මිහිඳු හිමියන් හා සමාන වූ ඒ අසහාය බුද්ධ ශ්‍රාවකයා " ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජන්ම දිනය සමරන මේ දවසේ මගේ කිතුණු සොහොයුරු සොහොයුරියන්ට, මිතුරන්ට සෙනෙහෙබර සුබ නත්තලක් වේවායි පතමි.
ඒ උත්තම පුරුෂයා උපන්නේ දිළින්දකු සේ ගව ලෙනකය. හැදුනේ, වැඩුනේ, ජීවත් වූයේත් පෙළෙන අසරණ මිනිසුන් සමග ඔවුනට උපකාරී වෙමිනි. නිවැරදි දයාවේ දර්ශනය කියා දුන් ඔහු මිනිසුන්ට පමණක් නොව සතුන්ටද සෙනෙහේ පාමින් දිවි සරි කළේය. ඔහු මියදෙන්නේද සාමාන්‍ය මිනිසුන්ගේ සිත්හි අමරණීය වෙමිනි.
ඒ දයාවේ හා සමාජ සේවයේ අනුහසිනි. ඔහුගේ අභාවයෙන් පසු යුදෙව් ධනවතුන් ඒ දයාවේ දහම වෙනස් කරමින් ජනතාවගෙන් දුරට ගෙන ගියා. අද නත්තල ජීවිතය දෙන නොව ගන්නා එකකි. දුගියාට නොව ධනවතාට සැණකෙළියකි. එය උසස් සමාජ පංතියක උරුමයකි. ඒ නිසා ඒ දයාවේ, කරුණාවේ, දහම නැවත මතුව අසරණ, දුගී මිනිසුන් කෙරෙහි මෙත් පතුරණ ලොවටම යහපත ගෙන දෙන, ඒ දයාවේ දහම නැවත මතුවන සිරි සුබ නත්තලක් වේවායි පතමි.පංසලේ පියතුමන් ( මර්සලින් ජයකොඩි) දැක්වූ කවි පෙළක් දක්වමින් මෙසේ අවසන් කරමි.
නත්තල
දිග මුතු වැල් වැසි අහසේ එල්ලෙනවා
බිම වැටි වැටි මොහොතක් මුතු මල් වෙනවා
කළු දිය කොට මැදි රැය තරු දල්වනවා
බොර දිය පීන පීනා නත්තල් එනවා
දිග මුතු වැල් වැසි අහසේ එල්ලෙනවා
බිම වැටි වැටි මොහොතක් මුතු මල් වෙනවා
කළු දිය කොට මැදි රැය තරු දල්වනවා
බොර දිය පීන පීනා නත්තල් එනවා
ගලපන් දිය ගලන් පිළිකුල සෝදා
ගලපන් දය ගලපන් හොඳ ගුණ පාදා
ගලපන් දිය ගලපන් බිඳගෙන බාදා
නැති තැන නව පොකුණු විල් ගංගා සාදා
ගලපන් දය ගලපන් හොඳ ගුණ පාදා
ගලපන් දිය ගලපන් බිඳගෙන බාදා
නැති තැන නව පොකුණු විල් ගංගා සාදා
ඉල් හතු පිපී ගොඩ බිම ලස්සණ වෙනවා
වෙල් ඉවුරේ තණ මල් සුළඟේ යනවා
පන් පඳුරේ කොරවක් හඬ රැව් දෙනවා
බට මල් පොකුරු ළඟ කුරෙක් දිලිසෙනවා
වෙල් ඉවුරේ තණ මල් සුළඟේ යනවා
පන් පඳුරේ කොරවක් හඬ රැව් දෙනවා
බට මල් පොකුරු ළඟ කුරෙක් දිලිසෙනවා
මේවා පෙර නිමිති නත්තල එති ය කියා
දෙවියන් එනුයෙ මඩ පිඬ උඩ පාද තියා
මිනිසා ගේ ගමන බෙර මැද ගීත ගයා
මඩ උඩ මලෙකි - මිනිසගෙ මගෙ සිටියි නයා
දෙවියන් එනුයෙ මඩ පිඬ උඩ පාද තියා
මිනිසා ගේ ගමන බෙර මැද ගීත ගයා
මඩ උඩ මලෙකි - මිනිසගෙ මගෙ සිටියි නයා
නත්තල එන්න මේ බව පහදා දෙන්න
මල් පැල ගව හලය තැන දෙවියන් ඉන්න
මිනිසා සදයි මාලිග නටබුන් වෙන්න
ගව හල මල් පැල සැම දා පවතින්න
මල් පැල ගව හලය තැන දෙවියන් ඉන්න
මිනිසා සදයි මාලිග නටබුන් වෙන්න
ගව හල මල් පැල සැම දා පවතින්න
මගෙ නත්තල දුගියා බත් කන දාය
මගෙ නත්තල වැරැහැලි නැති වන දාය
මගෙ නත්තල ඔබෙ දුක සැනැසෙන දාය
මගෙ නත්තල පව පල්ලිය යන දාය
මගෙ නත්තල වැරැහැලි නැති වන දාය
මගෙ නත්තල ඔබෙ දුක සැනැසෙන දාය
මගෙ නත්තල පව පල්ලිය යන දාය
කොටි ගවයන් හා එක් තැන් වන දාය
නයි ගුල ළඟ දරුවා සැතැපෙන දාය
ඔබ හා මා අත් වැල් බැඳ යන දාය
මගෙ කුස ගිනි බත් කට ඔබ කන දාය
නයි ගුල ළඟ දරුවා සැතැපෙන දාය
ඔබ හා මා අත් වැල් බැඳ යන දාය
මගෙ කුස ගිනි බත් කට ඔබ කන දාය
(මර්සලින් ජයකොඩි පියතුමා)
පුජ්‍ය සපුගසයයේ ධම්මසාර ස්වාමින්වහන්සේ
Post a Comment