මෛත්‍රී හා චම්පිකගේ අරමුණ බලයට පැමිණ එජාප පාක්ෂිකයන්ට පයින් ගැසීමයි...!!!
තිස්ස අත්තනායක ඉල්ලා අස්වීමේ ලිපියෙන් රනිල්ට දන්වයි
එක්සත් ජාතික පාක්ෂිකයාගේ ලෙයින් කඳුළින් දහඩියෙන් ජනාධිපතිවරණය ජයගෙන නව දේශපාලන පක්ෂයක් බිහි කිරීමට මෛත්‍රීපාල සිරිසේන හා චම්පික රණවක ඇතුළු පිරිස සැලසුම් කරන බවට
හෙළිවීමෙන් පෙනී යන්නේ බලයට පැමිණ එක්සත් ජාතික පාක්ෂිකයන්ට පයින් ගැසීම බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට යැවූ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් වේ.
පසුගිය කාලසීමාව තුළ පක්ෂයේ තීරණාත්මක තීන්දු තීරණ කිසිවක් පිළිබඳව පක්ෂ මහලේකම්වරයා ලෙස තමන් දැනුවත් නොකිරීම පිළිබඳව ද තමන් කනගාටුවට පත්වන බව අත්තනායක තම ලිපිය මගින් තවදුරටත් සඳහන් කර තිබේ.
තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා තම ඉල්ලා අස්වීමේ ලිපියත් ඒ සමග ඉල්ලා අස්වීමට හේතු සඳහන් කළ පිටු හයකින් සමන්විත දීර්ඝ ලිපියක්ද රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කර ඇත.
තිස්ස අත්තනායක මහතා රනිල් වික්‍රමසිංහට යැවූ තම ඉල්ලා අස්වීමේ ලිපියේ මෙසේද සඳහන් කර ඇත.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයෙන් අද දින සිට ඉල්ලා අස්වීමට මම තීරණය කළෙමි.
2006 වසරේ පක්ෂ මහ සමුළුවේදී ඔබ විසින් මා පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් පත් කර මේ දක්වාම මා කෙරෙහි විශ්වාසය තබමින් එහි භාරදූර වගකීම සහ කාර්යභාරය ඉටු කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව ඔබටත් මාගේ ගෞරවය පිරිනමමි.
මෙම කාල සීමාව තුළ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කර බෙදී තිබුණු පක්ෂය සමගි කොට ජයග්‍රාහී මාවතට අවතීර්ණ කරවීමටත් ඔබට සහ පක්ෂයට මුහුණ දීමට සිදුවූ බාහිර සහ අභ්‍යන්තර අභියෝගවලදී ඒවායින් ඔබතුමා සහ පක්ෂය ආරක්ෂා කිරීමටත් මා මහත් කැපවීමකින් ක්‍රියා කළ බව ඔබ හොඳින් දන්නා කරුණකි. එසේම වසර අටකට අධික කාලයක් පුරා පක්ෂ මූලස්ථානය පවත්වා ගෙන යාමට සහ නඩත්තු කිරීමට මා දැරූ වෙහෙස ගැන සිරිකොත කාර්ය මණ්ඩලය සාක්ෂි දරනු ඇත.
නායකතුමනි, එහෙත් මෑත කාලයේ පක්ෂ අභ්‍යන්තරයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව මම කිසිසේත් සතුටු නොවෙමි. මට හැමවිටම වුවමනා වී තිබුණේ දශක දෙකක් පුරා දුක්ඛිත තත්ත්වයකට පත්ව ඇති අප පාක්ෂිකයන්ට සාධාරණයක් ඉටු කර දීමයි. එහෙත් වත්මන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ දේශාලන ව්‍යාපාරය හරහා එජාප පාක්ෂිකයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු නොවන බව මේ වන විටත් ඉතා පැහැදිලිව පෙනේ. ඊයේ (07) ඉරිදා ලංකාදීප ප්‍රධාන පුවත මේ පිළිබදව මා තුළ තිබෙන සාධාරණ සැකය තවත් තහවුරු කරයි.
එම පුවතින් හෙළි කරන්නේ ජනාධිපතිවරණයට පසු මෛත්‍රීපාල සිරිසේන සහ චම්පික රණවක මහතා එක්ව නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීමට සැලසුම් කර ඇති බවයි. වෙනත් වචනයෙන් කියනවා නම් ඔවුන්ගේ සැලැස්ම වන්නේ එක්සත් ජාතික පාක්ෂිකයාගේ ලෙයින්, කඳුළින් සහ දහඩියෙන් මෙවර ජනාධිපතිවරණය දිනාගෙන, වෙනත් පක්ෂයක් සාදා, අප පාක්ෂිකයාට පයින් ගැසීමයි. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක් බව ඔබතුමාට අමුතුවෙන් අවධාරණය කළ යුතු නැති බව මම දනිමි.
පසුගිය කාලසීමාව තුළ පක්ෂයේ තීරණාත්මක තීන්දු, තීරණ කිසිවක් පිළිබඳව පක්ෂ මහ ලේකම්වරයා ලෙස මා දැනුවත් කර නැත. ඒ පිළිබඳව මට ඇත්තේ බලවත් කනගාටුවකි. අඩුම තරමේ පසුගිය දා අත්සන් කරන්නට යෙදුණු අවබෝධතා ගිවිසුම තවමත් මට පෙන්වා නැත. එමෙන්ම පිහිටුවන්නට යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය හෝ වරින්වර ඇති කර ගත් විවිධ අභ්‍යන්තර එකඟතා සහ ගිවිසුම් පිළිබඳව තවමත් මා දැනුවත් කර නොමැත. එසේ කිරීමට හේතුව ලෙස මට පෙනී යන්නේ එකී එකඟතා සහ ගිවිසුම් මගින් එක්සත් ජාතික පක්ෂයට සහ පාක්ෂිකයාට යුක්තිය ඉටු නොවන හෝ අවාසිදායක හෝ වන කාරණාවලදී පක්ෂයේ මහ ලේකම් ලෙස මා අනිවාර්යයෙන්ම මතු කරන විරෝධතා වළක්වා ගැනීමයි.
තත්ත්වය එසේ තිබියදී පක්ෂය තුළ නොයෙක් නව කල්ලි-කණ්ඩායම් බිහිවෙමින් තිබේ. එම කල්ලි කණ්ඩායම් විසින් එදා සිට පක්ෂය නොයෙක් අභියෝගවලින් ආරක්ෂා කිරීමට කැපවූ අප සියලු දෙනාවම යටපත් කරන දේශපාලන පරිසරයක් පක්ෂ අභ්‍යන්තරය තුළ දැන් ගොඩනගමින් සිටී. ඔබ විසින්ම මා හට ප්‍රකාශ කළ පරිදි, මෙම ගොඩනැගෙන නව සන්ධානය විසින් ඔබව 'බිත්තියට හේත්තු කර අවසන්ය' මෙවැනි වාතාවරණයක් තුළ පක්ෂ මහ ලේකම් ධුරයේ වගකීම සහ කාර්යභාරය තවදුරටත් මට මගේ හෘදය සාක්ෂියට අනුකූලව ඉටු කළ නොහැකි බව මට මෙන්ම ඔබටද සක්සුදක් සේ පැහැදිලි වනු ඇතැයි මම විශ්වාස කරමි.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත්වීමේ තීරණය සති කිහිපයක් තිස්සේ පරෙස්සමෙන් කරුණු කල්පනා කර බලා මා එළැඹුණු තීරණයක්. එහෙත් කිසි දිනෙක මම එක්සත් ජාතික පක්ෂය හැර නොයමි. කෙසේ වුවද පක්ෂමහ ලේකම් තනතුරේ වගකීම සහ කාර්යභාරය ආත්ම ගෞරවයකින් යුක්තව ඉටු කිරීමට මට නොහැකි අතර එම ධුරයෙන් ඉවත්වීම හැරුණු කොට වෙනත් විකල්පයක් ද මා හට නොමැති බව පැහැදිලිය.
පසුගිය කාලය තුළ විවිධ හැලහැප්පිලි සහ කඩාකප්පල්කාරී ක්‍රියා මැද මා සමග එක්ව කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, කොට්ඨාස සංවිධායකවරුන්ටත් පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ටත් අප පක්ෂයේ නිලධාරීන් සහ පාක්ෂිකයන්ටත් පක්ෂ මූලස්ථාන කාර්ය මණ්ඩලයටත් මගේ කෘතවේදීත්වය මෙහිදී පළ කරමි.
මම ඔබතුමාගෙන් මේ මොහොතේ ඉල්ලා සිටින්නේ පක්ෂය කල්ලිවාදීන්ගෙන් සහ අවස්ථාවාදී කුමන්ත්‍රණකරුවන්ගෙන් ගලවාගෙන සැබෑ 'යූඇන්පී' කාරයන්ට අවස්ථාවක් ලබාදී ඔවුන්ට කෘතවේදී වන ලෙසයි. එමෙන්ම මේ තාක් කාලයක් මට මග පෙන්වා, උපදෙස් දී මා මෙහෙයවූ ඔබටත් මට සහාය ලබා දුන් කෘත්‍යාධිකාරි මණ්ඩලයටත් මගේ අවංක ස්තුතිය පිරිනමමි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment