BREAKING NEWS

රටතොට

Tuesday, November 25, 2014

අයියා මෛත්‍රීට මම මහින්දට - රාජිතගේ සොහොයුරු මහීල් කියයි...

හිටපු ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ජනාධිපති ‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දීම සඳහා සන්ධාන රජයෙන් ඉවත්ව ගියත් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ  මෙවර ජනාධිපති තරගයෙන් ජයග්‍රහණය කරවීම සඳහා තමාගේ මුළු ශක්ති ප්‍රමාණය යොදවන බව දොස්තර රාජිත සේනාරත්න ගේ සොහොයුරු මහීල් සේනාරත්න  ඉකුත් සෙනසුරාදා මීගමුවේදී අවධාරණය කළේය.

ඒ මහතා එසේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා සන්ධානයේ ප්‍රධාන ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පන්දාහකට පමණ දිවා ආහාරය දෙමින් පැවැත්වුණු මහා බත් දන්සලට සහභාගි වීමට පැමිණි අවස්ථාවේදීය. ජනාධිපතිගේ ජන්ම දිනය හා සියලුම රට වැසියන්ට සෙත් පැතීම සඳහා මීගමුව කුරණ දී මෙම මහා බත් දන්සල ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබිණි.
මහීල් සේනාරත්න  මෙසේද කීය. තමා මෙලෙස ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ගේ ජයග්‍රහණය සඳහා කටයුතු කරන බව තම සහෝදර දොස්තර රාජිත සේනාරත්නට පැවසූ බවත් එම අවස්ථාවේදී කිසිම ප්‍රශ්නයක් නැහැ, ඔයාගේ තීරණය ස්වාධීනව ගන්න යැයි පැවසූ බවද මහීල් සේනාරත්න  පැවසීය.

වසර හතරහමාරක් පමණ කාලයක් මම ජනාධිපති ගාව සේවය කළා. ජනාධිපති මහින්ද රාජපක්ෂ  ගමන් කරන මාවතේ මමත් ඉදිරියට යනවා. දැනට මම ධීවර සංස්ථාවේ සභාපති වශයෙන් කටයුතු කරනවා. සංස්ථාවේ සභාපතිකමිනුත් මම ඉවත්වී ජනාධිපතිතුමාගේ දේශපාලනයට සහයෝගය දක්වනවා. මෙම අස්වීමේ ලිපිය ඉදිරි දිනයේදී ධීවර හා ජල සම්පත් අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාට භාර දෙනවා යැයි ඒ  පැවසීය.

මෙම අවස්ථාවට එක්වෙමින් ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මෙසේ සඳහන් කළේය.

රාජිත සේනාරත්න ගේ පසුගිය කාලයේදී ක්‍රියා කලාපයේදී ධීවර ප්‍රශ්න වෙනුවෙන් ඔවුන්ගේ ගැටලු නිරාකරණය වෙනුවෙන් මම කිව්වා වැරදි සහගත දේවල් කරන්න එපා කියලා. ධීවරයන් වෙනුවෙන් මම හඬක් නැගුවා යැයිද ගුණරත්න  පැවසීය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger