BREAKING NEWS

රටතොට

Thursday, December 11, 2014

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 12



දිනක් රත්නසිරි වික්‍රමනායක මා සමඟ කථා කරමින් සිටින අවස්ථාවක ඔහු අපුරු යෝජනාවක් ඉදිරිපත් කළේය.චන්ද්‍රිකා මැතිවරණ වේදිකාවේ කථා කරමින් සිටින අවස්ථාවක ඇයට නොවදින්නට ඇය ලඟින් යන්නට වෙඩිල්ලක් තැබිය හැකි බවත් , එවැනි දෙයක් ඇය කෙරෙහි මහජන අනුකම්පාවක් ඇති කොට ඇයට අතිරේක ශක්තියක් ලබා දෙනු ඇති බවත් ඔහු කියා සිටියේය.ඔහුගේ මේ යෝජනාව මගේ කෝපයට හේතු වූ අතර මගේ විරෝධය නිසා ඔහු එම යෝජනාව ඉවත් කර ගන්න බව ප්‍රකාශ කළේය.ආපසු හරි බලන විට  මට සිතෙන්නේ එය රත්නසිරි වික්‍රමනායකගේ යෝජනාවකට වඩා ඇගේම යෝජනාවක් විය හැකි බවය.
ටවුන්හෝල් බෝම්බ සිද්ධිය ඇගේම නිර්මාණයක් බව තහවුරු කිරීමට මා ඉදිරිපත් කරන කරුණු පමණක් ප්‍රමාණවත් විය නොහැකිය.එහෙත් කිසිවෙකුටත් ඒ මතය නිකම්ම බැහැර කිරීමේ හැකියාවක් නැත.ඊට වගකිව යුත්තේ එල්ටීටීයද  නැතිනම් චන්ද්‍රිකා හා ඇගේ මාෆියාව ද යන්න අවසාන වශයෙන් තීරණය කළ හැකි වන්නේ ඒ ගැන සොයා බලන විධිමත් පරීක්ෂණයකින් පමණය.










Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger