පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සිදු වී ඇත්තේ ගහට නැගපු මනුස්සයගෙ වළල්ල වැටුණා වගේ වැඩක් යයි අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මාතර, හක්මන් නගරයේ පැවැති ජන හමුවකදී කීය.
ඔහු එහිදී මෙසේද පැවසීය.
‘පොදු අපේක්ෂකයාට වෙලා තියෙන්නෙ ගහට නැගපු මනුස්සයට වළල්ල වැටුණා වගේ වැඩක්. ගහට නැග්ගෙ හුගාක් දේවල් බලාපොරොත්තුවෙන්. වළල්ල වැටුණම ගහෙන් බහින්න බැරි තත්ත්වයකට පත්වෙලා. ඒ නිසා අද අපට තියෙන පොදු අපේක්ෂාව දිනාගන්න ඔබ අප සියලූ දෙනාම, වෙන භේදයක් නැතුව එක්විය යුතුයි.
කාටවත් වෙන විකල්ප හොයන්න අවශ්‍ය නෑ.එහෙම විකල්ප කෙනෙක් නැහැ.ඒ නිසා පස්සේ දුක්වෙන්න හිතන්නෙ නැතුව වෙන විකල්පවලට රැවටෙන්නෙ නැතුව මේ දිනාගත් නිදහසත් එක්ක සංවර්ධන ඉදිරියට ගෙනියන්න මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපති කළ යුතුයි.ඒ සදහා අප සැවොම එක්විය යුතුයි’
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment