BREAKING NEWS

රටතොට

Saturday, December 20, 2014

තරුණ තරුණියනි, ඔබ සිටිය යුත්තේ කොයි පැත්තේද..???

අද මා විශේෂයෙන් ආමන්ත්‍රණය කරන්නේ ගම්බද, උගත් තරුණ තරුණියන්ටය.
අප රටේ මැතිවරණයක් අවස්ථාවක දේශපාලන ක්ෂේත්‍රයේ පැහැදිළිව පෙනෙන ගොඩවල් තුනක් විය. ලෝකයේ ධනපති කඳවුර හා සම්බන්ධ වූ ගොඩ, මැද මාවතේ ගොඩ සහ සමාජවාදී ගොඩ යනුවෙනි. මේ ගොඩවල් තුනට වෙන වෙනම කැපී පෙනෙන ආර්ථික ප්‍රතිපත්ති තිබිණ. ධනපති කඳවුර ආගම්වාදය කුළ වාදය ප්‍රතික්ෂේප නොකළද, ජාතිවාදී නොවීය. රජෙකු සහ රජ පවුලක් ඇති රටේ සියළුම සම්පත් සූරා කන්නට සහ රටේ භූමිය විදේශ කොම්පැණිවලට අලෙවි කරන්නටත් ඒ මගින් උපයා ගන්නා ධනයෙන් වැඩී කොටසක් තම සාක්කුවලට කිහිප දෙනෙකුට ඉඩ සලසා දෙන පැත්තයි. නැව් නොඑන වරාය, ගුවන් යානා නොඑන ගුවන් තොටුපොල, කෝටි ගණන් පාඩු ලබන ගුවන් සමාගම් වෙනුවෙන් මහජන මුදල් නාස්ති කරමින් ඒවාට තම නම් යොදා ගනිමින් සතුටු වන නායකයාගේ පැත්තයි. කලාකරුවන්ගේ ඉල්ලීම් නිසා චීනයෙන් ලැබුණු රඟහල ඇතුළු පාරවල්, පාසල් හැම තැනකම තම නම යොදා ගෙන සතුටු වන නායකයාගේ පැත්තයි.
යුද්ධය දිනා කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම අතුගා දැමුවේ යැයි කියමින් යුද්ධය අවසන් වී වසර පහමාරක් ගත වෙද්දීත් උතුර සිවිල් පාලනයකට ඉඩ නොදී හමුදා පාලනයක් පවත්වාගෙන යමින් සුළු ජනයා තව තවත් කළකිරවන නායකයාගේ පැත්තය. ජාතිවාදය, ආගම්වාදය අවුස්සා අනාදිමත් කාලයක සිට මේ රටේ එකට ජීවත් වූ ජාතින් එකිනෙකා කෙරෙහි සැකය හා වෛරය පතුරුවන අන්තවාදි සංවිධාන ගණනාවක් පසුගිය කාලයෙහි රටේ මතු වී තම හිතුමතේ නිදහසේ ක්‍රියාකල නමුත් ඒ කිසිවකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරවන්නට අසමත් වූ සමහර විටෙක තමාගේත් තම සහෝදරයන්ගේත් අනුග්‍රහය එම විනාශකාරි සංවිධානයන්ට ලබා දුන් පාලකයාගේ පැත්තය. උතුරේ පමණක් නොව දකුණේ විශ්වවිද්‍යාල ඇතුළු සෑම වැදගත් ආයතනයකම හමුදාව යොදවා සිටින රාජ්‍ය බැංකු පවා හමුදා නිළධාරීන්ගේ පාලනයට පත් කර ඇති පාලකයාගේ පැත්තය.


එහි සියළුම ජාතීන් නියෝජනය වූ අතර සමාජවාදී කඳවුර ජාතිවාදය, ආගම්වාදය, කුළවාදය සහ ප්‍රධාන වශයෙන් පන්ති භේදයට විරුද්ධ වූ අතර එහිද රටේ සියළුම ජාතීන්ගේ නියෝජනයක් තිබිණ. මැද මාවතේ ගොඩ ගොවි, කම්කරු ,සඟ, වෙද, ගුරු යනුවෙන් සමාජ ස්ථරවල සංකලනයක් නියෝජනය කළ අතර සිංහල බෞද්ධ පෙනුමකින් යුක්ත විය. සමාජවාදී කඳවුර පොදු දේපළ ක්‍රමය මත පදනම් ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටි අතර මැද මාවත පෙනී සිටියේ මිශ්‍ර ආර්ථිකයක් වෙනුවෙනි.
එදා තරුණයන් වශයෙන් අප වඩා ආකර්ෂණය වූයේ සමාජවාදී කඳවුරටය. අප විශ්වාස කළේ ජාතිවාදයෙන්, කුළවාදයෙන්, ආගම්වාදයෙන්, නොබෙදුණු සමාජවාදී රටක් සහ සමාජවාදී ලෝකයක් ගැනය. ඒ යුගයේ සියළුම ප්‍රසිද්ධ කලාකරුවන්, බුද්ධිමතුන් සේම මාධ්‍යවේදීන්ද සිටියේ සමාජවාදී කඳවුරේ නැතහොත් ඒ වටාය. එදා කලාකරුවන් ලෙස සැළකුනේ ලේඛකයන්, කවියන් සහ නාට්‍යකරුවන්ය. මාධ්‍යවේදීන් ලෙස සැලකුණේ පුවත්පත් කලාවේදීන් පමණි. ගුවන් විදුලි ශිල්පීන් හුද කිහිප දෙනෙක් සිටියහ. එදා පුවත්පත් වල ප්‍රධාන කර්තෘන් වූයේ මාර්ටින් වික්‍රමසිංහ, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ඩී. බී.ධනපාල, වැනි ස්වාධීනත්වය පිළිබඳ නිරවුල් මනසක් සහිත පිටකොන්ද ශක්තිමත් බුද්ධිමතුන්ය.
දැන් අප වර්තාමානයට හැරෙමු. මේ තීරණාත්මක මොහොත ගැන අවධානය යොමු කරමු.
අද ලෝක දේශපාලනය තුල සමාජවාදී කඳවුරක් නැත. චීනය රුසියාව දැන් විවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන ධනපති රටවල් බවට පත්ව තිබේ. ලෝකයේ ධනපති, සමාජවාදී ලෙස පැවතී බෙදීම අද අහෝසි වී තිබේ. අද ආයුධ බලය යොදා රටවල් යටත් කර ගන්නා සෘජු අධිරාජ්‍යවාදයක් පෙනෙන්නේ කලාතුරකින් වුවත් රටවල් ආර්ථික වශයෙන් යටත් කරගන්නා තරඟයක් ක්‍රියාත්මක වෙයි. ඒ තරඟයේදී අවශ්‍ය වූ විටෙක ආයුධ බලයද යොදා ගැනේ. චීනයද ඒ තරඟයේ ප්‍රමුඛයෙකි.
හදිසි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වී නොසිතූ විරූ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් වීමත් සමග අප රටේ දේශපාලන ක්ෂේත්‍රය පැහැදිලි ගොඩවල් දෙකකට බෙදෙමින් පවතී. දැන් ඔබ ඒ ගොඩවල් දෙකෙන් එකක් තෝරාගත යුතුව ඇත. ඔබට අද අපට එදා මෙන් තෝරාගන්නට පැති තුනක් නැත. ඇත්තේ පැති දෙකකි.
ඔබට තොරා ගැනීමට ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් පෙනී සිටින වසර දහයක් බලයේ සිට නැවත වරක් තමන්ගේ තනි කැමැත්තට රටේ සම්පත් පරිහරණය කරන්නට විධායක බලය ඉල්ලා සිටින තනි පුද්ගලයාද, බලය පාර්ලිමේන්තුවට පවරා දෙන්නට පොරොන්දු වී සිටින පොදු අපේක්ෂකයා ද යන දෙපැත්තෙන් එකකි.
මෙයින් එක පැත්තක රජෙකු සහ රජ පවුලක් ඇති රටේ සියළුම සම්පත් සූරා කන්නට සහ රටේ භූමිය විදේශ කොම්පැණිවලට අලෙවි කරන්නටත් ඒ මගින් උපයා ගන්නා ධනයෙන් වැඩී කොටසක් තම සාක්කුවලට කිහිප දෙනෙකුට ඉඩ සලසා දෙන පැත්තයි. නැව් නොඑන වරාය, ගුවන් යානා නොඑන ගුවන් තොටුපොල, කෝටි ගණන් පාඩු ලබන ගුවන් සමාගම් වෙනුවෙන් මහජන මුදල් නාස්ති කරමින් ඒවාට තම නම් යොදා ගනිමින් සතුටු වන නායකයාගේ පැත්තයි. කලාකරුවන්ගේ ඉල්ලීම් නිසා චීනයෙන් ලැබුණු රඟහල ඇතුළු පාරවල්, පාසල් හැම තැනකම තම නම යොදා ගෙන සතුටු වන නායකයාගේ පැත්තයි.
යුද්ධය දිනා කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම අතුගා දැමුවේ යැයි කියමින් යුද්ධය අවසන් වී වසර පහමාරක් ගත වෙද්දීත් උතුර සිවිල් පාලනයකට ඉඩ නොදී හමුදා පාලනයක් පවත්වාගෙන යමින් සුළු ජනයා තව තවත් කළකිරවන නායකයාගේ පැත්තය. ජාතිවාදය, ආගම්වාදය අවුස්සා අනාදිමත් කාලයක සිට මේ රටේ එකට ජීවත් වූ ජාතින් එකිනෙකා කෙරෙහි සැකය හා වෛරය පතුරුවන අන්තවාදි සංවිධාන ගණනාවක් පසුගිය කාලයෙහි රටේ මතු වී තම හිතුමතේ නිදහසේ ක්‍රියාකල නමුත් ඒ කිසිවකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරවන්නට අසමත් වූ සමහර විටෙක තමාගේත් තම සහෝදරයන්ගේත් අනුග්‍රහය එම විනාශකාරි සංවිධානයන්ට ලබා දුන් පාලකයාගේ පැත්තය. උතුරේ පමණක් නොව දකුණේ විශ්වවිද්‍යාල ඇතුළු සෑම වැදගත් ආයතනයකම හමුදාව යොදවා සිටින රාජ්‍ය බැංකු පවා හමුදා නිළධාරීන්ගේ පාලනයට පත් කර ඇති පාලකයාගේ පැත්තය.
අධිකරණය, පොලීසිය, මාධ්‍ය ආයතන පමණක් නොව මැතිවරණ කොමසාරිස්වරයාද තම කේන්දරයට අනුව නටවන නායකයාගේ පැත්තය. රටේ ආර්ථිකයෙන් 80%ක් තමාත් තම සහෝදරයිනුත් පාලනය කරන, ඇමති මණ්ඩලය සහ පාර්ලිමේන්තුව රූකඩ සභා බවට පත් කළ නායකයාගේ පැත්තය. රට මත් කුඩු වලින් පිරෙද්දී අහක බලා සිටින, දූෂණ වංචා ඉහවහා ගිය, අපරාධ වලින් ලෝකයේ මුල් තැනකට පත් වීමේ ජයග්‍රාහී කොඩිය ආඩම්බරයෙන් ඔසවා ගෙන, සිටින නායකයාගේ පැත්තය. ලෝකයේ තම වෙළඳ ආධිපත්‍යයට නතු කර ගැනීමේ සැළසුම් දියත් කර සිටින චීනය හැර ලෝකයේ සෑම වැදගත් හා බලවත් රටක්ම තරහා කරගනිමින් රටේ නම ලෝකයේ අප්‍රසාදයට භාජනය කළ නායකයාගේ පැත්තය.
අනෙක් පැත්ත වන්නේ රටේ සියළු ව්‍යසනයන්ට පාර කැපූ විධායක ජනාධිපති ක්‍රමයත්, හොරුන්ට මංකොල්ලකරුවන්ට, කුඩු ව්‍යාපරිකයන්ට සල්ලි බලයෙන් දේශපාලකයන් වන්නට අවස්ථාව සැළසූ අනුපාත ඡන්ද ක්‍රමයත් අහෝසි කර, ඡන්ද දායකයාට සෘජුව වගකියන පක්ෂ මාරු කරන්නට මන්ත්‍රීකම අහෝසි කෙරෙන ඡන්ද ක්‍රමයක් ඇති කරන්නට පොරොන්දු වන, අධිකරණයේ ස්වාධීනත්වය, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය, විශේෂයෙන් අද රූකඩයක් බවට පත්ව සිටින මැතිවරණ කොමසාරිස්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කෙරෙන ස්වාධීන කොමිසම් පත් කිරීමට තනි පුද්ගල පාලනයක් වෙනුවට දෙවසරක් යන තුරු සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීමට පොරොන්දුවී සිටින පොදුඅපේක්ෂකයාගේ පැත්තය.
දැන් බොහෝදෙනා පැති මාරු කරන්නට පටන් ගෙන තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පැත්තට යන්නන්ට ඇමතිකම්ද වෙනත් වරප්‍රසාද ද වහාම ලැබෙන අතර රාජපක්ෂලාගෙන් වෙන්වී පොදුඅපේක්ෂකයාගේ පැත්තට යන අයට වහාම ආරක්ෂාව අහිමි කෙරේ. ඒ මගින් ඔවුන්ගේ ජීවිත වලට අනතුරු එල්ල කෙරේ. ඔවුන්ට මාධ්‍ය වල දැන්වීමක් දමා ගැනීමේ අයිතිය පවා අහිමි කෙරේ. ෆයිල් තමා අත ඇති බව කියමින් තර්ජනය කරන සමහරු රහස් පොලීසියට කැඳවන බවද කියති. එහි අදහස වන්නේ යුද්ධයට ප්‍රායෝගිකව නායකත්වය දුන් හමුදාපති සරත් ෆොන්සේකාගෙන්, රටේ ඉහලම තනතුරක් වන අග්‍රවිනිශ්‍යකාර තනතුර දැරූ ශිරාණි බණ්ඩාරනායකගෙන් පලිගත් ආකාරයෙන් පලිගන්න බවට තර්ජනය කිරීමය. ඒ අතරම තමන්ගේ පැත්තේ සිටින තාක්කල් ඕනෑම හොරෙක් ඕනෑම අපරාධකරුවෙක් ආරක්ෂා කරන බව එයින් නොකියවෙන්නේද?
රාජපක්ෂලාගේ පැත්තට යන්නන්ට වහාම තනතුරු වරප්‍රසාද ලැබෙන බැවින් ඒ පැත්තට පනින්නෝ රට යකාට ගියත් මේ අවස්ථාවේ යමක් කමක් ලබාගන්නට සිතන ගෝස්තරවාදීන් මිස වෙන කවුද? තිබූ වරප්‍රසාද අතහැර පොදුඅපේක්ෂකයාගේ පැත්තට පනින්නෝ මේ තීරණාතමක අවස්ථාවේ තම ජීවිතය ඇතුළු සියල්ල පරදුවට තබා අනතුරු වලට නොබියව මුහුණ දී රටේ අනාගතය වෙනුවෙන් හා ජානතාවගේ නිදහස වෙනුවෙන් පරිත්‍යාග කරන්නෝ නොවන්නේද? උගත් තරුණ තරුණියනි, ඔබේ හෘද සාක්ෂියට එකඟව මේ දෙපැත්තෙන් ඔබ තෝරා ගන්නේ කොයි පැත්තද?
පවතින ඡන්ද ක්‍රමය යටතේ ඡන්ද දායකයා පළමුව ඡන්දය දෙන්නේ පක්ෂයටය. එසේ තමා මැතිවරණයට තරඟ කළ පක්ෂයට ඡන්දදායකයන් දුන් ඡන්දයෙන් තේරී පත් වී ඇමතිකම් සඳහා රාජපක්ෂගේ පැත්තට එකතු වූ කවුරුත් එසේ එකතු වුණේ රටට බලපාන්නා වූ ප්‍රතිපත්තියට නොව තනතුරු ලෝභ කම නිසාය. යුද්ධය දිනවන්නට එකතු වුණා යැයි කියන අයට තව දුරටත් එතන රැඳී සිටින්නට අයිතියක් නැත. මක් නිසාද දැන් යුද්ධය අවසන් වී වසර 5 ක් ගත වී ඇති බැවිණි. අද යුද්ධය ගැන කතා කරන්නෝ එසේ කරන්නේ ඡන්දයකදී රට රැවටීමේ ප්‍රධාන අලෙවි භාණ්ඩය කරගන්නට මිස වෙනත් දේශප්‍රේමයකට නොවේ. මේ අය යුද්ධය ගැන කතා කරන්නේ එය මහින්ද රාජපක්ෂ තනියම කළ එකක් හැටියටය. ගෝස්තරය සරිකර ගැනීම සඳහා වාචාල බස් දොඩන සමහරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හඳුන් වන්නේ නූතන දුටු ගැමුණු හැටියටය. ඔහුද හැසිරෙන්නේ කතා කරන්නේ එසේය. උගත් තරුණ තරුණියනි, ඔබට කියවන්නට ලැබී ඇති ඉතිහාසයේ දුටුගැමුණු එළාර පරාජාය කළේ තමාම යුධ බිමට යාමෙන් නොවේද? එයි කියවෙන්නේ යුද්ධය සැබෑවටම කරන්නේ ප්‍රායෝගිකව යුධ බිමේ සිටින්නා බවය. එසේම දුටු ගැමුණු කළ යුද්ධය ගැන කියන ඉතිහාසය දස මහා යෝධයන් ගැනද ලියා තිබෙනවා නොවේද? එයින් කියවෙන්නේ දුටු ගැමුණු තමාම යුධ බිමට ගියත් දස මහා යෝධයන් නොසිටියා නම් ඔහුට වුවද යුද්ධය දිනන්නට බැරිවන බව නොවෙද? එහෙත් වාචාල අවස්ථාවාදීහු මේ සත්‍ය සඟවා යුද්ධය තනිකරම මහින්ද රාජපක්ෂ ජනධිපතිවරයා තනියම කළ එකක් සේ පෙන්වති. ඉතින් මේ රැවටිල්ලට රැවටි රැවටි රට අගාධයට ගෙනියන්නන්ගේ පැත්ත ගන්නේ ද? විනාශයෙන් රට ගලවන්නන්ගේ ද? යන්න තීරණය කරන්නට ඔබේ උගත්කම බුද්ධිය පාවිච්චි කරන්න.
මෙහිදි තවත් එක් කරුණක් අවධාරණය කරන්නට කැමැත්තෙමි. රටට හරි මග පෙන්වන්නේ වාසිය තකා රාජපක්ෂ රජතුමගේ අන්තේවාසික යටත් වැසියන් වූ කලාකරුවන්ද නැතහොත්, ආණ්ඩුවේ කොන්ත්‍රාත් සහ වෙනත් වාසි ලබා නොගත් කලාකරුවන්ද යන්නය. ආණ්ඩුවෙන් වාසි නොගත් උගතුන් ඉන්නේ කොයි පැත්තේද යන්නය. මේ අවස්ථාවේ හරි මග පෙනී තනතුරු හා වෙනත් වාසි හැර යන්නන් එකතු වන්නේ කොයි පැත්තටද යන්නය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සේම නීතීඥ සංගමයද ඉන්නේ පොදුඅපේක්ෂකයා පැත්තේ බව මෙහිදී සැලකිල්ලට ගන්න.
තරුණ දරුවනි, රට චීනයට උකස් තබා ලබා ගන්නා ණය වලින් යටි මඩි ගසාගත් මුදල් යොදවා කරන ඇස් නිලංකාර කෙරෙන ප්‍රචාරයට රැවටෙන්නට ඉඩ ඇති අයට සත්‍ය පහදා දෙන්න. මේ ලැබී ඇති අවස්ථාව උපරීම ලෙස ප්‍රයෝජනයට ගෙන නිදහසේ ජීවත් විය හැකි රටක් බවට ගසා කෑම වෙනුවට සෑබෑ සංවර්ධනයක් කෙරෙන ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ එක පවුලකටත් ඒ පවුලේ හිතවතුන්ටත් නොව සමස්ථ ජනයාටත් ලැබෙන රටක් බවට ජාති ආගම් භේද වලින් තොර සාමකාමී රටක් බවට යලිත් ලෝකයේ ගෞරවයට පත්වන ප්‍රජාතාන්ත්‍රවාදී රටක් බවට අපේ රටප ත්කර ගනිමු. ප්‍රජාතාන්ත්‍රවාදී රටකට වැදගත් වන්නේ නිවහල් පුරවැසියන් මිස රජුන් හෝ රජ පවුල් නොවේ.
-ජයතිලක කම්මැල්වීර-

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger