ඔස්ට්‍රේලියානු ආපනශාලාවක ත්‍රස්තවාදීන් විසින් රඳවා සිටි ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට එරට ආරක්ෂක අංශ කළ මෙහෙයුමේදී පුද්ගලයින් දෙදෙනකු මියගොස් තිදෙනකු බරපතළ තුවාල ලබා ඇති බවට ඊයේ විදෙස් වාර්තා හෙළි කළේය.
මන්හාරන් මෝනිස් නමැති (49) ඉරාන සම්භවයක් සහිත ත්‍රස්තවාදියාද මෙම මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත් වී ඇත.
මෙම ත්‍රස්තවාදියා ස්ත්‍රී දූෂණ සොරකම් චෝදනා ලැබූවකු බවටද ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව සිඩ්නි නුවර පිහිටි මෙරට මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන සියලු නිලධාරීන්ගේ ආරක්ෂාව මේ වන විට තහවුරු කර ඇති බවත් ඔවුන් විශේෂ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලාපොරොත්තු වන අතරම ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගත් පිරිස අතර කිසිදු ශ්‍රී ලාංකිකයකු නොමැති යැයි සිඩ්නි නුවර පිහිටි මෙරට මහකොමසාරිස් කාර්යාලයේ කොන්සල් ජනරාල් බන්දුල ජයසේකර සනාථ කර ඇත.
මෙම සිද්ධියත් සමග සිඩ්නි නුවර සිටින ශ්‍රී ලාංකියන්ගේ ආරක්ෂාව පිළිබඳ දිගින් දිගටම සොයාබැලීමට කටයුතු කරන බවත් ඒ සඳහා ඔස්ට්‍රේලියානු බලධාරීන් සමග එක්ව තොරතුරු බෙදාගනිමින් සිටින බවත් හෙතෙම පැවසීය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment