සිඞ්නිහි මාර්ටින් ප්ලේස්හි අවන්හලක් සිය ග‍්‍රහණයට නතු කරගෙන සිටින අයි.එස්. (මුස්ලිම්)(also known as Islamic State) ත‍්‍රස්තවාදීන් කළු කොඩි ප‍්‍රදර්ශනය කරමින් එ් තුළ සිටින සේවකයන් හා සාමාන්‍ය සිවිල් වැසියන් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා සිටිති.එය වටලමින් සිඞ්නි ආරක්ෂක අංශ මුරකාවල් යොදවා ප‍්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට මෙහෙයුම් කරමින් සිටියි.
මේ අතර 5 දෙනෙක් අවන්හල තුළ සිට දිවිගලවාගෙන එළියට ඒමට හැකිවූ බව එරට වාර්තා පවසයි.
ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නිහි අවන්හලක් තුළ අයි.එස්. ත‍්‍රස්තවාදියකුගේ ප‍්‍රාණ ඇපයේ සිටින්නන් අතර කිසිදු ශ‍්‍රී ලාංකිකයකු නොමැති බව තහවුරු වී ඇතැයි එරට ශ‍්‍රී ලංකා මහකොමසාරිස් බන්දුල ජයසේකර පවසයි.
සිඞ්නිහි ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා එහි තත්ත්වය පිළිබඳ තොරතුරු අධීකෂණයේ යෙදෙන බව හෙතෙම අවධාරණය කළේ ය.
සිඞ්නිහි පිහිටි ශ‍්‍රී ලංකා කොන්සල් කාර්යාලය මේ වනවිට වසා දමා එහි කාර්ය මණ්ඩලය සුරක්ෂිත ස්ථාන කරා යවා ඇතැයි හෙතෙම පෙන්වා දෙයි. එහි සිටින ශ‍්‍රී ලාංකිකයන් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින බව ද ජයසේකර පැවැසී ය.
ඕස්ටේ‍්‍රලියාවේ සිඩ්නිහි අවන්හලක් අයි.එස්. ත‍්‍රස්ත ග‍්‍රහණයට පත්වීමත් සමඟ පිහිටි ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වසා දමා තිබේ.
එහි සිටින සියලු ශ‍්‍රී ලාංකිකයන් ආරක්ෂිත බව එහි ශ‍්‍රී ලංකා මහකොමසාරිස් බන්දුල ජයසේකර පවසයි.මේ අතර, සිඞ්නිහි දැනට මතුව ඇති නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ එහි ජීවත් වන සියලූ ශ‍්‍රී ලාංකිකයන් පිළිබඳ හා එ් ආශ‍්‍රිත සියලූ තොරතුරු එක්රැුස් කරමින් පවතින බව හෙතෙම පෙන්වා දෙයි.මේ අතර අද දිනයේ දී සිඞ්නිහි පැවැත්වෙන සියලූ නත්තල් සැමරුම් තාවකාලිකව අත්හිටුවීමට එරට රජය පියවර ගෙන තිබේ.සිඞ්නි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ හැකිතාක් ආරක්ෂිත ස්ථාන කරා ගමන් ගන්නා ලෙසත් නගරයට පැමිණීමෙන් වළකින ලෙසත් ය.
මෙම තත්ත්වය හේතුවෙන් අද දිනයේ දී එහි පැවැත්වෙන දේව මෙහෙයන් ද තාවකාලිකව අත්හිටුවා ඇතැයි එරට වාර්තා පවසයි.
සිඞ්නිහි මාර්ටින් ප්ලේස්හි අවන්හලක් සිය ග‍්‍රහණයට නතු කරගෙන සිටින අයි.එස්. ත‍්‍රස්තවාදීන් කළු කොඩි ප‍්‍රදර්ශනය කරමින් එ් තුළ සිටින සේවකයන් හා සාමාන්‍ය සිවිල් වැසියන් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා සිටිති.
එය වටලමින් සිඞ්නි ආරක්ෂක අංශ මුරකාවල් යොදවා ප‍්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට මෙහෙයුම් කරමින් සිටියි.
මේ අතර 5 දෙනෙක් අවන්හල තුළ සිට දිවිගලවාගෙන එළියට ඒමට හැකිවූ බව එරට වාර්තා පවසයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment