සියලු ම මුස්ලිම් වැසියන්ට ජීවිතයේ එක් වරක් හෝ මක්කම වන්දනාමාන කිරීමේ අවස්ථාව ලැබෙන වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ පැවසීය.
මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කළේ (20) අම්පාර ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් කල්මුණේ කඩකර මුස්ලිම් පල්ලියේ දී ආගමික වතාවත් සඳහා සහභාගිවීමෙන් අනතුරුවය.
දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය යටතේ වත් පොහොසත් කම් ඇති අය කිහිපවරක් මක්කම වන්දනාමාන කිරීමට යන ආකාරයක් දක්නට ලැබෙන බව පැවසූ මහින්ද රාජපක්ෂ එම ක්‍රමය වෙනස් කර සැමට සමාන අවස්ථා ලැබෙන ක්‍රමයක් ආරම්භ කරන බව පැවසීය.
මේ රටේ සියලු ජාතීන්ට සියලු ආගමිකයන්ට නිදහසේ තම ආගම ඇදහීමේ අයිතිය ලබාදුන්නෙත් නිදහසේ තම කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබා දුන්නෙත් වත්මන් රජය බවත් මහින්ද රාජපක්ෂ පැවසීය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment