හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හමුවුණා. අප සියලු දෙනාම එක්ව රටේ නායකත්වය වෙනස් කළ යුතුයි. මිනී මරපු මිනිස්සු අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. කරුණා වගේ අයත් ඒ අතර ඉන්නවා. නමුත් අසරණ ළමයි පුනරුත්ථාපන කඳවුරුවල දුක් විඳිනවා. ඒ නිසා වෙනත් පාලනයකට යන්න ඕන. රදගුරු රායප්පු ජෝශප් පැමිණ සිටි පිරිස අමතා ප්‍රකාශ කළේය.රදගුරු රායප්පු ජෝශප්ගේ මූලිකත්වයෙන් ඉකුත් සතියේදී සිවිල් සංවිධානයක්ද පිහිටවා ගෙන ඇති අතර එය දෙමළ සිවිල් සංවිධාන සංසදය ලෙස නම් කර තිබේ. ආගමික කටයුතුවලට අමතරව දේශපාලන කටයුතු සඳහා මැදිහත්වී කටයුතු කිරීම මෙම සංවිධානයේ අරමුණ වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙයට පෙර ඉකුත් මාර්තු 03 වැනිදා රායප්පු ජෝශප් රදගුරුවරයා එක්සත් ජාතීන්ගේ එවකට මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලෙයිට උතුරේ දෙමළ ජනතාවගේ භූමියේ පැවැති හමුදා මෙහෙයුම් සම්බන්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව දන්වා ලිපියක් යවා තිබිණි. ඊට කතෝලික පූජකවරුන් 205 දෙනකුගේ අත්සන් ලබා ගැනීමට රදගුරු රායප්පු ජෝශප් කටයුතු කර තිබිණි.
Post a Comment