මහින්ද චින්තන ලොව දිනන මග' ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (23දා) පෙ.ව. 9.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වෙන මෙම මැතිවරණ ප්‍රකාශනය 'මහින්ද චින්තන' හා 'මහින්ද චින්තන ඉදිරි දැක්ම' යන ප්‍රතිපත්ති ප්‍රකාශනවල මීළඟ අදියරයි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ , රටට එරෙහි කිසිදු ගිවිසුමක් තමාගේ අත්දෙකින් අත්සන් කර නොමැති බව අවධාරණය කර සිටියේය.
අද ඉතා දියුණු පිරිසිදු නගර නිර්මාණය වෙමින් ශ්‍රී ලංකාව දියුණු ආර්ථිකයක් කරා ගමන්කරමින් සිටින බව ජනාධිපතිවරයා කියා සිටියේය.
'' අතීතයේ තිබුණේ මැතිවරණ පොරොන්දු අමතක කරන ලියවිල්ලක් පමණක් ඉදිරිපත් කරන ක්‍රමවේදයක් . නමුත් අපි 2005 දී මහින්ද චින්තන ප්‍රතිපත්තිය ඉදිරිපත් කරලා ඒ අනුව දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි ඒ මැතිවරණ පොරොන්දු ඉෂ්ඨ කර තිබෙනවා.
අද සත්‍ය යටපත් කරමින් පවතින යුගයක් බවට සියළුදෙනා මතක තබා ගතයුතුයි. කෙසේනමුත් මේරටේ මරණ බය නැවත ඇතිවෙන්න ඉඩ දෙන්නේ නැහැ. රජයේ සේවය කිසිදු විධියකට අපි කප්පාදු කරන්නේ නැහැ.
අප ආරම්භ කළ යෝධ සංවර්ධන වැඩසටහන් අතරමඟ නතරකරන්න කිසිවිටෙකත් සූදානමක් නැහැ. රට ඊජිප්තුවක් , ලිබියාවක්, සිරියාවක් කිරීමට ඉඩ දෙන්නේ නැහැ. හැමදාම විදේශ බලවේග රටට තිබුණා. රට ගොඩනගනවිට චෝදනා උරුම බව අප දැනසිටියා.
අනගාරික ධර්මපාලතුමාටත් චෝදනා එල්ලවුණා. නමුත් අපි රටේ සංවර්ධන ගමන්මඟ ඉදිරියටම ගෙනයනවා. සංවර්ධනයේ ප්‍රතිඵල ලැබෙන පරිදි ජාතික සමගිය ශක්තිමත් කිරීම මගේ මහින්ද චින්තන ලොව දිනන මඟ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික අරමුණවී තිබෙනවා..
2005, 2010 වසරවලදී රට මට භාර නුදුන්නා නම් මේ රට මොනවගේ වෙයිද කියලා හඳවතට තට්ටුකරලා බලන්න'' යනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment