බෙත්ලෙහෙමේ පිහිටි මේ දේව මන්දිරයේ පැය බාගෙන් බාගෙට දේව මෙහෙයයන් පවත්වති. එම දේව මෙහෙයයන්ට විවිධ රටවලින් පැමිණෙන පූජකතුමන්ලාට ද අවස්ථාව ලැබේ. ඒ අසිරිමත් දේව මෙහෙයන්ට සහභාගි වීමට ද කිතුනුවන් දසදහස් ගණනින් රැස්වේ. දෙසැම්බර් 24 වැනිදා රාත්‍රී 12 ට පැවැත්වෙන දිව්‍ය පූජාව, නත්තලේ අසිරිමත්ම අවස්ථාවයි.
* බැසිලිකා දෙව්මැදුර
ඉතාලියේ රෝමයේ පිහිටි බැසිලිකා දෙව්මැදුර, ආගමික පිළිවෙත් මධ්‍යස්ථානය වශයෙන් ද සැළකේ. එහි, වතිකානුවේ ශුද්ධෝත්තම පාවුළු පාප්වහන්සේ වැඩවසති. දෙසැම්බර් 24 වැනිදා රාත්‍රී 12 ට පැවැත්වෙන විශේෂ දිව්‍ය පූජා හා 25 වැනි දින පැවැත්වෙන දේව මෙහෙය ද ලොව පුරා රූපවාහිනි මඟින් ප්‍රචාරය කෙරේ. දේවස්ථානයේ නත්තල් මහා දිව්‍ය පූජාව පවත්වනු ලබන්නේ පාප්වහන්සේ විසිනි. පූජාවෙන් අනතුරුව පාප්වහන්සේ, ආශීර්වාද සුබ පණිවිඩය කියවයි.* නන්තල් ගවලෙන
බෙත්ලෙහෙමේ ගව ලෙනකදී සිදුවු ජේසු බිළිඳුගේ උපත සිහිපත් කිරීම සඳහා, කිතුනු බැතිමතුන් තම නිවෙස්වල හෝ මිදුලේ ගවලෙනේ අනුරුවක් සෑදීමට අමතක නොකරති. එමෙන් ම සියලු දේවස්ථානවල ද ගවලෙන සාදති. ගවලෙන සෑදීමේ ආරම්භය 1223 දී ඉතාලියේ ග්රොකියෝ හිදී අසීසියේ සාන්ත ෆ්රැන්සිස්තුමා විසින් සිදුකොට ඇත. නත්තල් දින උදාවට පෙර මෙසේ ගවලෙන සෑදීමට බොහෝ උනන්දුවක් දක්වන්නේ දරුවන්ය. ඔවුන් ඉතා අලංකාරවත්ව ගවලෙන සාදා, බොහෝ සතුටට පත්වේ.* නත්තල් ගස
නත්තල් ගසේ ඉතිහාසය මීට වසර හාරසිය හැටකටත් වඩා අධික ය. මුලින්ම නත්තල් ගස කලඑළි බැස්සේ ජර්මනියේ රයින් ගංඟාවේ ඉහළ ප්‍රදේශයේදී ය. නත්තලට ගවලෙන මෙන් ම, නත්තල් ගස සෑම කිතුණු නිෙවසකම දක්නට ඇත. මේ නත්තල් ගසේ මූලාරම්භය සිදුව ඇත්තේ ජර්මනියෙන් ම ය. ඒ ලීයක කොළ අතු දවටා ඒ මැද ලී රිටක් තබා, ඉටිපන්දම් දැල්වීමෙනුයි. ඉන් කලකට පසු 16 – 17 සියවස්වලදී ලී රාමු ගෙන පිරිමිඩ් සාදා එහි මුදුනේ සහ සතර පැත්තේ ඉටිපන්දම් දල්වා ඇත. නත්තල් ගස සාදා වල්ගා තරුවක්, සෙල්ලම් බඩු ද නත්තල් සීයාගේ අනුරුවක් ද එල්ලා, දිලිසෙන කොළවලින් එය අලංකාර කිරීමත් සිරිතක් වේ.* නත්තල් නාට්‍ය
මීට වසර තුන්සිය අනූ හතකට පෙර එනම් 1615 දී නත්තල් නාට්‍යයක් රඟදක්වා ඇති බව සඳහන් වේ. සිංහල නාඩගම් ඉතිහාසයේ ප්‍රථම නාඩගම වශයෙන් හැඳින්වෙන්නේ හලාවත මිහිඳුකුලසූරිය ගාබ්‍රියෙල් ප්‍රනාන්දුගේ රජතුන්කට්ටුව නාට්‍යයයි. ඉන් අනතුරුව 1746 දී අතිගරු එඩ්මන් පීරිස් අගරදගුරු හිමිපාණන් ද රජතුන්කට්ටුව නාට්‍ය නිර්මාණය කොට රඟදක්වා ඇත. ඉන්පසු නත්තල් නාට්‍ය රැසක්ම රඟදක්වනු ලැබූ අතර, මේ දක්වාම නත්තල් නාට්‍ය දේවස්ථානවල සහ වෙනත් ස්ථානවල ද රඟදැක්වේ.* නත්තල් සුබ පැතුම් පත
නත්තල් කාඩ්පතක් සුබ පැතුමක් ලෙස නිකුත් වූයේ 1843 දීයි. 1874 දී ජර්මන් ජාතිත ලුවිස් ෆ්රෑන්ක් නැමැත්තා නත්තල් කාඩ්පත් අමෙරිකාවේදී මුද්‍රණය කර, ප්‍රසිද්ධ කර තිබේ. නත්තල් මුද්‍රාවක් පළමුවරට 1904 දී ඩෙන්මාර්කයේදී භාවිත වී ඇත. නත්තලට විශේෂිත වූ සුබ පැතුම් කාඩ්පතක් 1840 බ්‍රිතාන්‍ය තැපැල් සේවය ආරම්භ වීමත් සමඟ තැපෑලෙන් යැවීම ද ආරම්භ වී ඇත.*නත්තල් සීයා
නත්තලේ දී පොඩි දරුවන්ගේ ආදරය දිනාගත් තැනැත්තා නත්තල් සීයා ය. සැන්්ටාක්ලෝස් යනුවෙන් හඳුන්වනු ලබන නත්තල් සීයා, වර්ෂ 270 දී පමණ තුර්කියේ මයිරා නගරයෙන් බිහිවිය. කුඩා කල සිටම ආගමට දහමට ලැදිව කටයුතු කළ ශාන්ත නිකලස්, තම මිල මුදල් දුප්පතුන්ට බෙදා දෙමින් අනුන්ගේ දුකට පිහිට වූ කෙනෙකි. පසු කලෙක දේවගැතිවරයෙකු වූ නිකුලස්තුමා ළමයින්ගේ දුකට පිහිට වූ අතර දුප්පතුන් සොය සොයා ගොස් උදව් උපකාර කර ඇත. නත්තල් සීයා නමින් ප්‍රකට වූ එතුමා, වර්ෂ 341 දෙසැම්බර් මාසයේදී ස්වර්ගස්ථ විය.පසු කලෙක නිකුලස්තුමාගේ හැඩරුව ඇති අයකු රතු ලෝගුවත්, රතු උස් තොප්පියත්, සුදු රැවුලත් සහිත තෑගි පිරුණු දෑතත් සමඟ සිටීමෙන් නත්තල් සීයා බවට පත් විය. ඉතාලියේ නත්තල් සීයා වන්නේ කාන්තාවකි. ශාන්ත බෙනානා නමින් හැඳින්වෙන ඇය, නත්තල් දිනට පෙර දින තෑගි භෝග රැගෙන ගෙන්ගෙට ගොස්, ළමයින්ට තෑගි බෙදා දේ. ප්‍රංශයේ නත්තල් සීයා හඳුන්වනු ලබන්නේ, පිරිනොයෙන් යනුවෙනි. ස්විට්සර්ලන්තයේ නත්තල් සීයා බිෂොප්වරයකු මෙන් සැරසී තෑගි භෝග බෙදා දෙයි.
* නත්තල් සිරිත්
“නත්තල” යන වචනය සැදී ඇත්තේ “නතාල්” නම් පෘතුගීසි වචනයෙනි. ඕලන්දයේ නත්තල හඳුන්වනු ලබන්නේ කර්සටමිස් යනුවෙනි. ඉංග්‍රීසියෙන් ක්‍රිස්මස් (Christmas)ය. අප රටේ නත්තල පවත්වනු ලබන්නේ දෙසැම්බර් මස 25 වැනිදාය. ඒ 24 වැනිදා මධ්‍යම රාත්‍රී දේව මෙහෙයන් පැවැත්වීමෙන් අනතුරුව ය. නෙදර්ලන්තයේ නත්තල් උත්සවය පවත්වනු ලබන්නෙ ශුද්ධවූ ශාන්ත නිකුලස්තුමාගේ මංගල්‍යය යී ඇති දෙසැම්බර් හයවැනිදාට ය. එහෙත් සියලු ආගමික වතාවත් දෙසැම්බර් මස 25 වැනිදා පැවැත්වේ.* බ්‍රිතාන්‍ය
බ්‍රිතාන්‍යයේ නත්තල් සිරිත් විරිත් බෙහෙවින් පවත්වයි. නත්තල් දින රාත්‍රියේ ගෙමිදුලේ කෑම බන්දේසියක් තබති. ඒ වෙහෙස වී පැමිණෙන මරියතුමියට සලකන ආකාරයෙනි. ඉදිරි වසර තුළ ජීවිතය ආලෝකවත් වීම සඳහා ද නත්තල් දින රාත්‍රියේ විශාල ලී කොටයකට ගිනි තබති. නත්තල් ඉටිපන්දම යනුවෙන් හැඳින්වෙන එහි අඟුරු නිවෙස්වල ඉතා සුරැකිව තබා ගනිති. ඒ ප්‍රේත උපද්‍රව, සතුරු උපද්‍රව හා අකුණුවලින් ගැලවීම සඳහාය. එමෙන් ම නත්තල් දින රාත්‍රී කාලයේදී ඇපල් අනුභව කිරීමෙන් මුළු වසර පුරාම නිරෝගීව සිටිය හැකි බවටත් විශ්වාස කෙරේ.* ඔස්ට්‍රියාව
ඔස්ට්‍රියාවේ සෑම නිවෙසකම නත්තල් විශේෂ පාන් ගෙඩි දෙකක් සාදති. මින් ඔවුන් සංකේතවත් කරන්නේ බයිබලයේ අඩංගු පුරාණ ගිවිසුම හා නව ගිවිසුමයි. නත්තල් භෝජන සංග්‍රහයෙන් පසු සියලුදෙනා එක්වී, මේ පාන් ගෙඩි දෙක අනුභව කරති. එමෙන් ම සෑම නිවෙසකම ඉටිපන්දම් තුන බැගින් ද දල්වති.* ඉන්දියාව
ඉන්දියාවේ ක්‍රිස්තු භක්තිකයින් නත්තල වෙනුවෙන් තම නිවෙස් අලංකාර කිරීමට උනන්දු වේ. ඔවුන් ඒ සඳහා යොදාගනු ලබන්නේ කෙසෙල් ගස් හා අඹ ගස් ය. නිවෙස් ඇතුළත අඹ අතු එල්ලා අලංකාර කරනු ලබන අතර, නිවෙස ඉදිරිපිට පේළියට මැටි පහන් තබා ආලෝකවත් කරති.* මෙක්සිකෝව
පොසාඩාස් යනුවෙන් හැඳින්වෙන මැක්සිකෝවාසීන් නත්තල සමරනු ලබන්නේ, ජුසේතුමා හා මරියතුමී බෙත්ලෙහෙමේ නවාතැන් සොයමින් තැනින් තැන ගිය ආකාරයටයි. නත්තලට දින නමයකට පෙර ඔවුන් උත්සවය ආරම්භ කරන්නේ, ජුසේතුමා හා මරියතුමිය නාසරෙත් සිට ෙබත්ලෙහෙම දක්වා පැමිණි දින නමය සිහිපත් කිරීමට ය. ඒ දිනවල පවුලේ අය හා හිතවතුන් නවාතැන් ඉල්ලන්නන් වශයෙන් ද, නවාතැන් දෙන්නන් ලෙස ද, කටයුතු කරති. අනතුරුව අල්තාරයක් සාදා යාච්ඤා කරමින්, කා බී විනෝද වෙති.* එංගලන්තය
එංගලන්තයේ නත්තල සමරනු ලබන්නේ පවුලේ අය එක්වී, දේව කතාවලට සවන් දීමෙනි. ඒ අතර ළමයින් තම සපත්තු, මේස් උඳුන් අසල තැබීමටත්, උනන්දු වෙති. එහි අදහස වන්නේ වැඩිහිටියන්ට ලැබෙන තෑගි එහි රඳවා තැබීමයි.* ග්‍රීසිය
නත්තල් සමයේදී ශාන්ත නිකුලස්තුමා මහත් ඉහළින් සැමරීම ග්‍රීක වැසියන්ගේ සිරිතකි. මෙහි දරුවන්, කණ්ඩායම් ගැසී ගම්වැසියන්ට සුබ පතමින් ගමක් ගමක් පාසා ඇවිදගෙන යති. මෙසේ එන දරුවන්ට වියළි පලතුරු හා රසකැවිලි තෑගි වශයෙන් ලබාදීමට නිවැසියන් සූදානම්ව සිටිති.* රුසියාව
රුසියානු ජනතාව නත්තල් මේසයට මස් භාවිත නොකරති. ඒ සඳහා ඔවුන් ධාන්‍යවලින් සැදූ කුත්යා නම් රොටි විශේෂයක් තබති. එකම බඳුනක මේ රොටී දමා, කෑම මේසයේ තබා තිබේ. ඒ සඳහා සහභාගි වන සියලු දෙනා, බඳුනට අතපොවා, රොටි ගෙන අනුභව කරති. එසේ අනුභව කිරීමෙන් සෞභාග්‍ය උදාවන බවට විශ්වාස කෙරේ.එමෙන්ම, නත්තල නිමිත්තෙන් කැඳවලින් ගව ඔරුවද, පැණිවලින් ජේසු බිළිඳු ද සාදති. ඔවුන් විශේෂයෙන් සාදන ලද ඔෂලැක් නමින් හඳුන්වනු ලබන විශේෂ විස්කෝතු වර්ගයක් නත්තල් පාන් වෙනුවට පාවිච්චි කරති.
* පිලිපීනය
පිලිපීන වැසියන් කැරොල් ගී ගායනා කරමින්, නිවෙස්වලට ගොස් කා බී විනෝද වෙති. ඒ අතර නත්තල් සීයා ද තෑගි භෝග රැගෙන පැමිණේ. එම පැමිණීම ඉටුවන තෙක් දරුවන් බොහෝ සෙයින් බලා සිටිති.* ස්වීඩනය
ස්වීඩනයේ නත්තල් උත්සවය ආරම්භ වන්නේ දෙසැම්බර් 13 වැනිදාය. මෙදින රසවත් ආහාර පිළියෙළ කරන ස්වීඩන් වැසියෝ, ඒවා අනුභව කරමින්, නත්තල් ගී ගයමින් ප්‍රීති වෙති. නත්තල අවසන් වන තෙක්ම එසේ ප්‍රීති වීම ඔවුන්ගේ සිරිත ය. නත්තල් දින උදේ පහට පැවැත්වෙන විශේෂ දේව මෙහෙයට යන මොවුන්, මඟදී හමුවන හැමටම සුබ නත්තලක් වේවායි පතති. මෙදින දේවස්ථාන අල්තාරවල සහ කවුළුවල ඉටිපන්දම් දල්වා ආලෝකවත් කෙරේ. එම ආලෝකය තම ජීවිත ආලෝක කරන බවට ද විශ්වාස කෙරේ.* ඉරානය
රජතුන් කට්ටුව වාසය කළ ප්‍රදේශය ලෙස සැලකෙන මෙහි නත්තල සැමරීම ආරම්භ කරනු ලබන්නේ දෙසැම්බර් පළමුවැනිදාය. එදින ආහාර අනුභව නොකිරීමේ උපවාසයක් ලෙස ආරම්භ කරන ඔවුන්, නත්තල සමරන්නේ සම්ප්‍රදායික කුකුල් මස් ස්ටුවක් ආහාරයට ගැනීමෙන් ය. ඉන් නත්තල සැමරීම ද නිමා කරති.
Post a Comment