‘කන් ඇහෙන්නේ නැති, ඇස් පෙනෙන්නේ නැති, වීණා හඬ ඇහෙන්නේ නැති පුද්ගලයකු ඉදිරියේ වීණාව වයලා වැඩක් නැහැ. එ් නිසා අදින් පස්සේ මම වීණාව වයන්නේ වීණා හඬ ඇහෙන පුද්ගලයා ඉදිරියේ පමණයි.’
එළැඹෙන ජනාධිපතිවරණයේදී තමන් පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේනට සහයෝගය දක්වන බව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක පවසයි.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කලේ තමන් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂට අවස්ථා දෙකකදී සහය දුන්න දල ඔහු කලාව නගා සිටුවීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළ බවයි.
‘කන් ඇහෙන්නේ නැති, ඇස් පෙනෙන්නේ නැති, වීණා හඬ ඇහෙන්නේ නැති පුද්ගලයකු ඉදිරියේ වීණාව වයලා වැඩක් නැහැ. එ් නිසා අදින් පස්සේ මම වීණාව වයන්නේ වීණා හඬ ඇහෙන පුද්ගලයා ඉදිරියේ පමණයි.’ යැයි චිත‍්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක පවසයි. තමන් විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය ලබාදෙන බව පැවසීම සඳහා අද කොළඹ දී පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේ ය.
මෙම අවස්ථාවට නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනයක, සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ, රංගන ශිල්පි ලක්ෂ්මන් මෙන්ඩිස්, චිත‍්‍රපට අධ්‍යක්ෂ බෙනට් රත්නායක, සිනමා නිෂ්පාදක ගයාන් රණධීර, ජගත් බෙනරගම, නලින් ප‍්‍රදීප් උඩුවෙල යන රංගන ශිල්පීන් ද සහභාගි වූහ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment