BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Saturday, December 27, 2014

දේශපාළුවෝ තමයි තමයි පත්තර රස්සාවත් කෑවේ...!!!

දැන් නම් අමුතු ජාතියේ පත්තරකාරයෝ ඉන්නවා. ඒ අය පත්තරවලට එන්නෙ බලලා යන්න. ඩිප්ලෝමා, ඩිග්රි සේරම කරලා පත්තරේට ඇවිත් අමාත්‍යාංශ වල ජොබ් හොයන අය තමයි අද ඉන්නේ. අපේ යුගයේ අය ආවොත් පත්තරේට, කවදහරි යන්නෙත් පත්තරේකින්ම තමයි. දැන් මං අවුරුදු 56ක් එක දිගටම පත්තර රස්සාවේ. එහෙම යුගයක් දැන් නැහැ. අද ඉතිං පත්තරවල වැඩ කරන්නත් ඇමතිවරුන්ගේ ලියුම් අරන් එන තත්ත්වයක් තියෙනවනේ. දේශපාළුවෝ තමයි   තමයි පත්තර රස්සාවත් කෑවේ.
ඇයි එහෙම කියන්නේ...?

ප්‍රවීණ  මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න  ලේක්හවුසියෙන් මාධ්‍ය ජීවිතය අරඹා පසුව ටයිම්ස් පුවත්පත් සමූහයේ ප්‍රධාන කතුවරයා බවට පත්වූයේය. ලංකාවේ බිහිවූ මුල්පෙළේ දේශපාලනඥයන් සමග සමීපව රාජකාරී කටයුතු කළ හෙතෙම කෘතහස්ත ජනමාධ්‍යවේදියකු ලෙස පත්තර කලාව තුළ සිය මුද්‍රාව තැබූවෙකි.
පත්තරකාරයකුට විශ්‍රාම යන්න පුළුවන්ද...?
බැහැ. පත්තර රස්සාව කියන එක කරනවා නම් ඔහුට විශ්‍රාමයක් නැහැ. දැන් නම් අමුතු ජාතියේ පත්තරකාරයෝ ඉන්නවා. ඒ අය පත්තරවලට එන්නෙ බලලා යන්න. ඩිප්ලෝමා, ඩිග්රි සේරම කරලා පත්තරේට ඇවිත් අමාත්‍යාංශ වල ජොබ් හොයන අය තමයි අද ඉන්නේ. අපේ යුගයේ අය ආවොත් පත්තරේට, කවදහරි යන්නෙත් පත්තරේකින්ම තමයි. දැන් මං අවුරුදු 56ක් එක දිගටම පත්තර රස්සාවේ. එහෙම යුගයක් දැන් නැහැ. අද ඉතිං පත්තරවල වැඩ කරන්නත් ඇමතිවරුන්ගේ ලියුම් අරන් එන තත්ත්වයක් තියෙනවනේ. දේශ පාලනඥයො තමයි පත්තර රස්සාවත් විනාශ කෙරුවේ.
ඇයි එහෙම කියන්නේ...?
කවුරුහරි බලවත් දේශපාලනඥයෙක් කවර් කරන්න ලේක්හවුස් එකෙන්, ටයිම්ස් එකෙන් තව තව පත්තරවලින් යවනවා කියලා හිතන්න. එයා අර දේශපාලනඥයා සමග රට පුරා ගිහින් රෙස්ට් හවුස්වල නැවතිලා කාලා බීලා එනවා. එක කාලයක් තිබුණා රිපෝටර් කන්තෝරුවට එන්නේ පෙටිකෑෂ් ගන්න විතරයි. ගිය ගමනෙනුත් ගාණක් හම්බ වෙනවනේ. කොහොමද ගමන කියලා ඇහුවාම මම කර්තෘ වුණත් මට කියන්නෙත් නැහැ වෙලාවක කියන්නම්කො කියලා මග ඇරලා යනවා. අන්තිමට දේශපාලනඥයො වාර්තාවට හෙඞ් ලයින් එකත් දාලා එවන්න ගත්තා. මෙන්න මේක ඇමතිතුමා දුන්නා දාලා දෙන්න කියලා ඒක ලියුම් කවරෙක දාලා මට දීලා ඌ යනවා යන්න. පත්තර රස්සාව ඔය තත්ත්වෙට වැටුණා.
දේශපාලනඥයො මේක විනාශ කරනවිට පත්තරකාරයෝ මොකක්ද ඊට එරෙහිව කළේ?
මොකුත් කෙරුවේ නැහැ. මම ඉස්සෙල්ලම වැඩ කරන්න ආවේ ගාඩියන් එකේ. මම එක කාලයක් නීති විද්‍යාලයේ හිටියා. ඒ ඉන්න ගමන් උසාවියට යනවා. පත්තරවල ලියන කට්ටියත් එතනදි හම්බවෙනවා. ඒ එක්කෙනෙක් මගෙන් ඇහුවා ඔයා කැමති නැද්ද පත්තරේක වැඩ කරන්න කියලා. මං කැමතියි කිව්වා. ඊට පස්සෙ ගාඩියන් එකෙයි ජාතිය පත්තරෙයි වැඩ කෙරුවා.
ලේක්හවුසියට එන්නේ කොහොමද?
පත්තරේ දැන්වීමක් දාලා තිබුණා. මම ඉන්ටර්වීව් එකට ගියා. මට ඒ වෙනකොට එකම ටයි එකයි තිබුණේ, ඒක රතුපාට එකක්. මේ වෙනකොට මං ලෝ කොලේජ් යෑම නවත්තලා කෙළින්ම පත්තර රස්සාවට හිත යොමු කරලා තිබුණේ. ඉතිං රතු ටයි එකත් දාගෙන මම ලේක්හවුස් ගියා. ඒ වෙනකොට සුබසිංහ මහත්මයා සිළුමිණ කර්තෘ. මාත් එක්ක ආනන්දේ හිටපු කෙනෙක්. මාව දැකපු ගමන් කිව්වා යකෝ මොකද මේ රතු ටයි එකක් ඇඳන් ආවෙ, රතු ටයි අඳිනවා කියන්නේ හංවඩු ගහලා පන්නන වැඩක් කියලා. මං කිව්වා ඉතිං මට තියෙන්නෙ මේක විතරයි කියලා.
පැනල් එකේ හිටියේ එස්මන්ඞ් වික්‍රමසිංහ, ටාසි විට්ටච්චි, ඩෙන්සිල් පීරිස්, මීමන ප්‍රේමතිලක. පංච බලවේගය, සිංහල ජාතිය වගේ ප්‍රශ්ණ මගෙන් ඇහුවා. කොහොමහරි මාව තේරුණා. ඉතිං දිගටම වැඩ.
එල්මෝ මහත්තයගේ අතීත විත්තිය කොහොමද?
අපේ තාත්තගේ ගම නුවරඑළිය. අම්මගේ ගම අක්මීමන. මේ දෙන්නා හම්බවෙලා තියෙන්නේ මරදානෙදි. තාත්තගේ තාත්තා බොරැුල්ලේ තැපැල් කන්තෝරුවෙ වැඩ කළා. අම්මගේ තාත්තා වෙද මහත්තයෙක්. තැපැල් කන්තෝරුව ඉස්සහර තමයි බෙහෙත් සාප්පුව තිබිලා තියෙන්නේ. ඔහොම තමයි අම්මයි තාත්තයි හම්බවෙන්නේ. තාත්තා කතෝලික. අම්මා බෞද්ධ. බැඳලා ටික කාලෙකින් තාත්තා බෞද්ධ වෙනවා. මම ඉපදුණේ 1933දී. මමත් මුලින් වෙස්ලි කොලේජ් එකට ගිහින් පස්සෙ ආනන්දෙට ආවා. අපි පදිංචි වෙලා හිටියේ කොළඹ. යුද්දෙ කාලේ ගම්පහ හිටියා. ඒ කාලේ ආනන්ද විද්යාලයක් ආවා ගම්පහට. ඒකෙ ඉඳලා කොළඹට ආවට පස්සේ කොළඹ ආනන්දෙට ගියා.
ආනන්දෙ අත්දැකීම් කොහොමද?
ආනන්දෙන් තමයි හුඟක් මාක්ස්වාදී නායකයෝ බිහිවුණේ. එන්.එම්, පිලිප්, රොබට්, බර්නාඞ්, එස්.ඒ. වික්‍රමසිංහ වගේ අය. අපේ කාලෙදිත් ආනන්දෙ ශි‍ෂ්‍යයන්ට තිබුණා මාක්ස්වාදී අදහස්. මේ කාලේ ස්ටුඩන්ට්ලගේ ඡුන්දයක් ඉස්කෝලේ තිබුණා. ඡුදිඑ ඵ්එරසජ ීඑමාැබඑ ඹබසදබ කියලයි ඒකට කිව්වේ. මාත් තරග කෙරුවා. ඒකෙදි ශි‍ෂ්‍යයො දෙකට බෙදිලා හිටියේ. ධනපති පන්තිය සහ අපි වගේ පීඩිත පන්තිය. ධනපති පන්තියෙ බිස්නස්කාරයන්ගේ පුත්තු, දොස්තරලගේ පුත්තු හිටියේ. අපේ තාත්තා ලිපිකරුවෙක්. මම ලේකම් වුණා. පබ්ලිසිටිවලට වියදම් කෙරෙැවෙ ශත 12යි. ඒ වනවිට විදුහල්පතිතුමා මෙත්තානන්ද මහත්තයා. එතුමා අපෙන් ඇහුවා උඹලා අලූතින් පත්වෙච්ච අය මගෙන් මොනවද කෙරෙන්න ඕන කියලා. මං කිව්වා අපේ පාසලෙන් බිහිවෙච්ච වාමාංශික නායකයන්ට ඉස්කෝලෙට එන්න තහනම්. ඒ තහනම අයින් කර දෙන්න කියලා. ධනපති බලය නිසා මේ මිනිස්සුන්ටවත් ඉස්කෝලෙට එන්න ඒ කාලේ ඉඩක් තිබුණේ නැහැ. මෙත්තානන්ද සර් ඇහුවා කාවද ගේන්න ඕනේ කියලා. මං කිව්වා ඩොක්ටර් එන්.එම්. පෙරේරා කියලා. ඔන්න ඉතිං එදා හවස මමයි සංගමේ සභාපතියි එන්.එම්.ලගේ ගෙදර ගිහින් විස්තරේ කිව්වා. එන්.එම්. හහ් හහ් ගාලා හයියෙන් හිනාවුණා. ඊට පස්සෙ ඇහුවා කාටද පිස්සු? උඹලටද නැත්නම් මෙත්තානන්දටද කියලා. එන්.එම්. ඇවිත් හරි ෂෝක් කතාවක් කෙරුවා. අන්තිමට කොල්ලො එන්.එම්.ට ගෙදර යන්න දුන්නේ නැහැ. උන් කාරෙක ස්ටාර්ට් කරන්න නොදී පුංචි බොරැුල්ලට එනකං තල්ලූ කරගෙනත් ආවා.
ලේක්හවුස් එකේ ජීවිතේ කොහොමද?
මාව වැටුණේ ඩෙන්සිල් පීරිස් යටතට. මීමනයි ටාසියි දෙන්නත් මගේ ලොක්කො. මම ඉගෙන ගත්තේ ඉංග්රීසියෙන්. මාව දැම්මේ ජනතා සහ ඔබ්සර්වර් පත්තරවලට. එඞ්මන්ඞ් රණසිංහ ප්‍රවෘත්ති කර්තෘ. එයා මට කතාවක් ලියන්න කිව්වා. ඒක ලියලා මම මීමනට දුන්නා බලන්න. එයා ලොක්කනේ. ටිකක් වෙලා ලිපිය කියවලා තෝ මොන ඉස්කෝලෙද යකෝ ඉගෙන ගත්තේ කියලා ඇහුවා. මං ආනන්දෙ කිව්වා. යකෝ ආනන්දෙ එවුන්ට සිංහලෙන් ලියන්න බැරිද කියලා මං ලියපු එක වීසි කරලා දැම්මා. මේ වැඬේ හරියන්නෙ නැහැ ශේප් වෙන්න ඕන මෙතනින් කියලා මම මගේ සීට් එකට ගිහින් කල්පනා කර කර ඉන්නකොට මීමන ළඟට ආවා. උඹ කෑවද ඇහුවා. මං කිව්වා තාම නැහැ සර් කියලා. ඊට පස්සේ කිව්වා වරෙන් යකෝ කන්න යන්න කියලා. මට දැන් බයේ බැහැ. මූ මට ගහයි කියලා. මාත් එතකොට අවුරුදු දහනමේ පොඩි එකා. ගිහින් ගිහින් ලෝර්ඞ් නෙල්සන් හෝටලයට ඇතුළු වුණා. උඹ මොනවද බොන්නේ ඇහුවා. මං කිව්වා වතුර එකක් බොමු සර් කියලා. මීමන කිව්වා වතුර නෙමෙයි යකෝ අරක්කු නැත්නම් බීර බීපං කියලා. පස්සේ මම කිව්වා සර් කියන එකක් බොන්නම් කියලා. එහෙනම් බීපිය අරක්කු කියලා දෙන්නම අරක්කු බිව්වා. එතකොට මං ජීවිතේට කටේ තියලා නැහැ. මං නොබීවා නම් මිනිහා ගහනවා. ඇත්තටම මීමනයි ඩෙන්සිලූයි මට ජනමාධ්‍ය ඉගෙන ගන්න හුඟක් උපකාර කළා.
ඒ කාලේ ලේක් හවුසිය ආණ්ඩුවත් සමග ගනුදෙනු කළේ කොහොමද?
මම ගියේ 54දී. සර් ජෝන් අගමැති. එයත් එක්ක ලංකාව වටේ යන්න හිටියා රිපෝටර්ලා 15ක් විතර. බණ්ඩාරනායක මහත්තයා ගාවට යන්න එකෙක්වත් කැමති නැහැ. සර් ජෝන් ගාවට යන එවුන්ට හරි වාසියිනේ. අන්තිමට බණ්ඩාරනායක ළඟට යන්න වුණේ මට. මං රොස්මීඞ් ගිහින් එතුමා හම්බවෙලා විස්තරේ කිව්වා. මිනිහා ඒක අහලා හයියෙන් හිනාවෙලා ඇහුවා ලේක්හවුස් එකටත් මාව මතක් වෙලාද කියලා. ලේක්හවුස් එකෙන් මට බණ්ඩාරනායකගේ රැුස්වීම් කවර් කරන්න යන්න වාහනයකුයි සල්ලියි දෙනවා කියලා කලින් කිව්වට ශත පහක් දුන්නේ නැහැ. මං බස් එකේ ගිහින් රිපෝට් ලිව්වෙ. ඒවත් කෑල්ලයි පළවෙන්නේ. බණ්ඩාරනායක මේ ප්‍රශ්ණ දැනගෙන මාව එයාගේ කාර් එකේ එක්කරගෙන යන්න පටන් ගත්තා. මම රට පුරා ගියේ ඔහු සමගයි.
ඇත්තටම බණ්ඩාරනායකට රට ගැන තිබුණු අදහස මොකක්ද...?
ඒක මං කියන්නම්. ඔන්න දවසක් ජාතික ඇඳුම ඇඳපු කෙනෙක් ඇවිත් බණ්ඩාරනායකට වැඳලා කිව්වා සර් මට මුතුර් හරි දෙන්න, මං සංවිධානය කරන්නම් කියලා. බලමුකො. දැනට මොකුත් කරන්න අමාරුයි
කියලා බණ්ඩාරනායක කිව්වාම අර මිනිහා පැත්තකට ගියා. මෙන්න එතකොටම ටෙලිග්රෑම් එකක් ආවා. දඹුල්ල මන්ත්රී ශ්‍රීලනිපෙන් අස්වෙලා. ඒ ගමන අර පැත්තක වාඩිවෙලා හිටපු මනුස්සයට දඹුල්ල දුන්නා. ඊට පස්සේ කිව්වා දඹුල්ලට ගිහින් යූකේ එඞ්මන්ඞ් හම්බවෙයන් මිනිහා ඒ තර්ටි කාරෙකකුයි, පන්දාහකුයි දෙයි කියලා. ටී.බී. තෙන්නකෝන් ඉතිං වැඩ. ඔන්න අපි දවසක් දඹුල්ල රැුස්වීමකට ගියා. පාරෙ යන්න බැහැ සෙනඟ. මේකනං තෙන්නයගේ රැුස්වීමක් වෙන්න බැහැ. වෙන කාගෙ හරි රැුස්වීමකට යන එවුන් වෙන්න ඇති කියලත් බණ්ඩාරනායක මහත්තයා කිව්වා. බලනකොට තෙන්නකෝන්ගෙ සෙනග. මිනිහා පැරැුද්දුවේ ඇල්ලේපොළ කියලා ලොකු මිනිහෙක්ව. බණ්ඩාර නායකටත් පුදුමයි. ඔන්න තව දවසක් අපි බස් ජනසතුව ගැන රැුස්වීමකට යනවා. ඒක කළ යුතුයි කියන්නනේ යන්නේ. ඒ.පී. ජයසූරියත් වාහනේ හිටියා. බණ්ඩාරනායක යන ගමන් අහනවා ඒපී උඹ හිතනවද බස් ජනසතු කළොත් කිසිම දවසක මේ මිනිස්සුන්ට බී.එච්. විලියම් වගේ සෙමනේරිස් අප්පුහාමි වගේ, එම්ජේ.වගේ බීජේ වගේ බස් ගෙනියන්න පුළුවන්වෙයි කියලා. බණ්ඩාරනායක ජනසතු කිරීමට විරුද්ධවයි ඒ අදහස් පළ කළේ. ඒත් රැුස්වීමට ගිහින් දුන්නා මාර කතාවක් ජනසතු කරන්නම ඕනෙ කියලා. මිනිහා දන්නවා ජනතාවට භාර දුන්නොත් වැඬේ අප්සට් කියලා. ඒක හරිනෙ ඉතිං. ඒත් ඒක කියලා ඡුන්දෙ දිනන්න බැහැනේ. බණ්ඩාරනායක මහත්තයාගේ කොයි වැඩෙත් ඔහොම තමා ඉතිං. අන්තිම දක්ෂිණාංශික අදහස් තිබුණු මිනිහෙක්. මොන සමාජවාදයක්වත් තිබුණේ නැහැ. කොහොම හරි අගමැති වෙන්න වුවමනාව නම් තිබුණා. මිනිහා ඉතිං අතිදක්ෂ කථිකයා. පැය ගණන් වුණත් අහගෙන ඉන්න හිතෙනවා. මිනිස්සු අල්ල ගන්නත් දක්ෂයා.
අගමැති වුණාට පස්සේ මොකද වුණේ?
මම ඉතිං ලේක්හවුස් එකේ සිංහයා වුණා. ඔන්න මුලින්ම ගාල්ලේ සම්මේලනයකට අපි ගියා. ඒකට කලින් උදේ කෑම බෙන්තොට බීච් හොටෙල් එකේ. හෙක්ටර් සුමතිපාල කියලා ලේක්හවුස් එකේ ෆොටො ග්‍රැෆර් කෙනෙක් හිටියා. ඌට අමුතු පිස්සුවක් තිබුණා වෙනස් වෙනස් ෆොටෝ ගන්න. දැන් බණ්ඩාරනායක මහත්තයා අපිට කෑම ඕඩර් කරලා එයත් කන්න සූදානම් වෙනවා. හෙක්ටර් මට කියනවා බණ්ඩාරනායක ඉඳිආප්ප කන්නේ හැඳි ගෑරුප්පුවලින්නේ බං. මං කොහොමහරි පින්තූරයක් ගන්නවා කියා. මං කිව්වා පිස්සුද බං ඕවා කරලා ගුටිකන්න වෙයි කියලා. මූ අහන් නැතුව බණ්ඩාරනායක ළඟට ගිහින් පුටුවකුත් තියලා උඩට නැග්ගා. බණ්ඩාරනායක මහත්තයට තේරිලා බ්ලඩි ෆූල් කියලා බැන්නා. සුමතිපාලයා බයවෙලා පුටුවත් පෙරළගෙනම බණ්ඩාර නායක ඉන්න තැනම කෑම මේසෙ උඩට දඩාස් ගාලා වැටුණා. මුළු කෑම මේසෙම තිබුණු කිරි හොදියි අල හොදියි මාළුයි හැමෝගෙම ඇඟවල්වල. බණ්ඩාරනායක දිනුවට පස්සේ මම එයාගෙන් ඉල්ලපු එකම ඉල්ලීම තමයි ලේක්හවුස් එකේ වෘත්තීය සමිතියක් පිහිටුවන එක. ඒක අපි කෙරුවා.
ජර්නලිසම්වලින් ඔබ ඉස්සරහට ගියේ මොන විදියටද?
එල්මෝ ගුණරත්න ඇමති කෙනෙක් හම්බවෙන්න ඇවිත් කියාල පණිවුඬේ ගිය ගමන් මේසෙ උඩ තියන ෆයිල් සේරම එකතු කරලා ගිහින් කබඞ්වලට දාලා වහනවා මම උස්සයි කියලා. සේරම ෆයිල් අස්කරලා නතිං නෝ, නව් කම් වට් ඩූ යූ වෝන්ට් කියලා අහනවා. දවසක් රාජා තිලකරත්න කියන ජනතා නිව්ස් එඩිටර් බණ්ඩාරනායකගෙ කැබිනට් එක ඉල්ලා අස්වෙයි කියලා හෙඩිමක් ගහලා. බණ්ඩාරනායක හම්බවෙන්න කවුරුත් යන්නැති වෙලාවක මමයි ඩෙන්සිල් පීරිසුයි ගියා. බණ්ඩාරනායක කිව්වා අර මිනිහව අයින් කරන්න කියලා. කවදාකවත් ඔහු කා ගැනවත් එහෙම කියලා නැහැ. බැලින්නම් රාජා බුද්ධරක්ඛිතගෙ දකුණු අත. ඇත්තටම මේ කාලය තුළ එස්මන්ඞ් වික්රමසිංහ මාව අවස්ථා කිහිපයකදීම පිටරට යැව්වා වැඩිදුර අධ්යාපනයට. මුලින්ම 55 දියි ඔහු මාව ඔක්ස්ෆර්ඞ් යැව්වේ. ජපානයට ගියා. ඉන්දියාවට ගියා. ඒ පසුබිම තමයි මාව ගොඩනැගුවේ.
බණ්ඩාරනායක ආවට පස්සේ රටේ වෙනසක් වුණාද....?
සමහර ක්‍ෂේත්රවල. එතුමාත් බදාදාට පත්තර කාරයෝ හම්බ වෙනවා. ඕනෙ ප්‍රශ්ණයක් අහන්න පුළුවන්. උත්තරත් දෙනවා.
සිංහල පමණක් ප්‍රතිපත්තිය ගැන ජර්නලිස්ට්ලා ඇහුවද?
ඇහුවා. කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ. මිනිස්සු හානියක් කෙරුවොත් ඇරෙන්න වෙන අවුලක් වෙන්න විදිහක් නැහැ කියලයි ඔහු කිව්වේ.
ඒත් ඉතිං හානියක් වුණානේ. එතකොට ඇහුවද...?
හානියක් වෙන්න ගත්තට පස්සෙ තමයි මම ඒ ප්‍රශ්නෙ ඇහුවේ. එතකොට එයා කිව්වා මේක කවුරුහරි මිනිස්සු කුලප්පු කිරීම නිසා වෙන දෙයක් කියලා. අපේ මිනිස්සුම තමා පසුබිමේ ඉන්නේ කියලත් ඔහු කිව්වා. මීට වඩා ඉදිරියේදී ප්‍රශ්ණ ඇතිවිය හැකියි. දැන්ම ප්‍රවේශම් වෙන එක හොඳයි කියලත් ඔහු කිව්වා. විමලා විජයවර්ධනලගේ බුද්ධ රක්ඛිතලගෙ ප්‍රශ්ණෙ නොකියා කීමකුයි ඔහු එහිදී කළේ. මේගොල්ලෝ ඒකාධිපතිවාදයට යන්න හදනවා. අපි සමාජවාදී ගමනක් යන්නෙ කියල පැයක් විතර ලෙක්චර් එකක් මට දුන්නා. හරි පුදුම චරිතයක්. බස් ජනසතුව ගැන කිව්වා වගේ තමයි අනික් ඒවා ගැනත් එයා හිතුවේ. මොන සමාජවාදයක්වත් නැහැ. ඩඞ්ලි ධනපති නායකයෙක් වුණත් බණ්ඩාරනායකට වඩා අවංකයි කියලයි මම හිතන්නේ.
ටයිම්ස් එකට යන්නේ කොහොමද...?
ලේක්හවුස් එක රජයට ගැනීමට විරුද්ධව මම අස්වුණා. මට රස්සාවක් නැතුව ටික කාලයක් ඉඳලා ටයිම්ස් එකට ගියා. ඊට පස්සේ මුළු ගෲප් එකේම කර්තෘ වුණා.
බණ්ඩාරනායක ඝාතනය වෙච්ච දවස මතකද...?
ඔව්. ආරංචිය ආපු ගමන් අපි ගියා රොස්මිඞ් ගෙදරට. යනකොට ගේට්ටුව වහලා. අගමැතිතුමාවත් ගෙනියලා. සෝමාරාමවත් ගෙනියලා. ඞී.අයි.ජී. සිඞ්නි සොයිසා ගේට්ටුව ළඟ ඉඳලා අපිව පන්න ගත්තා. අපි ගියා මර්චන්ට් වෝඞ් එකට. එතනට ආවා සර් ජෝන්. මම ඇහුවා වට් ඉස් හැපනිං සර් කියලා. මිනිහා කිව්වා ‘‘අයිසේ මම කිව්වා ඔය යකාට මේ බල්ලො බන්ද ගන්න එපා කියලා. යකෝ බල්ලො බැඳලා ඉඳලා ලිහුවාම හපනවා. ඒ එකෙක් තමා මේ යකාව හපලා තියෙන්නේ’’ කියලා


 විමලනාත් වීරරත්න

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger