්නෙ, බස් දුවන්නෙ, පොහොර සහනාධාරය දෙන්නෙ, සමෘද්ධි සහනාධාරය දෙන්නෙ, නිවාස ආධාර දෙන්නෙ මේ ඔක්කොම කරන්නෙ කොහෙන්ද?
චම්පික රණවක ආණ්ඩුවෙ ඉඳලා වචනයක් කථා නොකර ගිහිල්ලා ඛනිජතෙල්වලට බදු ගැනීම වැරදියි කියනවා. එහෙම අය කරන්නෙ නැත්නම් එයා කියන්න ඕන ආණ්ඩුවට ආදායම් ගන්න අනිත් විධිය. ඛනිඡු තෙල්වලට, අනෙකුත් දේවල්වලට බදු අය කරන්නෙ නැත්නම් එයා අපට කියන්න ඕන මේ සුබසාධන ආර්ථීකය ගේන අනිත් විධිය කොහොමද? ආණ්ඩුවට සල්ලි එන්නෙ කියලා. ඒක මං හිතන්නෑ එතුමට කියන්න පුළුවන් කියලා.ඒ නිසා රටක් ගෙනියනවා කියන එක අමාරුයි.එදාට වඩා අද රට සංකීර්ණයි.
ආණ්ඩුව අය බදු අය කරන්න ඕන. රටේ ආදායම් බදු අය වෙන්න ඕන. නිෂ්පාදන බදු අය වෙන්න ඕන.ඒ අයවීම හරහා තමයි ලංකාව වගේ රටකට මේ විශාල සහනාධාර ක‍්‍රම අරන් යන්නෙ. මං බැලූවා නෝර්වේ රටේ, නෝර්වේ රට බහුලවම තෙල් නිෂ්පාදනය කරන රටක් අති ධනවත් රටක්. පෙට‍්‍රල් ලීටර 1 ක් විකුණුවොත් ඒ වෙනුවෙන් බදු අය කරනවා 157% ක් රටේ සෑම සේවකයෙකුගෙන්ම 35% ක් පමණ බදු අය කරනවා. ඒක තමයි ඒ ගොල්ලන්ගෙ පෙන්ෂන් එක. සුභසාධක ආර්ථීකයක් ලෝකෙ හරිම වැදගත්
අද විපක්ෂය කියනවා අප බදු නැති කරනවා කියා අනිත් පැත්තෙන් කියනවා සුබසාධන ආර්ථිකය ඇති කරනවා කියලා. ඒ ගොල්ලන්ගෙන් කවදාවත් ආයෙ මහලූ මිනිස්සුන්ට සල්ලි හම්බවෙන්නෙ නෑ ගෙවල් නැති මිනිස්සුන්ට ගෙවල් ගන්න සල්ලි දෙන් නෑ. රාඡ පඩි වැඩි කරන්න බෑ රඡයේ සේවකයන්ගෙ.
තමුන්නාන්සේලා දන්නවා කටුනායක අධිවේගී මාර්ගය හදන්න පටන්ගත්තෙ 1967. මට මතකයි මම ඉස්කෝලෙ යනවා කොළඹ. එදා තමයි මම බ්‍රෙඡුර් යන්ත‍්‍රයක් දැක්කෙ. කැළණි ගෙඟ් බ්‍රෙඡ කොරලා වැලි පොම්ප කෙරුවා.67 ආණ්ඩුව 70 පෙරලූවා.පෙරලූණාම සිරිමාවෝ බණ්ඩාරනායක ඇතුළු ආණ්ඩුව තීන්දු කෙරුවා ඔය අධිවේගී මාර්ගය වෙනුවට ලංකාවට හොඳයි මේ කටුනායක – කොළඹ මාර්ගය පළල් කරන එක. නොබැඳි සමුළුවට පළල් කෙරුවා පලල් කෙරුවා අම්ම අප්ප නැති වෙන්න බැනුම් ඇහුවා. අඩි 8 ක් පළල් කරපුවාම ආණ්ඩුවට නැතිවෙන්න බැන්නා. ගෙවල් කඩනවා අපරාධයක් කරන්නෙ මේ පිටරටින් එන එවුන්ට මොකටද පාරවල් ආණ්ඩුව කඩා වැටුණා. 78 ආපු ආණ්ඩුවට මේක කරගන්න බැරි වුණා ආපහු අත තිබ්බෙ චන්ද්‍රිකා . අන්තිමට එයාටත් කරගන්න බැරි වුණා. එයා දාල ගියා ඒ කොම්පැණිය දාල ගියා. ඒ දාල ගිය කොම්පැණියෙ වැඬේ කරන්න අත තිබ්බෙ ඡුනාධිපති එතුමා අධිවේගී මාර්ගව ඉදි කළ බවත් පැවසීය. ඒ සඳහා ආර්ථික දර්ශනයක් එඩිතර තීන්දු ගත හැකි නායකත්වයකත් අවශ්‍ය බව ද අනුර ප‍්‍රියදර්ශන මෙහිදී තවදුරටත් පැවසීය.
– ජනක හඳුන්පතිරාජ
Post a Comment