දේශපාලන බලය අවියක් කොට ගනිමින් අහිංසක මිනිස්සුන්ට පහර දෙන , බිය වද්දන , රටේ නමට කැළැල් ගෙනෙන රටට පිළිලයක්ව පවතින රට පුරා කුඩු බෙදා හරින මෙවැනි පාදඩ අවලමුන් හට රටේ නීතිය සෙසුනට මෙන්ම ක්‍රියාත්මක කරනු ඇතැයි ශ්‍රී ලාංකිකයන් දෑස් දල්වා අවදානමෙන් බලා සිටියි.
බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි රිදම් ඇන්ඩ් බ්ලූස් රාත්‍රි සමාජ ශාලාවේදී බ්‍රිතාන්‍ය ජාතිකයකුට සහ ඔහුගේ පෙම්වතියට අමානුෂික ලෙස පහර දී තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇමැති මර්වින් සිල්වාගේ පුත්‍රයා වන මාලක සිල්වා හෙට (04 වැනිදා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අළුත්කඩේ (අංක 06) මහෙස්‌ත්‍රාත් චන්දිම ලියනගේ පෙරේදා (01 දා) නියෝග කළේය.
එම සිද්ධියේදී බ්‍රිතාන්‍ය ජාතිකයා තමන්ට පහර දුන් බව කියමින් මාලක සිල්වා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිටී.
සැකකාර මාලක සිල්වා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
ඔහු බන්ධනාගාරගත කරන ලද්දේ මහෙස්‌ත්‍රාත්වරයා රෝහල වෙත ගොස් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවය. මේ වන විට සැකකාර සිල්වා බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය මැද එම පෞද්ගලික රෝහලේම රිමාන්ඩ් සිරකරුවෙක් ලෙස ප්‍රතිකාර ලබමින් සිටියි.
පෙරේදා (01 වැනිදා) අලුයම 1.00 ට පමණ මාලක සිල්වා ඇතුළු පිරිස එම රාත්‍රි සමාජ ශාලාව වෙත පැමිණ ඇත්තේ අධික ලෙස බීමත්ව බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. පහරකෑමට ලක්‌වූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ උපන් දිනය එදිනට යෙදී තිබුණු අතර ඔහු සිය පෙම්වතිය සමඟ එහි පැමිණ නටමින් විනෝද වෙමින් සිට ඇත. එම අවස්‌ථාවේදී මාලක සිල්වා බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතිය සමඟ රංගනයේ යෙදී තිබේ. එහිදී එම තරුණිය සහ මාලක සිල්වා අතර බහින්බස් වීමක් සිදුවී තිබේ. පසුව මාලක සිල්වා ඇයට පහර දී ඇතැයි කියති. එම අවස්‌ථාවේදී බ්‍රිතාන්‍ය ජාතිකයා තම පෙම්වතිය බේරාගැනීමට උත්සාහ කරද්දී සැකකාර මාලක සිල්වාගේ ආරක්‍ෂකයන් ඔහුට සහ පෙම්වතියට අමානුෂික ලෙස පහර දී ඇත.
සමාජ ශාලාවේ කාර්ය මණ්‌ඩලය මැදිහත්වී විදේශිකයා සහ ඔහුගේ පෙම්වතිය බේරාගෙන ඔවුන් දෙදෙනා රෝහල්ගත කර තිබේ.
මෙම පහරදීමේ සිද්ධියේ සියල්ල සමාජ ශාලාවේ සී. සී. ටී. වී. කැමරාවල සටහන්ව තිබෙන අතර ඒ ඔස්‌සේ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
රාත්‍රි සමාජ ශාලාවේ කාර්ය මණ්‌ඩලය, පොලිසියට පවසා ඇත්තේ මාලක සිල්වා එහි පැමිණෙන සෑම අවස්‌ථාවකදීම මෙවැනි ගැටුමක් ඇතිවීම සාමාන්‍ය සිදුවීමක් කියාය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රේමලාල් රණගල, පොලිස් අධිකාරි රොෂාන් සිල්වාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වති.
Post a Comment