විවිධ දේශපාලන පක්‍ෂ හා නියෝජිතයින් අපට එකම වේදිකාවකට ගෙන ඒමට ලැබීම අප ලැබූ ජයග‍්‍රහණයක්. දුෂණයට වංචාවට එරෙහිව මේ රැුස්වීමට ජනතාව එන්නෙ රැුකියා බලාගෙන නොවෙයි. අපි කසිප්පු බොන්න දීලා ජනතාව ගේන්නෙ නැහැ. අද හැමෝගෙම ප‍්‍රශ්නය පොදු අපේක්‍ෂකයා කවුද කියලයි. ඒ අපේක්‍ෂකයා ඉදිරිපත් කිරීමට අවශ්‍ය සමාජ බලවේගය මේ වනවිට ගොඩනැගී තිබෙනවා. ජනතාවගේ මතවාදය නොසලකා ජනපතිවරණයක් පවත්වනවා නම් ජනපතිවරයා පරාජය කිරීමට අවශ්‍ය ජනතා ශක්තිය දැන් ඒකරාශි වී තිබෙනවා. අපි මේ සියලූ දෙනා එකතු කළේ දින හතරකින්. රජය කියනවා යුද්ධය ජයග‍්‍රහණය කළේ, යුද්ධ කළේ ඔවුන් කියලා. නමුත් යුද්ධයේ ජයග‍්‍රහණය වෙනුවෙන් පදනම දැම්මේ අපියි. අද අපිත් එක්ක බොහෝ පක්‍ෂ එක්වී සිටිනවා. මේ කියාපාන්නේ වෙනසක ඇරැුඹුමයි.
අපි මහින්ද රාජපක්‍ෂ පරාජය කරනවාමයි. එය ධර්මයේ හඬයි. මිනිසුන්ගේ පපු කැවුතු තුළින් එන හඬ එයයි. ජනපතිවරණය ප‍්‍රකාශ කළ පසු රජයේ ඇමැතිවරු පහක් දහයක් නොව විස්සකට වැඩි ප‍්‍රමාණයක් අප වෙත පැමිණෙනවා. අපි එකතුවී ඉදිරියට ගමන් කරමු. මහින්ද ජනපතිතුමනි, ඔබ ජනපතිවරණයට යන්න. ඔබේ පැරදීම අනිවාර්යයි. අපි ප‍්‍රතිපත්තිමය ආණ්ඩු මාරුවක් කරනවාමයි.’’ උන්වහන්සේ තිරහඬින් පැවසූහ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment