BREAKING NEWS

රටතොට

Wednesday, December 10, 2014

පොදු අපේක්ෂකයා සන්ධානයේ නිල ෆේස්බුක් ගිණුම හොරා ගනී....!!!


පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ලේකම්වරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිල ෆේස්බුක් ගිණුම අවභාවිත කරමින් සිටින බව වාර්ථා වන බව ලංකා සී නිව්ස් වෙබ් අඩවිය පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් මීට වසර කිහිපයකට පෙර නිර්මාණය කල මේ නිල ෆේස්බුක් ගිණුම අද වන විට එහි ඇඞ්මින් වරයා තමන්ගේ පාර්ශවයට ගැනීම හරහා තමාගේ මැතිවරණ ප‍්‍රචාරණයට ඉතාමත් නිර්ලජ්ජී ලෙස භාවිතා කරමින් තිබෙන අයුරු නිරීක්ෂණය කළ හැක.
එහෙයින්   (අව )මංගල පිහිටුවා  ඇති විරුද්ධ පාක්‍ෂිකයනට මඩ  ගැසීමේ කල්ළියේ තුට්ටු දෙකේ  වැඩක් බව පෙනේ....

මෛත‍්‍රීපාල සිරිසේන  ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමෙන් පසුද මෙලෙස ශ‍්‍රීලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිල ෆේබුක් මාධ්‍ය අවභාවිතයේ යොදා ගැනීම සිරිසේන ම මෙවැනි ඔහුම පවසන යහපාලනයදැයි එක්සත් සංධාන ඉහළ පෙලේ නියෝජිතයෙකු අප හා සාකච්චාවකට එක්වෙමින් ප‍්‍රශ්න කළේය.


චෞර රැුජිණ යන අර්වර්ථ නාමයද පටබැඳි චන්ද‍්‍රිකා කුමාරතුංග  සමග යහපාලනය පිළිබඳ සිහින පාට කරන සිරිසේන ගේ මෙම හැසිරීම එක අතකින් එතරම් පුදුම් විය යුතු නැතැයිද ඔහු තව දුරටත් පැවසීය.

බොහෝ විට සම්පූර්ණ අසත්‍ය ප‍්‍රචාර යවමින් තමන් වටා විශාල පිරිසක් එක් වෙමින් සිටින්නේ යැයි පෙන්වීමට මේ ගිණුම හරහා බොහෝ වර උත්සාහ ගෙන තිබේ. පසුගියදා එහි පුවතක් පළකරමින් රංජිත් සියඹලාපිටිය  සිරිසේන ට සහාය පල කිරීමට නුවර මැතිවරණ වේදිකාවට ගොඩ වෙනු ඇතැයි ප‍්‍රකාශ කර තිබූ මුත් අප වෙත අදහස් පළකල සියඹලාපිටිය ඒ අදහස පිළිකුලෙන් යුතුව හෙලා දැක්කේය. එය සිර‍්‍රිසේන ගේ ෆේස්බුක් කටකතා මෙහෙයුමේ එක් අලජ්ජී පියවරක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ෆේස්බුක් ගිණුමේ අතීත ක‍්‍රියාකාරකම් HISTORY නිරීක්ෂණයදී එය මීට මසකට පමණ පෙරද මහින්ද රාජපෂ  වෙනුවෙනුත් එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවෙනුත් ප‍්‍රචාරණයේ යෙදුනු අයුරු තවමත් දැක ගත හැකි බව ලංකා සී නිව්ස් වෙබ් අඩවිය පවසයි.

කෙසේ වුවත් මේ ගැන වැඩිදුරටත් තොරතුරැු සොයා බැලූ විට මෙම ගිණුම සත්‍ය වශයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධනායේ නිල ෆේස්බුක් ගිණුම බවත්, අතීතයේ එය මහින්ද රාජපක්ෂ ගේ ප‍්‍රචාරණ කටයුතු වලට යොදාගෙන ඇති බවත් ගොසිප් සිංහල නිව්ස් වෙබ් අඩවියටද දැනගැනීමට හැකිවිය. තව දුරටත් එය සනාත කරමින් දැනට මෙම පේජය පවත්වාගෙන යන මෛත‍්‍රී පාර්ශවය විසින් පහත පණිවුඩය එහි ඉහළින්ම සටහන් කර ඇත.

...මේ මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ ප‍්‍රචාරක අංශය මගින් පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන ගේ කීර්තියට හානි කිරීමටත්, නාමල් රාජපක්ෂ ඇතුළු තවත් ප‍්‍රභල රජපක්ෂ කණ්ඩායමේ මන්ත‍්‍රීවරුන්ට එල්ලවූ තුර්කි ලයික් අපවාදයෙන් මිදීමටත් මෙය භාවිතා කිරීම සඳහා ගොඩනැගූ පේජයකි. මෛත‍්‍රීපාල මහතා වටා ගොඩනැගෙමින් පවතින දැවැන්ත ජනමතය හමුවේ මෙවැනි වංක ක‍්‍රියාමාර්ග මගින් මිස සාධාරණ චන්ද ව්‍යාපාරයකින් ජයගැනිය නොහැකි බව රාජපක්ෂ කණ්ඩායමට අවබෝධ වී ඇත...

පහත සබැදියෙන් මෙම ෆෙස් බුක් ගිණුම වෙත පිවිසය හැක..
https://www.facebook.com/slupfa

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger