ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ බොර තෙල් ගෙන්වා පිරි පහදුකරන කොටස (Crude oil refining section) සංවර්ධනය කිරීමේ කටයුත්ත චීනයේ Sinopect Engineering සමාගම වෙත පැවරීමට රජය තීරණය කර ඇත.
මේ සඳහා ටෙන්ඩර් කැඳවා සුදුසුකම් සහිත ආයෝජකයන් තොරාගෙන තිබුණු නමුදු ඒ නොසලකා චීන ජනාධිපතිවරයාගේ ඉල්ලිම මත වැඩි මුදලකට එම චීන සමාගමට මෙම ටෙන්ඩරය ලබා දි තිබේ. එහිදී රාජපක්ෂ පවුලේ ප්රබලයෙකුගෙන් කොන්දෙසියක් ලෙස ඉදිරිපත්ව ඇත්තේ ඉන් කොටසක් ජනධිපතිවරණයට පෙර තමන්වෙත ලබා දිය යුතු බවය.
මෙම ටෙන්ඩරය ලබාගැනීම සඳහා රටවල් ගණනාවක සමාගම් තම මිළ ගණන් ඉදිරිපත් කර තිබූ අතර ඇගයීම් කමිටුව (Evaluation Committe) විසින් ප්‍රමිතියට අනුව තෝරාගෙන තිබුනේ රටවල් 4 ක් පමනි. ඒවානම් ජර්මනියේ Marveg, රුමේනියාවේ IPIP, ඇමරිකාවේ Vantec හා දකුණු කොරියාවේ Keangnam යන සමාගම් වේ.
මීට අමතරව චීනයේ Sinopect Engineering සමාගම ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කර තිබුනද අදාළ ලේඛණ ඉදිරිපත් කර නොතිබුණු නිසා ඇගයීම් කමිටුව එම සමාගමේ ටෙන්ඩර් පත්‍රිකාව පලමු වටයේදීම ඉවත දමා තිබේ. ඔවුන්, ටෙන්ඩර් පත්‍රිකාවේ ඉදිරිපත්කර තිබු එකම තොරතුර වූයේ චීන රජයේ exim බැංකුවේ තමන්ගේ ගිණුම පවතින බව පමණි.
එම ව්‍යාපෘතිය සඳහා ජර්මනියේ Marveg සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 1825.8 ක් ද, රුමේනියාවේ IPIP සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 1700ක් ද, ඇමරිකාවේ Vantec සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 1300- 1500 අතර මුදලක්ද, දකුණු කොරියාවේ Keangnam සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 1308 ක් ද මිල ගණන් ඉදිරිපත් කර තිබුණු අතර ඇගයීම් කමිටු වාර්තාව අනුව ජර්මනියේ සමාගමට 69% ක්ද කොරියානු සමාගමට 72% ක් ද රොමේනියානු සමාගමට 75% ක් ද හා ඇමරිකානු සමාගමට 81% ක් ද වශයෙන් ඇගයීම් ලකුණු ලැබී ඇත. ඒ අනුව ඇමරිකානු Vantec සමාගමට ටෙන්ඩරය ලබාදීමට ඇගයීම් කමිටුව නිර්දේශ කර ඇති අතර එය අවසාන මිල ගණන් වශයෙන් ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1500 ක් සඳහා පොරොන්දු වී ඇත.
කොන්ත්‍රාත්තු කාලය වශයෙන් අවුරුදු 8 ක කාලයක් සෑම සමාගමක්ම පොරොන්දු වී ඇති අතර ජර්මනියේ Marveg සමාගම එය අවුරුදු 6 කින් නිම කිරීමට ඇස්තමේන්තු ගතකර ඇත.
පසුගියදා ශ්‍රී ලංකාවට සපැමිණි චීන රජයේ ජනාධිපති ෂින් ජින් පින් ගේ සංචාරයෙන් අනතුරුව එකවිටම ජනාධිපති කාර්යාලයෙන් ඛණිජ තෙල් අමාත්‍යංශය වෙත දැනුම් දී ඇත්තේ ටෙන්ඩරයේ පළමු වටයෙන්ම ප්‍රතික්ෂේප වූ චීනයේ Sinopect Engineering සමාගමට අදාළ ටෙන්ඩරය ලබා දෙන ලෙසයි. ඇගයීම් කමිටුවේ වාර්තා පසෙකලමින් මෙම චීන සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2200ක් ඇස්තමේන්තු ගත කර ඇති අතර ශ්‍රී ලංකා රජය ඊට එකඟ වී ඇත.
ඒ අනුව අදාළ ටෙන්ඩරය චීනයේ Sinopect Engineering සමාගමට ලබාදීමට අවශ්‍ය ලියකියවිලි සහ කැබිනට් පත්‍රිකා මෙම සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment