අද වන විට ලංකාවේ කිසි ම කතෝලික ප‍්‍රදේශයක රජතුන් කට්ටුවේ නාඩගම රඟ දැක්වෙන බවක් අසන්ට දකින්ට නොලැබේ. එසේ ම බොරලැස්ස,
මීගමු දූව වැනි පාරම්පරික කතෝලික ගම්මානවල පවා අවම වශයෙන් පාස්කු නාට්‍යවත් රඟ දක්වනු නොපෙනේ. මෙබඳු ඉපැරැණි ජන කලාංග මෙසේ අභාවයට යෑම සංස්කෘතික විෂයයෙහි අතිශය ඛේදනීය කරුණක් බව අවසන් වශයෙන් පෙන්නා දිය යුතු ය.
සිංහල නාඩගමේ ඉතිහාසය ඉතා ඈත යුගයකට දිවෙන බව ආචාර්ය ති.ර.ගා.දෑලබණ්ඩාර වැනි විද්වතුන් ගේ අලුත් ම පර්යේෂණාත්මක මතය වුවත් එය යටත් විජිත යුගයේ, විශේෂයෙන් දහඅට වන සියවසේ බිහි වූ නාට්‍ය කලා විශේෂයක් ය යන්න සාමාන්‍ය පිළිගැනීම වන්නේ ය.
සිංහල නාඩගමේ ප‍්‍රභවය කතෝලික සංස්කෘතියේ උරුමයක් ලෙස බැඳී පවතින්නකි. ඒ කෙසේ ද යත්; ප‍්‍රථම සිංහල නාඩගම ලෙස එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා දක්වා ඇත්තේ මිහිඳුකුලසූරිය ගාබි‍්‍රයෙල් ප‍්‍රනාන්දු මුහුප්පු මහතා ගේ ‘රජතුන් කට්ටුවේ නාඩගම’ වන බැවිනි.
(සිංහල කි‍්‍රස්තියානි සාහිත්‍ය වංශය) ඒ නාඩගම 1746 දී රචනා වී නිෂ්පාදනය වූ බව රදගුරුතුමා ප‍්‍රකාශ කර ඇත. (දුක්ප‍්‍රාප්ති ප‍්‍රසංග 1966) තවත් තැනක සඳහන් වී ඇති ආකාරයට මේ නාඩගම ලියැවී ඇත්තේ 1760 දී ය. (පැරැණි සිංහල නාඩගම් සාහිත්‍යය – එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා - සිංහල නාට්‍ය සාහිත්‍යය (අංක 3 – 7) ගාබි‍්‍රයෙල් ප‍්‍රනාන්දු විසින් ‘මරිගිදා’ නමින් නාඩගමක් ද ලියනු ලැබ ඇත.
රජතුන් කට්ටුවේ නාඩගම හඳුන්වා දී ඇත්තේ “රජ තිදෙන ගේ පුවත සංගීත විලාසයෙන් දක්වන ලදී” යනුවෙනි. කි‍්‍රස්තුන් වහන්සේ උපත ලද අවස්ථාවේ උන්වහන්සේ වන්දනාමාන කිරීම සඳහා පෙරදිගින් රජවරුන් තිදෙනකු පැමිණ ඇති බව ඉතිහාසයේ සඳහන් වෙයි. රජතුන් කට්ටුවේ නාඩගමට පාදක වන්නේ එකී කතා පුවත ය.
ඉහත කතා පුවත ට වස්තු විෂය කරගෙන ‘මුවිරාසාක්කල්’ නමින් දෙමළ නාඩගමක් ද රචනා වී ඇත. එහි කර්තෘ දහ අට වන සියවස මැද හරියේ දී මාතෝට්ටම් පෙදෙසේ ජීවත් ව සිටි ලොරෙන්සු පුලවර් නමැති කතෝලික පඩිවරයා යැයි කියතැ යි එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා සඳහන් කරයි.
(සිංහල කි‍්‍රස්තියානි සාහිත්‍ය වංශය) මන්නාරම් දිසාවේ ගැමි නාට්‍ය අතර එය ඉපැරැණි වූ ද ශ්‍රේෂ්ඨ වූ ද නාඩගමක් බව උන්වහන්සේ එහිලා තවදුරටත් කියා සිටිති.
එක ම කතා වස්තුව පාදක කරගෙන සිංහලෙන් මෙන් ම දෙමළෙන් ද නාඩගම් රචනා කොට නිෂ්පාදනය කිරීම එකල පැවැති ප‍්‍රවණතාවකි.
තවත් උදාහරණ: ඇහැලේපොළ නාඩගම (කැන්ඩිරාජ නාඩගම) හරිශ්චන්ද්‍ර නාඩගම (අරිච්චන්දර නාඩගම) ඥානසවුන්දරී නාඩගම (ඥාන සවුන්දරී නාඩගම). රජතුන් කට්ටුවට ද්‍රවිඩ නාඩගම් මුල්කරගත්තේ යයි එහි භාෂා ශෛලියෙන් පෙනෙන බව එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා කියා ඇත.
(පැරැණි සිංහල නාඩගම් සාහිත්‍යය - සිංහල නාට්‍ය සාහිත්‍යය අංක 3 – 7 එකල ප‍්‍රශස්ති කාව්‍යයන් හී මෙන් මේ රචනාවේ ද භාෂාව මිශ‍්‍ර සිංහල බවත්, දකුණු ඉන්දියාවේ ප‍්‍රස්ථාර ආරූඪ කරගත් නිසා දෙමළ කව් සමයට එකඟව ඇතැම් සින්දු තනා ඇති බවත් එහිලා තවදුරටත් කියා ඇත.
1882 දී මිහිඳුකුලසූරිය වීරසිංහ බ‍්‍රාස් ජුවන් පීන්තු පඩිතුමා විසින් ද රජතුන් කට්ටුව නමින් තවත් නාඩගමක් ලියා රඟදක්වනු ලැබ තිබේ. එය මුල් නාඩගමේ ම සංස්කරණයකි.
පිලිප්පු සිංඤෙ¤ විසින් ද ‘රජතුන් කට්ටුව‘ නමින් නාඩගමක් ලියා රංගගත කරනු ලැබ ඇත. එහෙත් එය දැනට අවිද්‍යමාන බව පෙනී යයි.
හලාවත රජතුන් කට්ටුවේ නාඩගම 1985 දී හලාවත වේදිකාගත කරනු ලැබී ය.
මීගමු දූවේ ද රජතුන් කට්ටුවේ නාඩගමක් අවුරුදු දෙසීයක පමණ කාලයක සිට රඟදක්වනු ලැබේ. (අඛණ්ඩ ව නො වේ) එහි කතුවරයා පිළිබඳ විද්වතුන් අතර මත භේද පවතී. එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා ගේ අභිමතයට අනුව ඔහු කොරනේලිස් ගුරුන්නාන්සේ ය.
මර්සලීනු ජයකොඩි ගරු පියනම කියා ඇත්තේ ඔහු කරෝලිස් හෙවත් මඤ්ඤොාක්කා ගුරුන්නාන්සේ බව ය. පිටිපන සවරියල් මනුවෙල්ට මතක හැටියට මඤ්ඤොක්කා ගුරුන්නාන්සේ වූ කලී කොර්නේලිස් මැන්ඩිස් නමැත්තෙකි. (දූවේ රජතුන් කට්ටුව මහාචාර්ය එම්.එච්.ගුණතිලක – දිනමිණ 1990 ජනවාරි 06) කොර්නේලිස් මැන්ඩිස් බලපිටියේ සිට පැමිණ ඇත්තෙකි.
කොර්නේලිස් මැන්ඩිස් හෙවත් මඤ්ඤොක්කා ගුරුන්නාන්සේ රජතුන් කට්ටුව පමණක් නොව ‘ඥාන සවුන්දරී’, ‘එස්තාර් සියුස්’ (ස්ථාක්කි) ‘බැලසන්ත’ වැනි නාඩගම්වල ද රචකයා ය යන්න සවරියෙල් ගේ අදහස වූ බව මහාචාර්ය ගුණතිලක තවත් ලිපියක කියා සිටී. (දූවේ රජතුන් කට්ටුව ‘දිවයින’ පත‍්‍රයේ පළවූ ලිපියකි.)
දූවේ රජතුන් කට්ටුව අවුරුදු 23කට පසුව යළි රංගගත කරන්නට යෙදුණේ 1977 දී ය. ඉන්පසු 1978 දී ය. 1983 දී ද, 1986 දී ද, 2000 දී ද, රඟදක්වන්නට යෙදිණි. 1977 දී මේ නාඩගමේ නළු නිළියන් පුහුණු කරවන ලද්දේ එම්.එස්.මොයිසස් ප‍්‍රනාන්දු අන්නවි මහතා (මොයිසස් ගුරුන්නාන්සේ) විසිනි.
මහාචාර්ය එම්.එච්.ගුණතිලක දක්වන ආකාරයට මොහු නාඩගම් ‘කාපර්’ කෙනෙකි. (මීගොමු දූවේ රජතුන් කට්ටුව - දිනමිණ 1983 ජනවාරි 8) එම්.රොමෙල් මනුවෙල් ප‍්‍රනාන්දු ද එම්.පී.නිකුලස් ප‍්‍රනාන්දු, එම්.ලාසර් ප‍්‍රනාන්දු යන නාඩගම් ඇදුරන් ගේ නම් ද දූවේ රජතුන් කට්ටුවේ නාඩගම (රොමෙල් මනුවෙල් ප‍්‍රනාන්දු යනු මොයිසස් ගුරුන්නාන්සේගේ ගුරුවරයා වූයේය) හා බැඳී පවතී.
මෙහි දී ඉතා පැහැදිලි ව ම කිය යුතු කාරණයක් වන්නේ මේ නාටකය පාරම්පරික නාඩගම් සම්ප‍්‍රදායයට අනුගත ව නිෂ්පාදනය වන බව ය. සුසිල් සිරිවර්ධන දක්වා ඇති ආකාරයට දූවේ නාඩගම පිළිබිඹු කරන්නේ ස්වාධීන ව විකාශනය වූ ගැමි නාට්‍ය සම්ප‍්‍රදායයේ මහිමය යි. (දූවේ නාඩගම දිනමිණ 1977 ජනවාරි 22)
රජතුන් කට්ටුවේ නාඩගම වාර්ෂික ව රංගගත වන්නේ ජනවාරි මාසයේ දී ය. විශේෂයෙන් ජනවාරි මස 6 වන දින ය. කුඩා නත්තල ලෙස හැඳින්වෙන රජතුන් කට්ටුවේ මංගල්‍යය යෙදෙන්නේ එදිනට ය. ඒ මංගල්‍යය මේ වන විට අභාවයට ගොස් ඇත.
රජතුන් කට්ටුවේ නාඩගම දින 3ක් රඟ දැක්වෙන්නේ ය. ඉන් අදහස් කැරෙන්නේ එක ම නාට්‍යය තෙවතාවක් රඟදැක්වෙන බව නො වේ. පළමු දින ප‍්‍රාරම්භක කොටස, දෙවැනි දින මධ්‍යම කොටස, තුන් වන දින අවසාන කොටස යනාදී වශයෙනි. සවස 6.30ට පමණ නාටකය රංගගත කිරීම ඇරැඹෙයි. අවසාන වන්නේ රාති‍්‍ර 11ට පමණ ය.
රජතුන් කට්ටුවේ නාඩගම සාමාන්‍යයෙන් රඟදැක්වෙන්නේ ශාන්තිකර්මයක් වශයෙනි. මහාචාර්ය තිස්ස කාරියවසම් දක්වා ඇති ආකාරයට රජතුන් කට්ටුව රඟපාන්නේ ලෞකික සුබසාධක පිණිස දෙවිවරුන් ගේ වරම් ලැබීම ට ය.
(නාඩගමයි සිංහල ගමයි සිළුමිණ 1977 පෙබරවාරි 13) ඒ ලිපියේ ම තවත් තැනක මෙසේ දැක්වෙයි. “සාමාන්‍යයෙන් නාඩගම රඟපෑමට දින තුනක් පමණ ගතවෙයි. ඒ දවස් තුන ආගමික වතාවත් ඉටු කරමින් ආගමික පේවීමකින් කරන මේ භක්තිවන්ත කටයුත්තේ ප‍්‍රතිඵලය කුමක්ද? ඔවුන්ගේ බලාපොරොත්තුව නම් ලබන්නා වූ යත්තුව (සෘතුව) වැසි සුළං ආදියෙන් ගැහැටක් නො වී මාළු රැසක්, ලබාගන්නටයි.”
අප ගේ මුතුන් මිත්තන් විසින් රජතුන් කට්ටුව නාඩගම රඟදක්වන ලද්දේ ජනතාවටත් පාලකයන්ටත් ආශිර්වාද ලබාදීමේ ශාන්ති කර්මයක් වශයෙන් බව දූවේ ධීවර ජනරංග කේන්ද්‍රයේ සභාපති එම්.ජෝශප් මාටින් ප‍්‍රනාන්දු සඳහන් කර සිටී. (රජතුන් කට්ටුව සමරු කලාපය 1986)
දූවේ රජතුන් කට්ටුව නාඩගම රඟදැක්වීමේ දී අනු දකිනු ලබන සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර කීපයක් ම පවතී. සාමාන්‍යයෙන් නළුනිළියන් නිවෙස්වල සිට නාඩගම් මඩුව වෙත කැඳවාගෙන එන්නේ හේවිසි, හොරණෑ තූර්ය වාදන මධ්‍යයේ මහත් උත්සවශ‍්‍රීයෙනි.
නෑදෑ හිතවතුන් විසින් රතිඤ්ඤා පත්තු කර, රබන් ගසා මල් මාලා පළඳ්‍ර නළු නිළියන් පිළිගනු ලබයි. රංගනයට පෙර පේ‍්‍රක්ෂකයන්ට ආචාර කිරීම නළු නිළියන් ගේ චාරිත‍්‍රයකි. නාඩගම හමාරවීමෙන් පසු නළු නිළියන් ප‍්‍රමුඛ නාට්‍ය කණ්ඩායම දේවස්ථානයට ගොස් ආගමික වතාවත් ඉටු කර දේවාශිර්වාදය ලබා ගනිති.
රජතුන් කට්ටුවේ රඟපාන නළු නිළියන් ගේ සංඛ්‍යාව සියය ඉක්මවයි. මේ නළුනිළියෝ මුළුමනින් ම වාගේ ධීවරයෝ ය. ඔවුන් ගෙන් ඇතමකු මළපොතේ අකුරක්වත් නොදත් අයවීම විශේෂත්වයකි.
’ රජතුන් කට්ටුව‘ සඳහා යොදා ගැනෙන නාඩගම් කරළිය තැනෙන්නේ කවාකාර හෙවත් වෘත්තාකාර ලෙසිනි. වේදිකාව පිදුරු හෙවිලි කරන ලද දාරුමය එකකි. එහෙත් සෙසු නාඩගම් වේදිකාවට මඳක් වෙනස් ස්වරූපයකි රජතුන් කට්ටුව වේදිකාවේ දක්නට ලැබෙන්නේ.
එය රූකඩ හා පාස්කු නාට්‍ය වේදිකාව මෙන් ති‍්‍රභාග ය. මධ්‍ය වේදිකාව භාවිතා වන්නේ කි‍්‍රස්තු උප්පත්තිය නිරූපණය කිරීම සඳහා ය. වම්පස වේදිකාව හෙරෝද් රජ මාලිගාව සඳහා ද දකුණු පස වේදිකාව සේසරු රජු ගේ මාලිගාව සඳහා ද යොදා ගැනේ.
ඊට අමතර ව අඩි 25ක උසින් යුතු පොල් අතු සෙවිලි කළ පරිවාර වේදිකාවක් ද දක්නා ලැබේ. එය සැකසෙන්නේ ප‍්‍රධාන වේදිකාවට දකුණින් පිහිටාය. එය සුරදූතයා ගේ ආගමනය දැක්වීම සඳහා භාවිතයට ගැනේ.
ළඟට රජතුන් කට්ටුව නාඩගමේ රංග වින්‍යාසය කෙබඳු දැයි විමසා බලමු. නාඩගම ආරම්භ වන්නේ පොතේගුරු ප‍්‍රමුඛ අත්වැල් ගායක කණ්ඩායම විසින් ගයනු ලබන මූලාරම්භක විරිදුවෙනි. (මෙබඳු නාඩගමක කිසියම් නළුවකුට පොතේගුරු ගේ චරිතය ප‍්‍රදානය කිරීම ඔහුට කරන්නාවූ ගෞරවයක් ලෙස සැලැකෙයි) අනතුරු ව පූර්ව රංගනය ඉදිරිපත් කැරේ.
මුලින් ම කරළියට එන්නේ බහුභූතයන් හෙවත් කෝලමුන් දෙදෙනා ය. ඒ චරිත දෙකේ අභිප‍්‍රාය හාස්‍ය රස උත්පාදනය යි. පොතේ ගුරුගේ ආඛ්‍යානය හැරුණු කොට නාට්‍යය විකාශනය වන්නේ ඒ චරිත දෙකේ කථෝපකථනයෙනි. ඒ සඳහා ඔවුන්ට ස්ථිර (ලිඛිත) දෙබස් මාලාවක් නොමැත. ඔවුන් කියන්නේ හිටිවන දෙබස් ය.
අනතුරුවට වේදිකාවට ප‍්‍රවිෂ්ට වන්නේ සබේ ළමෝ, සෙල්ලන් ළමෝ, ගණිතයෝ, දිවැස් ප‍්‍රසාදිවරු යන චරිත සමූහයයි. ඒ චරිත ඕනෑ ම නාඩගමක එන ස්ථාවර චරිතයෝ වෙති. ඒ සෑම චරිතයක ම රංග ප‍්‍රවේශය පොතේ ගුරු විසින් ගායනයකින් දක්වනු ලබන අතර සෑම චරිතයකට වේදිකාව පරික‍්‍රමණය කරමින් කියා නටන සින්දුවක් ඇතුළත් ය.
මේ පූර්ව රංගනයෙන් ඉනික්බිති ව ය මූලික නාට්‍ය සංසිද්ධිය නිරූපණය කරන්නේ.
රජතුන් කට්ටුවේ නාඩගම සඳහා සංගීතය ද භාවිත කැරේ. ඒ සඳහා උපයුක්ත කර ගැනෙන්නේ මද්දල් බෙර දෙකක් සහ තාලම් පොටක් පමණි. පසුබිම් වේදිකාව සඳහා චිත‍්‍රවස්ත‍්‍ර යොදා ගැනේ.ඉන් පෙනීයන්නේ නාඩගම ලද නූර්තියේ ආභාසය යි.
රජතුන් කට්ටුවේ නාඩගම නැරැඹීම සඳහා පනස් දහසක පමණ පේර්ක්ෂක පිරිසක් සහභාගිිවීම ද විශේෂත්වයකි.
අද වන විට ලංකාවේ කිසි ම කතෝලික ප‍්‍රදේශයක රජතුන් කට්ටුවේ නාඩගම රඟ දැක්වෙන බවක් අසන්ට දකින්ට නොලැබේ. එසේ ම බොරලැස්ස, මීගමු දූව වැනි පාරම්පරික කතෝලික ගම්මානවල පවා අවම වශයෙන් පාස්කු නාට්‍යවත් රඟ දක්වනු නොපෙනේ. මෙබඳු ඉපැරැණි ජන කලාංග මෙසේ අභාවයට යෑම සංස්කෘතික විෂයයෙහි අතිශය ඛේදනීය කරුණක් බව අවසන් වශයෙන් පෙන්නා දිය යුතු ය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment