BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Sunday, December 28, 2014

මුස්ලිම් කොංග්‍රසය හා තොප්පිය හැරෙන අත..!!!

 මෙවර ජනාධිපතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසය සහය ලබාදෙන්නේ කාටද යන්න තවමත් බාලගිරි දෝෂයක් බවට පත්ව ඇත.මෙම පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලය තවමත් වාසි අවාසි තරාදියට දමා කිර බලමින් සුළං හමන දිස්ව සොයමින් කල් යල් බලයි.

වත්මන ලෝකයේ මුස්ලිම් ප්‍රජාව දැඩි අර්බුධයකට මුහණපා  සිටින සමයකි. ආසියාවේ පකිස්ථානයෙන් පටන් ගෙන අප්‍රිකානු කලාපය තෙක් සහ යුරෝපය සීමාව වනතුරුත් මායිම්වන මැදපෙරදිග කලාපයත් ගිනිගෙන දැවෙමින් තිබේ. මේ කලාපයේ තිබෙන්නේ මුස්ලිම් රටවල්ය. මුස්ලිම් රටවල මේ අර්බුධයට හේතුව ඇමරිකාවේ හා යුරෝපයේ ක්‍රියාකාරකම් බව ලෝක මුස්ලිම් ජනමතයයි. මෙය අලුත් අදහසක් නොවේ. තම රටවල අර්බුධ වලට වගකිවයුත්තේ ඇමරිකාව හා යුරෝපය බව ලෝක මුස්ලිම් ජනප්‍රජාව ප්‍රකාශ කරන්නේ බොහෝ කාලයක සිටය.
ඒත් ශ්‍රී ලංකාවේ තත්වය විමසීමේදී පෙනීයන්නේ මෙරට මුස්ලිම් ජනමතය පවතින්නේ ලෝක මුස්ලිම් ජනමතයට සමාන්තරව නොවන බවය. මෙරට දේශපාලන පක්‍ෂ අතරින් ඇමරිකානු හා බටහිර ගැති පක්‍ෂය ලෙස සැලකෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි. මෙරට මුස්ලිම් ප්‍රජාවේ බහුතරයකගේ සහය හිමිවන්නේ එක්සත් ජාතික පක්ෂයට බව රහසක් නොවේ. මෙරට මුස්ලිම් ජනමතය ලෝක මුස්ලිම් ජනමතයට සමපාත වේ නම්, ඔවුන්ට එජාපයට සහය දිය නොහැකිය. ඒ එජාපය ඇමරිකානු ගැති නිසාය.
මුස්ලිම් ලෝකයට ඇමරිකාවෙන් හා යුරෝපයෙන් සිදුකරන හැම කෙනෙහිලිකමකම පාපයෙන් කොටසක් එජාපයටද ලැබිය යුතුය.ඒ ඔවුන් ඇමරිකාවේ හා යුරෝපයේ මිත්‍ර පාක්‍ෂිකයින් නිසාය. එය එසේනම් එම විපක්ෂයට ලැබෙන පාපය එහි පාක්ෂිකයන් අතරේද බෙදී යා යුතුය. එවිට එම පක්‍ෂයට සහය දක්වන මෙරට මුස්ලිම් ප්‍රජාවද ඊට අයත්ය. මේ අයුරින් ලෝක මුස්ලිම් ප්‍රජාවට සිදුවන හිරිහැර වලට මෙරට මුස්ලිම් ප්‍රජාවද වගකිවයුත්තන් බවට පත්වේ.
අනෙක් පිළිගතයුතු සත්‍ය නම් මෙරට බහුතර මුස්ලිම් සහය නැතත් මුස්ලිම් ලෝකයේ සහය හිමිවන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට බවය.  මහින්ද රාජපක්‍ෂ පලස්තීන ජනතාවගේ හා ලෝක බලවත් පලස්තීන හිතවාදීන්ගේ වීරයෙකි. ඔහුගේ නමින් පලස්තිනයේ මාර්ගයක්ද නම් කර ඇත්තේ එබැවිනි. ඉකුත් ඊළාම් යුධ සමයේදී පකිස්ථානය,ඉරානය , මැලේසියාව හා වෙනත් බොහෝ මුස්ලිම් රටවල් මෙරටට උදව් කලේ කොන්දේසි වලින් තොරවය. ඒ මෙරට මුස්ලිම් ජනතාව වෙනුවෙන්ම නොව, මහින්ද රාජපක්ෂ වෙනුවෙනි.

කෙසේනමුත් අපේ රට තුල පුචි අලකලංචියක් සිදුවූ විගස රවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් කොංග්‍රස් නායකයින් කේලම කියන්නට දුවන්නේ මුස්ලිම් රටවල තානාපති කාර්යාල වලට නොව බටහිර තානාපති කාර්යාල වලටය.මුස්ලිම් කොන්ග්‍රස් නායකයින් ලෝක මුස්ලිම් ජනමතය සමග නොසිටින බවට මෙයද සාක්ෂියකි.
මහින්ද රාජපක්‍ෂගේ පසුගිය ජනපතිවරණ ජයග්‍රහණ වලදී මුස්ලිම් කොංග්‍රසය ඔහු සමග සිටියේ නැත. ඔවුන් සිටියේ නැතැයි කියා මහින්දට ප්‍රශ්නයක් වුයේද නැත. මුස්ලිම් කොංග්‍රසය සිදුකලේ මහින්දව වට්ටන්නට උත්සහ කර ඔහු දිනු පසු ඔහු පස්සේ ගොස් ඇමතිකම් හා වරප්‍රසාද භුක්තිවිඳීමය. ඒ ගැන මුස්ලිම් කොංග්‍රසය ලජ්ජා විය යුතුය. 
පෙර වාර්තා අනුව මහින්දට ජයගන්න මුස්ලිම් කොංග්‍රසය අත්වැලක් වී නොමැත. එය එසේ වී නම් මෙවර ප්‍රතිපලයද එයම වනු ඇත. මුස්ලිම් කොංග්‍රසයට තවමත් සහය දෙන්නේ කාටද යන්න තීරණය කරගැනීමට නොහැකි වී ඇත්තේ පෙර අවස්ථාවල තමන් ගත් වැරදි තීන්දු ගැන නැවත සිතාබලන නිසාද වියහැකිය. මෙවරද ඒ අත්දැකීම අත්විඳින්නට ඇති අකමැත්ත නිසාද වියහැකිය. කෙසේනමුත් මුස්ලිම් කොංග්‍රසයට හැරෙන අතකට තොප්පිය හරවා ගැනීමට නිදහස තිබේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger