නව වසර උදාවූයේ කොළඹ දිස්ති‍්‍රක් එජාප මන්තී‍්‍ර ටී. මහේෂ්වරන් මහතා කුරිරු ලෙස ඝාතනය කිරීමේ පුවත රැව් පිළිරැව් දෙමිනි. මෙය කොටි ත්‍රස්තවාදය 2008 වසරට ලබාගත් පළමුවන බිල්ලයි. පොලීසිය ඒ පිළිබඳව තවමත් පරීක්ෂණ පවත්වමින් සිටී.
යළිත් බදාදා එනම් ජනවාරි 2 දා උදෑසන කොටි සංවිධානය නාරාහේන්පිට හමුදා රෝහලට රෝගී සොල්දාදුවන් රැගෙන යමින් සිටි හමුදා බස් රථයක් ඉලක්ක කොට ක්ලේමෝ බෝම්බයක් පිපිරවීය.
කෙසේ වෙතත් මේ වන විට කොටි ත්‍රස්තවාදය පරදවමින් රජයේ ආරක්ෂක හමුදා ජයග්‍රාහී මාවතට අවතීර්ණ වී සිටී.
මේ අතර රටේ වර්ගවාදී අරගලය පිළිබඳ ඉතා වැදගත් තීන්දුවක් අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය බදාදා රාතී‍්‍ර ගනු ලැබීය.
ඒ වසර පහක් පුරා නිල නොවන පරිද්දෙන් කඩකරමින් පැවැති සටන් විරාම ගිවිසුම අහෝසි කිරීම පිළිබඳව තීරණයයි.
එහෙත් ඒ පිළිබඳව පළමුවන සංඥාව ඊට කලින් සිකුරාදා වන විට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කොට තිබිණි. ඒ මේ ලේඛකයා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකදීය.
පසුගිය බදාදා අගමැති රත්නසිරි වික්‍රමනායක විසින් සටන් විරාම ගිවිසුම අහෝසි කිරීම පිළිබඳ යෝජනාව ඇමැති මණ්ඩලය ඉදිරිපිට තබන ලදී.
එම නිසා නිදහස ලැබීමෙන් පසුව මෙතෙක් පත්වූ රජයන් අතරින් කොටි සංවිධානය පිළිබඳව කෙළින්ම තීරණයක් ගත් රජය මේ රජය විය හැකිය.
කොටි සංවිධානය සමඟ නොයෙක් රජයන් බොහෝ සටන්විරාම ගිවිසුම් ඇතිකරගන්නත් ඒවා ලියවිලිවලට පමණක් සීමාවූ ඒවා විය.
නිත්‍යනුකූල රජයක් සමඟ ගිවිසුමට එළඹෙන විරුද්ධ පාර්ශවය ද ඊට අනුකූල වීමට බැඳී සිටිය යුතුය. එය එසේ නොවීනම් ඉන් ඉවත්වීමට නිත්‍යනුකූල රජයක් බැඳී සිටී.
ප්රභාකරන් සමඟ ඊනියා සටන් විරාම ගිවිසුම අස්සන් කළ දුරදක්නා නුවණින් තොර දේශපාලකයෝ ප්රභාකරන් උතුරු නැඟෙනහිර කළ සියලු ත්‍රස්තවාදී කි‍්‍රයා හමුවේ අඳ නෙතින් පසුවූහ. එහෙත් මේ රජය මේ ක්‍රමය තවත් දිගු කාලයක් ගෙනයාමට කැමති වූයේ නැත.
2002 සටන්විරාම ගිවිසුම අස්සන් කරන විට කොටි සංවිධානය වන්නියේ දුෂ්කරතාවන්ට මුහුණපා සිටියේය. නැගෙනහිර ද ඔවුන්ට යහපත් වාතාවරණයක් තිබුණේ නැත. ඒ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් බැටකෑ ඇමෙරිකාව ඔවුන් දෙස ද එම ඇසින් බලන්නට වූ බැවිනි. සටන් විරාම ගිවිසුම රනිල් වික්‍රමසිංහ සමග අස්සන් කළද ප්රභාකරන් නම් වූ මේ කොටි නායකයා ඇත්ත වශයෙන් ම වර්ගවාදී අරගලයට සාමකාමී විසඳුමක් සඳහා පෙනී සිටින නායකයකු නොවන බව දැන් ආරක්ෂක හමුදා විසින් පැහැදිලිව ඔප්පු කොට තිබේ.
සටන් විරාම ගිවිසුම ඔවුන් ගේ ත්‍රස්තවාදි මෙහෙයුම් සඳහා කරන ලද ආවරණයක් පමණි. ඔහු දෙමළ ඊලම නම් වු සිය දහවල් සිහිනය සැබෑ කරගනු වස් ගත් ත්‍රස්ත පියවරයන් වසා ගැනීමට සටන් විරාම ගිවිසුම ආවරණයක් කර ගත්තේය.
සටන් විරාම ගිවිසුම හරහා කොටි සංවිධානයට එරෙහි වූ බුද්ධි නායකයන් හා දේශපාලන නායකයන් බොහෝ දෙනෙක් දිවි පිදූහ. රජයේ ආරක්ෂක හමුදා සඳහා සේවය කළ බුද්ධි අංශ සාමාජිකයින් බොහෝ දෙනෙක් ද කොටි සංවිධානයේ තුවක්කුවලට ගොදුරු වූහ.
2005 මැයි 30 වනදා නාරාහේන්පිට දි මරා දැමූ ලුතිනන් කර්නල් ටී. ඇන්. මුතාලිබ්, 2005 ඔක් 30 කිරිබත්ගොඩදී ඝාතනය කළ ලුතිනන් කර්නල් ටී. ආර්. මීඩින් සටන් විරාම ගිවිසුමට මුවාවී කොටි සංවිධානය බිල්ලට ගත් උසස් බුද්ධි අංශ නිලධාරින්ය.
මේ අතර සටන් විරාම ගිවිසුම වෙනුවෙන් සිය ගණනක් ඊ.පී.ඩී.පී. සාමාජිකයෝ ද සිය ජීවිත බිලි දුන්හ.
මේ සියලු ඝාතන හමුවේ ඊනියා සටන් විරාම නිරීක්ෂකයෝ අසරණව බලා සිටියහ.
මෙසේ සටන් විරාමය කඩ වෙද්දී තායිලන්තය තුන් වරක් ද, ජපානයේ, ජර්මනියේ හා නෝර්වේහිදි එක්වර බැගින් ද සියවරක් සාම සාකච්ඡා පැවැත්විණි. මේ සාම සාකච්ඡාවන් සෑම එකකදීම සිදුවූයේ අතට අත දී තීරණයක් නොමැතිව විසිර යාම පමණි.
අන්තිමේ දී සටන් විරාම ගිවිසුම ඒක පාක්ෂික එකක් විය. රජයේ හමුදා පමණක් ඊට අවනත වූ අතර කොටි සංවිධානය සිය අවි හරඹ නොනැවති පවත්වාගෙන ගියහ.
කොටි සංවිධානය මාර්ග බාධක අතරින් තම යුද අවි වන්නියට ප්‍රවාහනය කරද්දි ආරක්ෂක හමුදාවන්ට නිහඬව බලා සිටින්නට සිදුවිය. සටන් විරාමයට මුවාවී කොටි රජයේ පාලන ප්‍රදේශවලට පෙනි පෙනී කඩා වදිද්දී ද රජයට සිදුවූයේ නිහඬව බලා සිටින්නටය.
සටන් විරාම ගිවිසුම අස්සන් කරද්දි සිටි ආරක්ෂක ලේකම් තිලක් මාරපන විසින් ති‍්‍රකුණාමලය වරාය අවට කොටි කඳවුරු තිබුණු බව එවකට සිටි විපක්ෂයේ මන්ති‍්‍රවරයකු වන අභාවප්‍රාප්ත ලක්ෂමන් කදිර්ගාමර් විසින් පාර්ලිමේන්තුවේ දි ඇසූ පැනයකට පිළිතුරු දෙමින් පිළිගෙන තිබිණි.
එහෙත් ඉන්පසු ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යටතට ගත් පසුව ද කිසිදු වෙනසක් සිදු නෙවීය.
කොටි සංවිධානයට එරෙහිව අදහස් ප්‍රකාශ කළ හෝ කි‍්‍රයාත්මක වූ සියලු දෙනාම ඔවුන් විසින් ක්‍රෑර ලෙස මරා දමනු ලැබූහ.
2005 අගෝස්තු 15 වෙනිදා හිටපු විදේශ අමාත්‍ය ලක්ෂමන් කදිර්ගාමර් මහතා දිවි පිදුවේ කොටි සංවිධානයට විරුද්ධ වූ බැවිනි. එය කොටි සංවිධානය විසින් දරුණු ලෙස සටන් විරාම ගිවිසුම කඩ කිරීමකි.
ඊළඟට කොටි සංවිධානය සටන් විරාමයට මුවාවී සුනාමි ප්රතිසංවිධාන ආධාර ද ලබා ගත්හ. මේ සියල්ල රජය විසින් සාමයේ නාමයෙන් අමතක කර දැමුයේ සාමයේ ආලෝකයක් දැකීමේ බලාපොරොත්තුවෙනි.
2006 පෙබරවාරි 22 දින සටන් විරාම ගිවිසුමේ හතරවන සංවත්සරය සමරන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මුල්වරට සාම සාකච්ඡා පැවැත්විණි.
එහෙත් එය ද අසාර්ථක ප්රයත්නයක් විය. මේ වනවිට කොටි සංවිධානය උතුරු නැඟෙනහිර දී ආරක්ෂක හමුදා සාමාජිකයන් 264 දෙනකුට වඩා ක්ලේමෝ බෝම්බවලට ගොදුරුකොට මරා දමමින් සිය ත්‍රස්ත මාර්ගයේ තවදුරටත් ගමන් කරමින් සිටී.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මරා දැමීමට කොටි සංවිධානය කළ ප්රයත්නයන් වාසනාවකට මෙන් සාර්ථක වූයේ නැත. එහෙත් මේජර් ජෙනරාල් පාරමී කුලතුංග ඝාතනය කිරීමට 2006 ජූනි 26 වැනිදා ඔවුන් කළ තැත සාර්ථක විය.
2005 අප්‍රියෙල් 25 වෙනිදා යුද හමුදාපති වරයා ඝාතන තැතින් පසුව එදිනම සවස 5.05ට ආරක්ෂක හමුදා තුවක්කු කෙලින්ම කොටි සංවිධානය වෙත එල්ලවිය.
2006 ජූනි 15 දා කැබිතිගොල්ලෑව දී සිවිල් වැසියන් 64 දෙනකු මරා දමමින් ක්ලේමෝ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් පසුවද ආරක්ෂක හමුදා එලෙසින්ම කි‍්‍රයාත්මක විය.
කෙසේවෙතත් ආරක්ෂක හමුදා කෙලින්ම කොටි සංවිධානයට එරෙහිව යුද වැදුණේ මාවිල්ආරු අමුණ වසා දැමීමේ සිද්ධියත් සමඟමය.
ඉන්පසුව 2006 අගෝස්තු 11 වැනි දින යාපනය අර්ධද්වීපය හා මුතූර් අල්ලා ගැනීමට කොටි සංවිධානය තැත්කිරීමෙන් පසුව සටන උග්‍රවිය.
මෙහිදී ඇරැඹි යුද්ධය සාම්පූර්, ඊතලම්පත්තු, වාකරේ, කදිරවේලි බටහිර, දකුණු මඩකලපුව අල්ලාගෙන 2007 සැප්තැම්බරයේ දී තොප්පිගල අල්ලා ගැනීමෙන් කෙළවර වූයේ මුළු නැඟෙනහිර පළාතම ආරක්ෂක හමුදා යටතට පත්වීමෙනි.
මෙසේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ රජයේ පැහැදිලි ප්‍රතිපත්තිය නිසා ආරක්ෂක හමුදාවන්ට නැඟෙනහිර මෙන්ම යාපනය අර්ධද්වීපයේ ද කොටි තර්ජන අවසන් කිරීමට හැකිවිය.
මෙසේ කොටි ත්රස්තවාදයට හා කොටි සංවිධානයට එරෙහිව සටන් වැඩි වෙද්දිම රජය සටන් විරාම ගිවිසුම අවලංගු කරන්නට තීරණය කෙළේය.
මේ තීරණයට එරෙහිව කොටි සංවිධානයට කළ හැකි එකම දෙය වන්නේ අන්තර්ජාතික වශයෙන් යම් විරුද්ධතාවක් දියත් කිරීම පමණි.
එහෙත් මීට පෙර දෙවතාවක්ම සටන් විරාම ගිවිසුම ලියවිල්ලක් පමණක් යැයි කියමින් කොටි නායක ප්රභාකරන් අන්තර්ජාතික ප්‍රජාව හමුවේ ප්‍රකාශ කළ අයුරු අමතක කළ නොහැකිය.
සටන් විරාම ගිවිසුමෙන් නීත්‍යානුකූලව ඉවත් නොවුවත් ඉන් වැඩක් නැති බව ඔහු එදා කියා සිටියේය.
මේ අනුව අන්තර්ජාතික ප්‍රජාව රජයේ තීරණයට පටහැනි වේ යැයි සිතිය නොහැක. රජය කි‍්‍රයා කරන්නේ ශ්‍රී ලංකා භූමිය කොටි ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමටය.
ආරක්ෂක හමුදා දැනටමත් සිය මෙහෙයුම් වලින් සන්නද්ධව ඉදිරියට යාමට සූදානමින් සිටී. අන්තර්ජාතික ප්‍රජාවගේ පීඩනයකින් තොරව රජයේ හමුදාවන්ට එය තවදුරටත් කරගෙන යා හැකිය.
අනෙක් අතින් බලන කළ රටපුරා බෝම්බ පුපුරවමින් කරනු ලබන ම්ලේච්ඡ ඝාතන නිසා මේ පිළිබඳව හඬක් නැඟීමට කොටි සංවිධානයට ද දුෂ්කරය.
කෙසේ වෙතත් ආරක්ෂක හමුදා දැන් සිය ජයග්‍රාහී මාවතේ ඉලක්කය කරා යමින් සිටින බව පැහැදිලිය. උතුරු නැඟෙනහිර මුළුමනින්ම කොටි සංවිධානය පරාජය කොට දෙමළ ප්‍රජාව සඳහා සැබෑ දේශපාලන විසඳුමක් ලබාදීමට රජය ඇපකැපවී සිටී.
එමනිසා සටන් විරාම ගිවිසුම අවලංගු කිරීමෙන් පසු කොටි සංවිධානයට සැබෑ පරාජය හඳුන්වාදී වසර ගණනාවක් පුරා දෙමළ ජනතාව බලාපොරොත්තු වූ දේශපාලන විසඳුම ලබා ගැනීම පහසුවනු ඇත.
ත්‍රස්තවාදය වළක්වාලීමට වසර හයක් පුරා පැවැති ලියැවිල්ලකට සීමාවූ සටන් විරාම ගිවිසුමකින් වැඩක් නොවන බව එවිට පැහැදිලිවනු ඇත.
Post a Comment