BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Sunday, December 28, 2014

මහින්ද ඵළියට නොදානවා කියු ෆයිල් ලිපි ඵකින් ඵක ඵළියට අදින හැටි....!!!

හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා දුම්වැටි සමාගම්කරුගෙන් මුදල් ලබාගෙන පසුව ස්තුති කොට ලිපියක් යොමුකර තිබෙන බවද ඒ සම්බන්ධයෙන් වන වාර්තා තමා සතු බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ  පැවසු බව ආණ්ඩුවේ 'දිනමිණ' පුවත්පත වාර්තා කරයි.

එම පුවත් වාර්තාවට අනුව, ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, බදුල්ල, හාලිඇල දී  පැවැති දිවිනැගුම ජනහමුව අමතමිනි.

ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන  සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
''මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුව මතට තිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය පියවර ගත් බව සඳහන් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ , බස්රථවල දුම් පානය, ප්‍රසිද්ධ ස්ථානවල අලෙවිය, වයස අවුරුදු 21 ට අඩු අය සඳහා දුම්වැටි අලෙවිය නවතා දමන්නට පියවර ගත් බවද හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා පැමිණ සිගරට් පැකැට්ටුවේ සියයට 80ක රූපමය අවවාදයක් ඇතුළත් කළයුතු බවට නියෝග කළ බවද ප්‍රකාශ කළේය.
විෂයභාර ඇමැතිවරයාට එවැනි නියෝගයක් කිරීමේ හැකියාව තිබෙන බව පෙන්වාදුන් මහින්ද රාජපක්ෂ  එවැනි නියෝගයක් ලබාදුන්න ද උසාවි යාමේ හැකියාව ඒ ඒ සමාගම් සඳහා තිබෙන බවද ඒ හේතුවෙන් සමාගමක් විසින් නඩු පැවරූ බවද සිහිපත් කළේය.''
මඩ ගැසීම මගේ පිළිවෙත නොවේ :
පෞද්ගලිකව තමාගේ විරුද්ධවාදියාට වුවද විරුද්ධව චෝදනා කිරීම තම ප්‍රතිපත්තිය නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ  මෙම රැස්වීමේදී අවධාරණය කර ඇත.
වීදුරු නිවාසවල සිට ගල් නොගසන ලෙස එවැනි විරුද්ධවාදීන්ගෙන් ඉල්ලීමක් කරන ඒ මහින්ද , සත්‍යය වසන් නොකළ යුතු බවද කිසියම් හොඳ ක්‍රියාවක් සිදුකරන පුද්ගලයෙකුට එහි ගෞරවය හිමිවුය යුතු බවද පවසයි

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger