ඒක තීන්දු කරන්නේ පාර්ලිමේන්තුව...
මෛත්‍රිපාල ජනාධිපති පුටුවේ වාඩි වුණත් ඔහුට රනිල් වික්‍රමසිංහ අගමැති කරන්න බලයක් නැතැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත පවසයි. ඔහු කියන්නේ එම බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් අත බවය.
2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස තේරුවේ වෙන කවුරුවත් නොව චන්ද්‍රිකා බණ්ඩාරනායක බව සඳහන් කළ ඒ ලාල්කාන්ත විධායකය ඉවත් කරන්න පොරොන්දු දුන් නිසා අපි පැත්තක සිට සහාය දුන්නත් ඒ පොරොන්දුව ඉටු කෙළේ නැතැයි කීවේය.
චන්ද්‍රිකා මහින්දයි දෙන්නම අපිත් ඔබත් රැවැට්ටුවායැයි ද ලාල්කාන්ත පැවැසීය.
රාජිත සේනාරත්නලා දේශපාලනයේ අති පණ්ඩිතයෝ. දැන් අනිත් පැත්තට පැනල සංවේගයෙන් කියනවා සමාවෙන්න කියලා. එහෙම කියන්නේ ඒ ගොල්ල ඉස්සර බබාලාදැයි ලාල් කාන්ත ප්‍රශ්න කරයි.
ඔහු මෙසේ සඳහන් කෙළේ කොළඹ ගලදාරි හෝටලයේ ඊයේ (25දා) පැවැති හෝටල් සේවක මධ්‍යස්ථානයේ දෙවැනි ජාතික සමුළුව අමතමිනි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment