BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, December 26, 2014

අහස් ගව්වේ ටි‍්‍රප් එකේදි ආ බඹරු.!!!.

ධර්මසේන පතිරාජ ගැන

කලාවට සිත ඇදිලා ගියේ කොහොමද...?
සිනමාව කියන එක අපේ පවුලෙන් ආපු එකක් නොවෙයි. අපේ අයියලා සාහිත්‍ය කවිය සහ පත්තර කලාවටයි බර වුණේ. අපේ ලොකු අයියා ආරිවංශ පතිරාජ ඇත්ත පත්තරේ පටන් ගන්නත් මුල් වුණානේ
.

පතීගේ පාසල් අවධිය කොහොමද?
අපේ ගම පේරාදෙණිය. මම මුලින්ම ගියේ පේරාදෙණිය ස්ටේෂන් එක ගාව ඉස්කෝලෙට. මිනිස්සු ඒකට කිව්වේ බයිලිංගල් එක කියලා. පස්සෙ කාලෙකයි මාත් එ්කෙ තේරුම දැන ගත්තේ. ගමේ අය ඉසකසබටම්ක හෙවත් ද්විභාෂා පාසල කියන තේරුමෙනුයි බයිලිංගල් කියලා තියෙන්නෙ. ජ්‍යෙෂ්ඨ ඉංගී‍්‍රසි පාසල කියල තවත් එකක් තිබුණා. අපි කට්ටියම ඒකටත් ගියා. ඊටත් පස්සෙ මම මහනුවර ධර්මරාජයට ගියා. අපි හවසට පන්සලෙන් ඉගෙන ගත්තා. බුද්ධ ගජ්ජය වගේ පොත්. ගමේ කෝවිලක් තිබුණා. එ්කෙ පූසාරිගෙ පුතා තමයි මගේ හොඳම යාළුවා. ඉතින් අපි දෙමළත් ටික ටික ඉගෙන ගත්තා.
මව පියා කොහොමද?
අම්මා ?ට අපිට  බණ කතා කියනවා. එ් හැරුණාම අපිව බය කරන්න පේ‍්‍රත වස්තුව කියනවා. ඇඳ යට පෙරේතයෙක් ඇති කියන තරමට දැනෙන්න ඇ අපිට කතාව ඒත්තු ගන්නනවා. තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩකළා. ගමේ කවුරුත් කිව්වෙ ප්‍රෙම චන්ද්‍ර රාළහාමි කියලා.උස මහත නිර්භීත මිනිහෙක්. එයා අපේ වැඩවලට නම් ඇඟිලි ගැහුවෙ නැහැ. දෙමාපියන්ටත් වඩා ලොකු අයියා තමයි මටත් බලපෑවේ. එයා ද්විභාෂා උගතෙක්. සහිරා එකෙයි කිංස්වුඞ් එකෙයි මුලදි ඉංගී‍්‍රසි ඉගැන්නුවා. එයාට එ් කාලෙම කොමියුනිස්ට් පක්ෂයට ලොකු සම්බන්ධයක් තිබුණා. අයියා හම්බවෙන්න පක්ෂයේ අය ගෙදරටත් ආව ගියා. ඉස්සෙල්ලම මම දැකපු සුද්දා තමයි පීටර් කෙනමන්. ඒ ඔහු අපේ ගෙදර ආපු වෙලාවක. අයියා කොළඹ යුගයේ අවසාන පරපුරේ කෙනෙක් නිසා කුමාරගම, අල්විස් පෙරේරා වගේ අයත් අපේ ගෙදර එනවා. සුගතපාල ද සිල්වා වගේ අයත් ඔහු ආශ‍්‍රය කළා..
ෆිල්ම් ගැන ඔළුවට එන්නෙ කොහොමද?
අපේ අක්ක බැන්ද අයියා ටේලර් කෙනෙක්. එයාට සර්පිනා, තබ්ලා හොඳට ගහන්න පුළුවන්. ගමෙත් ජනපි‍්‍රයයි. මට එතකොට අවුරුදු 9යි. එයාගෙ පුතාට 7 යි. අයියා දවසක් අපි දෙන්නව නුවර පෙරහැර බලන්න එක්කරගෙන ආවා. එ් 1952දී. දවල් පෙරහැර බලලා අයියා පුතයි මාවයි ‘වෙම්බ්ලි’ එකට එක්කගෙන ගියා. ෆිල්ම් එක සරදියල්. තාම මට ඒක මතකයි. සරදියල්ට හිටියේ මතායස් ප‍්‍රනාන්දු. ඒකෙදි සරදියල් ලොකුවෙන හැටි අපූරු මොන්ටාජ් එකක්. සරදියල්ව පන්සලට භාර දෙනවා. හාමුදුරුවෝ තරවටු කරන කොට සරදියල් පැනලා යනවා. දැන් සරදියල් දුවනවා. දුවනකොට බෝඞ් පහුවෙනවා. මාවනැල්ල, කෑගල්ල, වරකාපොළ ආදී වශයෙන්. දිගටම කකුල් දෙක විතරයි පේන්නෙ. ඔන්න කොළඹට එනකොට සරදියල් ලොකුවෙලා මතායස් ප‍්‍රනාන්දු දුවනවා පේන්න ගන්නවා. කඳු හෙල් පල්ලං බලපං කොළුවෝ උඩරට මාර්ගයේ, හෙමිහිට පලයං ආදී වශයෙන් සරදියල් ලොකුවෙනතුරු සින්දුවක් දිවිල්ල සමග යනවා. ඕක තමයි මගේ පළමුවැනි සිනමා අත්දැකීම. අයියා ගෙදරට කිව්වේ නැතිවුණාට කමක් නැහැ ඕං කියලා එ්කෙ සින්දු පොතත් අරගෙනයි ගෙදර යන්නෙ හොඳ චිත‍්‍රපටියක් කියලා මුලින්ම බලන්නෙ පාතර් පංචාලි. අපේ අයියා එ් දවස්වල ලේක්හවුස් එකේ වැඩ. දෙහිවල ගෙදරක නැවතිලා හිටියා. එහාට එනවා සුගතපාල ද සිල්වා. දවසක් මමත් ඇවිත් ඉන්න වෙලාවක සුගත් කිව්වා මල්ලි අක්කගෙන් ශත පණහක් ඉල්ලගෙන වරෙන් ෆිල්ම් එකක් තියෙනවා බලන්න යන්න කියලා.එහෙම තමයි පාතර් පංචාලි බැලූවේ. තව මං නුවරදි කොල්ලොත් එක්ක චිත‍්‍රපටි බැලූවා.
ඉස්කෝලෙ වැඩ පාඩු වුනේ නැද්ද?
එක වතාවක් මං 27ක් ඉන්න පන්තියේ 26 වැනියා වුණා. අපේ ක්ලාස් මාස්ටර් සුමතිපාල කියල මහත්මයෙක්. ඉගෙන ගත්තෙ නැත්නම් උඹව එළවනවා කියලා මට දවසක් බැන්නා. එදා ඉඳලා මම උනන්දු වුණා. අපි ඒ දවස්වල පේරාදෙණියෙ ඉන්න දක්ෂ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ අපේ සාහිත්‍ය සමිතියෙ දේශනවලට ගෙන්වනවා. විමල් දිසානායක, ජේ.බී. දිසානායක වගේ අය තමයි එහෙම ආපු ශිෂ්‍යයො. ඔන්න එ් කාලෙ අපිට විශේෂ ගුරුවරයෙක් ආවා. එ් තමයි විජය වික‍්‍රමරත්න. අද ජනාධිපති නීතිඥවරයෙක්.
මෙතුමා අපිට හොඳින් පාඩම් කියාදෙන අතරෙ සම සමාජ පක්ෂයේ තරුණ සංගමයට බන්දනවා. සමසමාජ ශිෂ්‍ය සංවිධානයක් ෆෝම් කළේ එහෙමයි.
පතී චිත‍්‍රපටි සහ නාට්‍ය කළාට කවදාවත් රඟපාන්න පෙළඹුණේ නැද්ද?
යුනිවර්සිටි එකට ආවට පස්සෙ මම සරච්චන්ද්‍ර මහත්තයාගෙ නාට්‍යවලට උදව් වුණා. සිංහබාහු පුහුණුවීම්වලදි ඩොක්ටර් මට කිව්වා පතී ඔයා මේකෙ පොතේ ගුරු කරන්නකො කියලා. අපි යුනිවර්සිටි ගියදා ඉඳලා බොනවා. බීල කියන්නෙම මනමේ සින්දු. සල්ලි නැත්නම් නුවර ඇවිත් ණය වෙලා හරි බොනවා. බීල අඩෝ කියලා කෑ ගහගෙන ආපහු යුනිවර්සිටි එකට යන්නෙ. කොහොම නමුත් මට පොතේ ගුරු චරිතෙ කරන්න බැරි වුනා. 68 පාස් අවුට් වෙච්ච ගමන් මට විද්‍යාලංකාරෙ සහකාර කතිකාචාර්ය තනතුරක් ලැබෙනවා. සරච්චන්ද්‍ර කැමැත්තෙන් හිටියෙ නූතන සාහිත්‍ය විෂයයට මාව පේරාදෙණියටම ගන්න. එහෙත් ඔහු ඒ වන විට ලංකාවෙ හිටියෙ නෑ.
කොළඹ ජීවිතේට අනුගතවීම පහසු වුණාද?
පේරාදෙණියෙ ඉන්න කාලේ අපි නිතර නාට්‍ය හා චිත‍්‍රපට උත්සව සඳහා කොළඹ එනවා. අපි එතකොට කන්න බොන්න යන්නේ අපේ කට්ටියෙ යාලූවෝ ළ`ගට ග මහ බැංකුවෙ බණ්ඩාර විජේතුංග හිටියා. හත්තොටුවේගම කොළඹදි මුන ගැහෙනවා. සිරිල් බී. ටෝනි, රැුලෙක්ස්, ලෙස්ලි බොතේජු ,ඈෂ්ලි රත්න විභූෂන , අපි සේරම එක්කො රෝයල් ප‍්‍රයිමරි එකේ හම්බ වෙනවා. නැත්නම් ප්‍රෙස් ක්ලබ් එකේ. රෝයල් ප‍්‍රයිමරියේ පි‍්‍රන්සිපල් එච්.ඞී. සුගතපාල. කවුරුත් නාට්‍ය රිහසල් කරන්න එන්නෙ එතනට. අපි ඒ කාලෙට ගුණසේන ගලප්පත්තිගෙ , සුගත්ගෙ නාට්‍යනුවර සංවිධානය කළා.කොළඹ ආවම මේ සේරම එකම ගොඩකට වැටුණා.
චිත‍්‍රපටි කිරීම ගැන අවධානය යොමු වුණේ කොහොමද?
අපේ මිත‍්‍ර බර්ටි ජයසේකරගෙ යාළුකමට චිත‍්‍රපටි පිටපතක් ලියාගන්න සුගතපාල සෙනරත් යාපා ආවා. බර්ටි ගුණසේකරයි මමයි දෙන්නත් මේකට සෙට් වුණා. සුගත් ඒ ගමන කිව්වා උඹලා මේකෙ ස්කී‍්‍රන් ප්ලේ එක ලියපල්ලා කියලා. එදා ඉඳලා ඌ අපිට හොඳට සලකනවා. කන්න දෙනවා. බොන්නත් දෙනවා. අපි කොළඹ ඇවිත් ගනේමුල්ලෙ ගෙදරක ඉඳන් පිටපත ලියනවා. විජය ධර්ම ශී‍්‍ර එනවා. අපි කනවා බොනවා. මහ ? ආපහු නුවර යනවා. ඇයි පහුවදා ලෙක්චර්ස්නෙ. කොළඹ එන්න දෙකයි සතදහය විතරයි අපි අතේ තියෙන්නෙ. අනික් සේරම වියදම් සුගත්ගෙන්. ඔන්න අන්තිමට හන්තානෙ කතාවට නළුවෙක් තෝරගන්න දවස ආවා. ඉන්ටවිව් එක බම්බලපිටියෙ. මම නුවර ඊඳල එනකොට ටිකක් ප‍්‍රමාදයි. සුගත් කිව්වා මට තාම හරියන එකෙක් හම්බවුනේ නෑ මචං කියලා. මං කිව්වා අර මෙතන හිටියා මචං කොණ්ඩෙ වවපු එකෙක් ඌව පොඞ්ඩක් බලපංකො කියලා. මං විහිළුවට වගේ කිව්වා කොණ්ඩෙ කපලා ගත්ත නම් මරු කියලා. මෑන් ආවා. වොයිස් එකත් මරු. රජ කතාවක ඇක්ට් කරපු අස්සයා පිටේ යන පොටෝ එකකුත් මෑන් ගෙනාවා. කොණ්ඩෙ කපන්න ඕනෙ කියන කොන්දේසිය මත එයාව තෝරාගත්තා. ඒ විජය කුමාරතුංග. ස්වර්ණා එතකොටත් සත්සමුදුරේ ඇක්ට් කරලා තිබුණ. මං එතකොටත් මාකස් ප‍්‍රනාන්දු ශාලාවේ නේවාසික ශිෂ්‍යයෙක්. විජයත් ඇවිත් මගේ කාමරේ නැවතිලා චිත‍්‍රපටියට රිහසල් කළා. මුලින්ම ෂූටින් වලට කොණ්ඩෙයි රැුවුලයි කපනකොට විජය ඇ`ඩුවා. සමහර දවස්වලට අපි නැතුවත් මිනිහා මෙතන ඇවිත් ගජේ ගැහුවා. විජය එතකොට සීදුවේ ඩිස්ටලරීස් එකෙන් පන්නපු ස්පිරිට් බෝතල් දෙකකුත් අරගෙන එන්නෙ. ඕකට සෝඩයි දෙහියි දාලා ලෙමන් ජින් වගේ එකක් හදනවා. ඒක නියමයි. දයා තෙන්නකෝනුත් සෙට් වෙනවා.
ඕක ගගහා ? ගත කරනවා. විජයගෙ අයියා එතකොට සීදුවේ නගර සභික. මිනිහා සම සමාජ. අපි මීගමු ආවාමත් විජයලා හොඳට සලකනවා. රා කළයකුයි, කකුළුවොයි ගේනවා. දයා තෙන්නකෝන් ඉස්සෙල්ලම කකුළුවෝ කෑවේ මීගමුවේ ඇවිත්. මිනිහා බයවුණා උන්ගෙ සයිස් එකට. හවසට බීලා කලාවයි, අරකයි මේකයි සේරම ගැන සාකච්ඡුා කරන එක තමයි අපේ වැඬේ.
හන්තානේ කතාව ෂූට් කරන කාලෙ කොහොමද?
ප‍්‍රධාන කැමරා ශිල්පියා සුමිත්ත අමරසිංහ. ඇසිස්ටන්ට් ඩොනල්ඞ් කරුණාරත්න. එ් දෙදෙනා හඳුනාගැනීමට ලැබීම ලොකු දෙයක්. ලයිට්ස් කරන හැටි කැමරාව හසුරුවන හැටි හැම දෙයක්ම අපි ඇහුවාම සුමිත්ත කියල දුන්නා.
මම හන්තානෙ සින්දුවකුත් කියනවා. කවුරුවත් වැඩිය දන්නෙ නැහැ. විජය ? කාමරෙන් එළියට එනකොට රාමනාදන් ශාලාව පේනවා. අමරසේකර ලියපු පේරාදෙණියේ මැදුරු තියනවා. සිරකළ කුමරියො එහි නිවසනවා කවිය ඒ සීන් එකේදී ගායනා කළේ මම.
පතී ඉස්සෙල්ලම චිත‍්‍රපටියක් කරන අවස්ථාව මොකක්ද?
නීල් අයි පෙරේරාගෙ චිත‍්‍රපට විචාරක හා ලේඛක සංගමයෙන් කෙටි චිත‍්‍රපට උළෙලක් කළා. මට මේකට කෙටි චිත‍්‍රපටයක් කරන්න ඕනෙ වුණා. ඒත් සල්ලි නැහැ. ඩොනා ස්කි‍්‍රප්ට් එකක් සහ කැමරාවක් සොයා ගන්නවා. මගේ පඩිය සහ තව ලෝන් ගැහුවා. පාලිත පෙරේරාත් මට රුපියල් දාහක් දුන්නා. චිත‍්‍රපටියෙ නම ‘සතුරෝ’ රඟපෑවේ සයිමන් නවගත්තේගමයි තව දෙන්නෙකුයි. තරගයෙන් දෙක වුණා. එක වුණේ ටයිටස්ගෙ තෙවත. පසුව මේක මම ස්පාඤ්ඤයේ බිල්බාවෝ ෂෝට් ෆිල්ම් එකටත් යැව්වා. හොඳම දහයට ‘සතුරෝ’ තේරුවා. මේ කාලය තුළ අපි පුළුවන් තරම් චිත‍්‍රපටි බැලූවා. රිංගන්න පුළුවන් හැම එම්බසි එකකටම රිංගුවා. සමහර වෙලාවට නොකා නොබී චිත‍්‍රපටි බැලූවෙ. කන්න විතරක් නෙවෙයි අදින්නත් නැහැ. අපේ දයා තෙන්නකෝන් එ් දවස්වල ටිකක් හොරා. සමහර වෙලාවට කඩවලට ගිහින් ෂර්ට් එහෙම එකක් දෙකක් පාස් කරගෙන එනවා. එ්කට දයා වෙන මෑන් කෙනෙක්වත් පුරුදු කරලා තිබුණා. මමයි චන්ද්‍රසිරි පල්ලියගුරුයි විද්‍යාලංකාරෙ ඉන්න කාලෙ. අපි දෙන්නට පන්ති කාමර දෙකක් දීලා තිබුණා නිදියන්න. විමල් කුමාර ද කොස්තා එතකොට හිටියෙ තොරණ හංදියෙ. හැබැයි කොස්තා ?ට එනවා අපේ කාමරේ නිදියන්න. එයත් එක්ක පතිරාජ එල්.එස්. දයානන්දත් ආවා. ඔය විධියට එකටම තමා අපි ජීවත් වුණේ.

අහස් ගව්වට අදහස එන්නෙ කොහොමද?
පට්ටිය හංදියෙ අපේ තිප්පලක් තිබුණා. එතන පේමේන්ද්‍ර කියලා මිතුරෙක් හිටියා. මිනිහා එ්කට සල්ලි හොයන්න පටන් ගත්තා. මම ෂෝට් ෆිල්ම් එකක් එහෙම කරලා තිබුණු නිසා මේ සර්කල්වල ෆිල්ම්කාරයා වෙලා හිටියේ මම. අහස්ගව්ව මුහුරත් උළෙල තිබ්බේ කොල්ලූපිටියේ නයිට් ක්ලබ් එකක උදේ පාන්දර හයකුත් ගාණට පහන් පත්තු කරන්න ආවේ සිරිගුණසිංහ. දහයමාරට එකොළහට විතර අරක්කුත් බිව්වා. ඩොනා, කලංගෙ ලස්සන පින්තූරයක් ගත්තා කොල්ලූපිටියේ ස්ටේෂන් එක ළඟ වාඩිවෙලා ඉන්නවා. එ්ක තමා ඉස්සෙල්ලම පත්තරවල ගියෙත්. මිත‍්‍රරත්න හේරත් කියල මගේ යාළුවෙක් මේකට සල්ලි දුන්නා. චිත‍්‍රපටියට ලක්ෂ 1 1/2ක් විතර යන්න ඇති. රඟපෑවෙත් නිකං. ඔක්කොම නිකං හැබැයි කට්ටියට බොන්න ලොකු ගාණක් ගියා. මං මුං කට්ටිය ටි‍්‍රප් එක යවන්නෙ කල්පිටියට. මට බඹරු ඇවිත් කතාව සහ ලොකේෂන් එක ඔළුවට එන්නේ අහස්ගව්වේ ඔය සිද්ධියේදීයි. මේ වෙනකොට මම සිනමාව පිළිබඳ සන්නද්ධවයි හිටියෙ. ගොඩාඞ් මට හුඟක් බලපාපු සිනමාකාරයා කියලයි මම හිතන්නෙ. පි‍්‍රමියර් එකේදි ගැලරියෙ හිටපු පළමු වැනි පේ‍්‍රක්ෂකයා තමයි පොල් තෙල් පහන පත්තු පත්තු කළේ. සල්ලි හම්බ වුණෙත් නැහැ. සිලෝන් තියටර්ස්ලා ෆිල්ම් එක ගැලවේවා. තුෂාරායි, ටිකිරායි එක්ක මේක දිව්වෙ. ඉතින් කොහේ දුවන්නද?
අහස් ගව්ව නොදිව්වට පතී ලංකාවේ දේශපාලන සිනමාකරු ලෙස සලකුණක් තිබ්බා නේද?

ඔව්. මට මේකෙන් ලැබිච්ච දේවල් ගොඩක් තියෙනවා. චිත‍්‍රපට ගැන දියුණු අදහසක් තිබුණු පිරිස් හා ව්‍යාපාරය විසින් මේක වැළඳ ගත්තා. හත්තොටුවේගම, රෙජී සිරිවර්ධන, එල් ඕ ද සිල්වා සහ සුචරිත ගම්ලත් විචාරකයෝ ලෙස මේක හරියටම ඇල්ලූවා. හැත්තෑව දශකය තුළ හැම කලාවකම පිබිදීමක් තිබුණා. එ්ක ආණ්ඩුව අත නොගහ නිර්මාණකරුවන් හරහාම වූ දෙයක්.
එහෙමනං කලාකාරයෝ පසු කලෙක කලාව දියුණු කරන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි කියන්නෙ ඇයි?
කලාකාරයෝ ඕනෙ දේශපාලකයන්ටනෙ. සමහරු ලව්වා කවි කියවා ගත්තා. අල්විස් පෙරේරා 56ටත් කවි කිව්වා. සම සමාජයටත් කිව්වා. සංස්කෘතික අමාත්‍යාංශය හැදුවා. ඕක තමයි විනාශයේ මුල. සංඝයාට, වෙදුන්ට හා ගොවියන්ට නේ මේක දුන්නෙ. එ් පදනමෙන් තමයි කලාව දියුණු කරන්න එන්න කියන ඉල්ලීම එන්නෙ. අපි එ්ක අත්දකිනවනෙ පසු කාලෙකදි කලා මණ්ඩලයෙන් මාව එළවන එකෙන්.
අහස් ගව්වෙන් පස්සෙ මොකක්ද කළේ?
ෂෙල්ටන් සහ කාන්ති කියලා වාණිජ වැඩක් කළා. අඩි. 19,000ක් ෂූට් කළා. ඒත් එ්ක ගිනි අරගෙන විනාශ වුණා. ඊට පස්සේ කරපු ‘එයා දැන් ලොකු ළමයෙක්’ තමයි මුදල් පැත්තෙන් සාර්ථක වුණේ. ඇත්තටම විජයයි මාලිනියි තමයි මට එ්ක කරන්න යෝජනා කළේ. මාලිනි එ් චරිතයට රුසියානු චිත‍්‍රපට උළෙලෙදි හොඳම නිළිය සම්මානය දිනුවා. ඊට පෙර වසරෙදි ඒ සම්මානය දිනුවෙ සොෆියා ලොරේන්. ඔය කාලෙ වෙනකොට නම් මම කසාදත් බැඳලා.
නෝනා හම්බවෙන්නෙ කොහොමද?
එයත් යුනිවර්සිටි එකේ හිටියා. එයා ඉතින් මුලින් මගේ යෙහෙළියක්. මං එයාව වෙන මගෙ යාළුවෙකුට සෙට් කරලා දෙන්නයි ඒ දවස්වල ට‍්‍රයි කළේ. හෙට්ටිආරච්චිත් අපේ හොඳ යාළුවෙක්. මෙයා ඌට කැමති වුණේම නැහැ. අන්තිමට එයා මට සෙට් වුණා. උඹ අරුව නැති කළා නේද ඕකට කොල්ලො මට සෑහෙන්න වදේ ගැහුවා.

ආචාර්ය ධර්මසේන පතිරාජ
සංවාදය – විමලනාත් වීරරත්න

 

Rebel with a cause

Nourishing the Sri Lankan silver screen with his radical authenticity, he fuelled an artistic transformation that paved the way for a new tide of aesthetic cinema. For that reason he was called as a ‘Rebel with a Cause’. His unique cinematic expressions had the capacity to capture and recreate social realties of his times in a manner that would leave the audience with a sense of aesthetic enlightenment. Successfully representing Sri Lankan cinema at Moscow and Los Angeles film festivals, he went on to compose a lineage of critically acclaimed films that inspired a refreshing change in Sinhala cinema. His feature films, One League of Sky (Ahas Gawwa), Coming of Age (Eya Den Loku Lamayek), Ponmani, The Wasps are Here (Bambaru Avith), On The Run (Paradige) and Old Soldier (Soldadu Unnehe) won hearts of many and earned him great critical praise. The creator of such cinematic masterpieces, the veteran film-maker Dharmasena Pathiraja is our Encounter of the Week.



Dharmasena Pathiraja
Q: Can you go back down memory lane and recall some of your precious memories about how you started your journey as a filmmaker?
First feature film I did was One League of Sky (Ahasgawwa). It took me four years to complete that film. I didn’t have enough money to produce the film, so I got financial backing from some of my close friends. Those days we had a very strong film society movement, headed by people like Regi Siriwardana, Gamini Haththotuwagama. Also while I was studying at Peradeniya University, we had an active film society where we studied new trends in films, we studied French, Polish, Hungarian films and that initial background played a major role at paving my way to my success.
Q: When making films, dramas and other such works of art, artistes often strive to express radical, ideological messages through their creations. Is it possible to bring out that kind of message through a medium like cinema?
Artist is not a messenger. True, it is artist’s responsibility to penetrate in to issues of the society that he lives, do indepth analysis and recreate and reconstruct the reality of the society that he lives. And when they depict certain social realities, a serious work of art often end up becoming an anti-establishment work. But it shouldn’t be direct.
It is not about making direct statements. Whatever that the artist is trying to convey, has to be conveyed aesthetically. The artist job is not to make people suffer. The audience should get a sense of fulfillment and a sense of aesthetic pleasure. It doesn’t mean you have to put everything to please people. These days, directors look at things only from entertainment perspective, but what they do is not art.
Q: You have extensively studied the works of film-makers such Solana, Polanski, Jean Luc Goddard, etc, how did their work inspired your creative work?

Scenes from Ahas Gawwa
Film is an inter-textual medium. That intertextuality does inspire you. Your inspirations do have something to do with other films. I was close to east European Cinema and I was influenced by the style and the technique used by those directors, but ideologically I was different. So when I made Ahasgawwa, I wanted to explore issues of our society, may be I was inspired by their technique and adapted some of those in to that film, but I didn’t adapt their films and the story was mine.
Q: You have represented Sri Lanka successfully at many esteemed international film festivals. But some of the recent films that successfully represented Sri Lanka at international film festivals have either been censored or banned here in Sri Lanka, your thoughts on the dilemma.
True, film-makers like Vimukuthi, Ashoka Handagama and Prasanna Vithanage are recognized internationally. But sadly most of their creations are censored or banned here in Sri Lanka. Even films like Prasanna Vithanage’s Purahanda Kaluwara had trouble before screening. Internationally acclaimed films like Aksharaya, Sulanga Enu Pinisa were also banned. Vimukthi makes films only for international audience now. Some say, those directors make films only for festivals. But if they can make films for good festivals and compete with international directors, it is a good thing. You have to compete with them and learn, that is how you can develop cinema.
Q: Express your thoughts on the current trends of local cinema
One of the major trends that we had in recent times was war films. The way I see it, those are not anti-war films, they are anti-national films. All they do is glorify war. After winning of the war whole line of films came up which revolves around this theme. It is fine to do a film based on various issues arisen by war, but it should not be used as a medium to glorify war. These people are taking war as narrative and are creating a Sinhala Buddhist ideology. I think mentally and emotionally they are trying to militarize the society which is not good.
The other major trend was the big-budget films that revolve around Buddhist, historical storylines. Those films are bit like Vesak Pandals. They have nice visuals, lights and glamour, so because of that people go to watch those films. The storyline is very simple and the theme revolves around something as simple as the conflict between good and bad. People feel good about watching these films, it is bit like going to see a Vesak Thoran and listening to its narrative, so to get that same viewing pleasure, they go and watch them. But these films can’t be considered as good works of art. It is fine to recreate films based on historical stories. Even Sarachchandra’s Maname was adapted from a Jathaka story. But it was a good drama with great aesthetic value and it became a timeless creation. Same cannot be said for recent adaptations.
Q: What should we do to create a new breed of Sri Lankan Cinematographers that could take Sri Lankan cinema forward?
Films studies are not properly taught here. The film studies can’t be done in a class room environment. You need practical experience and that practical exposure should be given to students.
And also we don’t have enough good tutors who can teach the subject. These days they have diplomas to teach film studies everywhere, but those are there only to earn money. There is demand for such courses, people want to learn, but we don’t have a capable system that can facilitate such programmes.
Amalshan GUNARATHNE

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger