BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, December 23, 2014

"ලොව දිනන මග"

 
අප හට මේවන විට මහින්දගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය ඵළි දැක්වීමේ උත්සවයේ ඡායාරූප ලැබී තිබේ... 
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ‘‘මහින්ද චින්තන  ලොව දිනන මඟ‘‘ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (23) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්විය.
තම මීළඟ ධූර කාලයේ වසරක් ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ  අද (23) පැවසීය.
තමා විවිධ පාර්ශව සමඟ ගිවිසුම් රාශියක් අත්සන් කර නැතැයි කී ජනාධිපති තමාට ඇති එකම ගිවිසුම මහින්ද චින්තනය පමණක් යැයිද පැවසුවේය.

සියළු ඡායාරූප  පහතින් ...

ජනපතිවරයාගේ ප්‍රතිපත්ති මාලාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ගෝලීය ආදර්ශයක්, පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණයක්, සදාචාර සම්පන්න සමාජයක් ආදී ක්ෂේත්‍ර ගණනාවක පරිච්ඡේද 20කින් සමන්විත කරුණු ඇතුළත් කර ඇති අතර ශ්‍රී ලාංකිකයන් ජාති, ආගම්, භාෂා හෝ අන් කිසිදු භේදයක් නොතකා සලකන බවද දක්වා ඇත. ළමා හා කාන්තා හිංසනය, පාතාලය හා මත් උවදුර පිටු දකින බවද එහි දැක්වේ.








 






අද උදෑසන ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශකනය මහා සංඝරත්නය වෙත පිළිගැන්වීය. ආගමික නායකයෝ, විද්වත්හු හා දේශපාලනඥයෝ රැසක් ඊට එක්වූහ.

  ස්තූතිය නිමල් කළුතොට හට

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger