එදා හකීම් සහ ප්‍රභාකරන් සමඟ ඇතිකර ගත හොර ගිවිසුම තුළින්ද මතු වූ දෙබිඩි පිළිවෙත
තමන් අන්තවාදී පිළිවෙතක සිටිමින් ඊට එරෙහි වන සියලුම සංවිධාන අන්තවාදීන් ලෙස හංවඩු ගසමින් හකීම් ඇතුළු බොහෝ මුස්‌ලිම් දේශපාලනඥයන්ගේ මේ නාඩගම් ගැන රටේ ජනතාව දැනුම්වත් විය යුතුයි.
මුස්‌ලිම් කොංග්‍රසය ආණ්‌ඩුවෙන් ඉවත්ව යැම පිරිසකගේ දොම්නසටත් පිරිසකගේ ප්‍රමෝදයටත් හේතුවී තිබේ. එහෙත් අප විශ්වාස කරන්නේ කිසි විටෙකත් එය එසේ "දුකට" පත්වීමට තරම් කාරණාවක් නොවන බවය. මෙය "ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි" පන්නයේ නාටකයක් නොවේ. අප දුක්‌විය යුත්තේ වසර කිහිපයක් හෝ මේ නාඩගම සමග කල් ගෙවන්නට සිදුවීම ගැනය. එසේ හෙයින් මෙය සියල්ලෝම සතුටුවිය යුතු අවස්‌ථාවක් ලෙස සැලකීම මැනවි.
හකීම් (මුස්‌ලිම් කොංග්‍රසයේ) කේවල් කිරීම පසුගිය සති කිහිපය පුරා දේශපාලන ක්‍ෂේත්‍රයේ තදින් කතාබහට ලක්‌වූවකි. ජනාධිපතිවරණ සටනේදී මුස්‌ලිම් කොංග්‍රසය සිටගන්නේ කා සමගද යන්න ජනතාව විපරමින් පසුවූ කාරණයක් විය. එහෙත් මුස්‌ලිම් කොංග්‍රසය හා තවත් එවැනි සුළු ජාතික පක්‍ෂවල "බොරදියේ මාළු බෑම" ගැන බොහෝ දෙනෙක් දැන සිටියහ. ඒ අතීත පාඩම් නිසාය.
පසුගිය ඉරුදින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මුස්‌ලිම් කොංග්‍රසය කීවේ පොදු අපේක්‍ෂකයාට සහාය පළකරන බවය. මු.කො. වැනි පක්‍ෂ එවැනි තීන්දු තීරණ ගැනීම දේශපාලනයේ අපූර්වතම සිද්ධීන් ගණයට නොවැටේ. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක් ආසන්නයේ හෝ මැතිවරණයක් ආසන්නයේ මෙවැනි කේවල් කිරීම් අපට හුරු පුරුදු ඒවාය.
ගැටලුව ඇත්තේ ඔවුන් ආණ්‌ඩුව අත්හැර දමන ලද කාරණයේය. මුස්‌ලිම් කොංග්‍රස් ගැන්සියේ ඉල්ලීම් ගණනාවක් විය. ඒ අතර සුවිශේෂී ඉල්ලීමක්‌ද විය. ඒ කල්මුණේ, සමන්තුරේ, අක්‌කරේපත්තු ප්‍රදේශ එක්‌කළ වෙනම මුස්‌ලිම් පරිපාලන ඒකකයක් ලබාදෙන සේ කළ ඉල්ලීමයි. 13 ඉල්ලා ජාත්‍යන්තරය සමග පරසක්‌වල ගසන අමනයින් බුරුතු පිටින් සිටියද ඒ කිසිදු ඉල්ලීමකට හිස නොනැමූ ආණ්‌ඩුව මුස්‌ලිම් කොංග්‍රසයේ ඉල්ලීම්ද බැහැර කර ඇත.
එහෙත් මුස්‌ලිම් කොංග්‍රසයේ නායක හකීම් පවසන්නේ යහපාලනය පිළිබඳව තමන් ඉදිරිපත් කළ වගන්තියට ආණ්‌ඩුව එකඟ නොවීම හේතුවෙන් ආණ්‌ඩුවෙන් ඉවත්ව පොදු අපේක්‍ෂකයාට සහාය පළ කිරීමට තමන් තීරණය කළ බවය. සාමාන්‍යයෙන් කවර තලයක වුවද සුළු පක්‍ෂයක් එවැනි සරල හේතු කාරණාවක් මත ආණ්‌ඩුවක් (විශේෂයෙන් වරප්‍රසාද සහිද තනතුරු සමග රැඳී සිටි ආණ්‌ඩුවක්) අතැර ඉවත්ව යාම විශ්වාස කළ නොහැක්‌කකි.
හකීම් ආණ්‌ඩුවට ඉදිරිපත්කරන යෝජනාව මාධ්‍යට කී කතාව නොවේ. "වෙනම පාලන ඒකකයක්" යනු මෙරට දේශපාලන වටපිටාව තුළ ප්‍රායෝගික තලයේ එකක් නොවේ. බෙදුම්වාදය, අන්තවාදය, ප්‍රතික්‌ෂේප කළ ඊට එරෙහිව සටන් කළ රටක ආණ්‌ඩුව මෙවැනි ඉල්ලීමකට කෙසේවත් එකඟ වන්නේ නැත.
හකීම්ට පමණක් නොව සුළු ජාතික දේශපාලන පක්‍ෂ බොහෝමයකට අමතක වූ කරුණක් තිබේ. ඒ "රජුන් තනන" ටයිටලය ඔවුන්ගෙන් ගැලවී බොහෝ කල් ඉක්‌ම ගොස් ඇති බවය.
මෙවැනි කේවල් කළ හැකි බොහෝ අවස්‌ථාවල, තමන්ගේ පටු අන්තවාදී අරමුණු සපුරාගනු පිණිස කටයුතු කිරීම සුළු ජාතික දේශපාලනයෙහි ආවේණික ලක්‍ෂණයක්‌ය. ඊට තමන්ගේ පරම සතුරකු සමග වුවද අත්වැල් බැඳ ගැනීමට සුළු ජාතික දේශපාලනයෙහි පටු පරමාර්ථ ඇති අන්තවාදීන් පසුබට නොවේ. ප්‍රභාකරන් ප්‍රමුඛ එල්ටීටීඊය මුස්‌ලිම් ජනතාව බුරුතු පිටින් මරා දමා තිබියදීත් එක් මොහොතක, ප්‍රභාකරන් සමග කිලිනොච්චියේදී ගිවිසුමකට එකඟවීමට තරම් හකීම්ගේ පාදඩ දේශපාලනයට හැකියාව තිබුණු බව අමතක කළ යුතු නැත.
තමන් අන්තවාදී පිළිවෙතක සිටිමින් ඊට එරෙහි වන සියලුම සංවිධාන අන්තවාදීන් ලෙස හංවඩු ගසමින් හකීම් ඇතුළු බොහෝ මුස්‌ලිම් දේශපාලනඥයන්ගේ මේ නාඩගම් ගැන රටේ ජනතාව දැනුම්වත් විය යුතුයි. ආණ්‌ඩුවේ සිටින තාක් හකීම්ගේ පිළ අන්තවාදී යෑයි කියූ පිරිසම, හකීම් ආණ්‌ඩුවෙන් ඉවත්වූ පසු එය "බුද්ධිමත් දේශපාලන තීන්දුවක්" ලෙස වර්ගීකරණය කරන්නේ කෙලෙසද යන්න ගැටලුවකි.
දුක හිතෙන්නට නොව හිනාවෙන්නට කාරණය මතුවන්නේ එවිටය. පොදු අපේක්‍ෂක සන්ධානයේ සිටින්නේද "හලාල්" අහන්නටවත් කැමති නැති පිරිසක් බවද අපි හකීම්ට මතක් කර දෙන්නෙමු.
දිවයින කතුවැකියෙන්
Post a Comment