"මෝනිස්" යන නම බොහෝ දෙනා අසා තිබෙන්නට ඉඩ ඇතත් "නෝනිස්" යන නම නම් මීට වසර කිහිපයකට පෙර අසා ඇත්තකු සිටියේ නම් ඒ කලාතුරකිනි. අසා තිබුනත් මැක්වුඩ් තේ වතු සමූහයේ හිමිකරුවකු සහ ඉහළ පන්තියේ ව්‍යාපාරිකකු යන කරුණ මිසක් රාජතාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය නිළධාරියකු ලෙස නම් නොවේ. (මෝනිස් යනු ගාලු පාරේ අලුත්ගම ප්‍රදේශයේ ඇති ප්‍රසිද්ධ බේකරියයි.)
ඒ ව්‍යාපාරික නෝනිස් රාජතාන්ත්‍රික නොනිස් බවට පත් වන්නේ 2011 අගොස්තු ජනාධිපතිවරයා විසින් බ්‍රිතාන්‍ය මක කොමසාරිස් ධූරයට පත් කිරීමත් සමගයි. විශේෂයෙන් මෙහිදී අමතක නොකල යුතු කාරුණක් නම් නෝනිස් විදේශ සේවයට එක්වන්නේ සාම්ප්‍රදායික විදෙස් සේවා ධූරාවලිය යටතේ නොවේ. විදේශ සේවය පිළිබඳ අත්දැකීම් මතද නොවේ. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ගේ වචනවලින් කියන්නේ නම් ක්‍රිස් නෝනිස් විදෙස් සේවයට පත් වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ "හෙංචයියකු" ලෙසය. [ ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේදී කතා කල විදෙස් සේවයේ නියුතු "රාජපක්ෂ හෙංචයියන්ගේ" ලැයිතුවේ ක්‍රිස් නොනිස් මහතාගේ නමද ඇතුලත්ව තිබිණ. නමුත් ඒ ලැයිස්තුවේ සිටි බොහෝ දෙනාට ජනාධිපතිවරයාගේ පවතින ඥාති සම්බන්ධතාවය සටහන් කර තිබූ නමුත් නෝනිස් මහතාගේ නම ඉදිරියේ එවැන්නක් සඳහන්ව තිබෙනු නොදුටුවෙමි.]
කොටි ත්‍රස්තවදය අවසන් කර දැමීමත් සමගම එල්ලවන ජාත්‍යන්තර පීඩනය හමුවේ ක්‍රිස් නෝනිස් මහතා ක්‍රියා කල ආකාරය පිළිබඳ බොහෝ දෙනා තුළ ඇත්තේ ප්‍රසාද හැඟීමකි. විශේෂයෙන් මෙරටට යුධ අපරාධ චෝදනා නගමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාවේ ඒකපාර්ශ්වික අසාධාරණ ජඩ මාධ්‍ය ප්‍රහාරයට එරෙහිව මෙන්ම , ජගත් මානව හිමිකම් සැසිවාරයන් තුලදීද නෝනිස් ශ්‍රී ලංකාව දඬු කඳේ ගැසීමට කැස කවන බටහිර මෙහෙයුමට එරෙහිව සැලකිය යුතු මට්ටමේ මෙහෙයක් ඉටු කළ බව පසුගිය කාලයේ දැකිය හැකි විය. ඒ අද මහා විගාඩම්බර දොඩවන , විදෙස් සේවයෙන් දොට්ට දමා ඇති, මාධ්‍ය හරහා පිම්බෙන සමහර ආචාර්‍යවරුන් මෙන් හිතුවක්කාර ලෙස තමන්ගේ න්‍යායපත්‍රවලට වැඩ කර නොවේ. රජය සග තමන් පත්කල රාජ්‍ය නායකත්වය සමග ඒකමතික වෙමිනි, රාජ්‍ය නායකත්වය හරියට නියෝජනය කරමින්ය. ඔහුගේ ධූරකාලය අවසන් වන්නට තිබියදී තවත් වසරක සේවා දිගුවක් ලබාදෙන්නේ ජනාධිපතිවරයාට පවා ඒ ඇගයීම තිබුණු නිසා බවට සැක නැත.
සී එන් එන්, බීබීසී වැනි බටහිර මාධ්‍ය වල ඒකපාර්ශික අශ්ශීල වාග් ප්‍රහාරයන්ට ඉතා ව්‍යක්ත ලෙසත් ඉතා සැහැල්ලුවෙනුත් පිළිතුරු දුන් නෝනිස් මහතා පිළිබඳ මෙතෙක් නොදැන සිටි බොහෝ දෙනා කතා කරන්නට ගත්හ. ඉංග්‍රීසි බස හැසිරවීමේ ඔහුගේ නිපුණත්වය නිසාම ලද ආකර්ෂණය ඔහු "රාජපක්ෂ හෙංචයියෙක්" යන හංවඩුව අමතක කරවීමට තරම් ශක්තිමත් විය. "සුද්දට දුවන්න දුන්නා" යනුවෙන් බොහෝ දෙනා එවකට ප්‍රකාශ කලේ එබැවිනි.
කෙසේ වුවත් නෝනිස්ගේ ඒ මෙහෙය අගයන අතරේම අපට ඔහු ගැන මතවාදී විවේචනයක් විය. ( නමුත් තරයේ සිහිකරගත යුතු කරුණ වන්නේ ඒ විවේචනය කිසිසේත්ම බෙල්ලෙන් අල්ලා අම්ම-අප්පා සිහිකර පයින් ගසා එලවා දමන පන්නයේ ත්‍රාඩ එකක් වත් ඒ පාදඩ ක්‍රියාව කිසිසේත්ම සාධාරණීකරණය කරන පන්නයේ විවේචනයක්වත් නම් නොවේ ) විශේෂයෙන් බටහිර රටවල් අප රටට ඇඟිලි ගසන්නේ - බාධා කරන්නේ ඒ ඒ රටවල ඇති දෙමළ චන්ද නිසාය යන මිත්‍යාව මෙන්ම බලය බෙදීම පිළිබඳව ඔහු දරන මතය පිලිබඳවද අපට විවේචනයක් තිබේ. ඒ අතින් බැලූ කල චතුර කතිකත්වයට සරිලන මතවාදී සවිමත් පසුබිමක් නෝනිස් මහතාට නොවීය. මෙය ඔහුට ආවේණික ලක්ෂණයක් ලෙස ලගු කරනවාට වඩා මේ ඊනියා උගත් සමාජයේ ආවේණික දෝෂයක් ලෙස හඳුනා ගැනීම නිවරදිය.
එසේ වුවත් විදෙස් සේවය තම දරුවන්ට විදෙස් අධ්‍යාපනය ලබා දෙන්නටත් බිරිඳට 'ෂොපිං' කිරීමටත් ලැබුනු බූදලයක් සේ සලකා ක්‍රියාකරන බහුතරයක් වූ නිළධාරීන්ට සාපේක්ෂව නෝනිස් මහතාගේ ක්‍රියා කලාපය පැසසුම් කටයුතු එකක් බව හුදු වෛරී විවේචකයන් හැරුණු විට අනෙක් බොහෝ දෙනා පිළිගන්නා කරුණක් බව නොකියා බැරිය.
කවුද මේ සජින් ?
මෑතක නැවත නෝනිස්ගේ නම කරළියට එන්නේ පසුගියදා ඔහුත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනත් අතර ඇතිවූ ගැටුම සහ ඉන් පසු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධූරයෙන් ඉවත් වීමට ඔහු ගත් තීරණයත් සමගයි.
නෝනිස් පිලිබඳව ඉතා මාතකදී වුවත් සමාජය තුල ඇතිව තිබුනේ සුදු චිත්‍රයක් නමුත් , සජින් ගුණවර්ධන මන්ත්‍රීවරයා බොහෝ දෙනා හඳුනාගෙන තිබුනේ කලු චිත්‍රයකිනි. වීශේෂයෙන් අසාර්ථක මිහින් ලංකා ව්‍යාපෘතිය හරහා මෙන්ම , ඔහුගේ පළමු පළාත් සභා මැතිවරණය (දකුණු පලාත් සභා ) තුලදී ඇතිවූ සිද්ධි මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ පසුද , විශේෂයෙන් විදෙස් අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙසද ඔහු ඒ කලු චිත්‍රය තව තවත් කළු කරගෙන තිබිණ. ඒ සියලු තත්වයන් හමුවේ වුවත් ඔහු කරළියේ රැව් දුන්නේ එක් විශේෂනයක්ද සමගිනි . ඒ 'ලොක්කගේ නෑදෑයෙක්' යන විශේෂත්වය සමගිනි. (නෑදෑකම කුමක්දැයි බොහෝ දෙනෙකු හරි හැටි නොදැන සිටියත් නෑදෑකම අද සියලු ක්‍රියාකාරකම් සියළු පත්වීම් ප්‍රධානයයන්හිදී පාහේ මුඛ්‍ය පූර්ව කොන්දේසිය වී ඇති බැවින්දෝ ඒ අදහස බොහෝ දුරට මුල් බැස අවසන්ය.)
බාල වැඩ වල ලාභ කාටද?
මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට නම් මුලින් ජනාධිපතිවරයා ඒ පිළිබඳ සජින් මන්ත්‍රීවරයාට දෝස්මුරයක් දමා සිද්ධිය හසුරවා ගැනීම සඳහා තම නියෝජිතයෙකු නෝනිස් හමුවට යවා තිබිණ. නමුත් පසුව වාර්තා වූ ආකාරයට ජනාධිපතිවරයාගේ ඒ ස්ථාවරය වෙනස් වෙමින් නොනිස් ගේ ක්‍රියාකලාපය පිලිබඳවද පරීක්ෂණයක් කැඳවා තිබේ. ඒ විදේශ අමාත්‍යංශ ලේකම්වරියගේ පැමිණිල්ලක් මතය. නෝනිස් තමාට පහරදීම පිළිබඳ පැමිණිල්ල ජනාධිපතිවරයාට ඉදිරිපත් කළාටත් වඩා වැඩි බරකින් අගරදගුරුවරයාට වාර්තා කර තිබීම ජනාධිපතිවරයාගේ උදහසට ලක්ව තිබූ බව බොහෝ මාධ්‍ය වාර්තා කර තිබිණ.
සිද්ධිය ඇසින් නොදුටු අපට ඒ සිදුවීම වැරදි කරුවා කවුද නිවරදි කරුවා කවුද යන්න ගැන තීරණ දිය හැකි නොවේ. නමුත් එකක් කිව යුතුය. ජනාධිපතිවරයා දැන් කලක සිට "ජනප්‍රිය දේශපාලනය" ඉවත ලා කටයුතු කරමින් සිටින්නේද යන්න විමසිය යුතු කරුණකි. වෙනදා නම් ජනාධිපතිවරයා සිදු කරනුයේ (පිටට පෙනෙන්නට හෝ ) සිදුවීමක් සිදුවුවහොත් දෙපාර්ශවයෙන් එක් පාර්ශවයකවත් සෘජු කොටස් කරුවකු නොවී සමාජයේ වැඩි ආකර්ෂණය තිබෙන පාර්ශවය සමග වඩා සාධාරණ ජනප්‍රිය මතය සමග එක් වීමය. ඒ පිළ හඳුනාගැනීමේ ඉවකින් ඔහු සන්නද්ධ විය. නමුත් දැන් දැන් ඒ ඉවට කුමක් සිදු වී ඇත්ද?
සුදු චිත්‍රයක් ලෙස හඳුනාගෙන සිටි ක්‍රිස් නෝනිස් ඒ සුදු චිත්‍රය තුළ සිටියදීම මකා දමන්නට කටයුතු කිරීම සාධාරණීකරණය කළ හැකිද යන්න ගැටලුවකි. ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ ගැටලුවක් තිබුණි නම් මීට ඉහතද සිදුකර ඇත්තාක් මෙන්ම විදෙස් සේවයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට සෘජු හැකියාවක් තිබිණ. [ මීට පෙර දයාන් ජයතිලක වැන්නන් තමන්ට අවනත සීමාවෙන් ඔබ්බට ,සහ ආණ්ඩුවේ සීමාකම්- අපේක්ෂාවන් නොලකා හිතුවක්කාර ලෙස ක්‍රියාකරද්දී නැවත කැඳවා පැත්තකට දැමුවා සේ අවශ්‍ය නම් ක්‍රිස් නෝනිස් මහතා ද ඉවත් කළ හැකිව තිබිණ. මේ ගහමරාගැනීම් නිසා සිදුව ඇත්තේ මීට පෙර සිදු කල ඒ නිවරදි ඉවත් කිරීම් පවා යළි යළි සමාජය ඉදිරියේ ප්‍රශ්න කරන තැනට පත් වීමය. ]
එසේම රට ජාත්‍යන්තර උගුලක සිරවීමේ අනතුරක සිටින අවස්ථාවක ජාත්‍යන්තරය තුල යම් කිසි හෝ ඇගයිය යුතු මට්ටමකින් ක්‍රියා කරන්නන් සාධාරණීකරණය කළ නොහැකි අයුරින් අපහසුතාවයට පත්වීම හරහා එවැනි කටයුතු කරන්නට අලුතින් මිනිසුන් ඉදිරිපත් වේද යන්න ගැටලුවකි.
ජනාධිපතිවරයාම පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට සිදු කළ පහත ප්‍රකාශයෙන් මේ සටහන අවසන් කරමු.
"මම ඌවෙන් එක පාඩමක් ඉගෙන ගත්තා. කොයිතරම් වියදම් කරලා වැඩ කරලා මහන්සි වුණත් වැඩක් නෑ මිනිස්‌සුන්ගේ හදවත් දිනාගන්න බැරිවුණා නම්. අපේ අය ඌවෙ වියදම් කරල තියෙනවා. වැඩ කරලා තියෙනවා. නමුත් මිනිස්‌සු අතරට ගිහින් මිනිස්‌සුන්ගේ හදවත් දිනාගෙන නැහැ."
ජනතා හදවත් දිනාගත හැක්කේ බලයෙන් හිස් උදුම්මවාගත් රස්තියාදුකාරයන් , චණ්ඩින්, පාදඩයන් තමන්ගේ හිතවතුන් නෑදෑයින් වූ පළියට කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීමෙන් නම් නොවේ. පරීක්ෂණ කොමිෂන් එකක් නොව සියයක් පත් කළත් ඒ කැලැල් මැකිය හැකිද නොවේ.
යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
යටියන ප්‍රදීප් කුමාරයුතුකම සංවාද කවය
යුතුකම සංවාද කවය
කවුද මේ නෝනිස්?
"මෝනිස්" යන නම බොහෝ දෙනා අසා තිබෙන්නට ඉඩ ඇතත් "නෝනිස්" යන නම නම් මීට වසර කිහිපයකට පෙර අසා ඇත්තකු සිටියේ නම් ඒ කලාතුරකිනි. අසා තිබුනත් මැක්වුඩ් තේ වතු සමූහයේ හිමිකරුවකු සහ ඉහළ පන්තියේ ව්‍යාපාරිකකු යන කරුණ මිසක් රාජතාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය නිළධාරියකු ලෙස නම් නොවේ. (මෝනිස් යනු ගාලු පාරේ අලුත්ගම ප්‍රදේශයේ ඇති ප්‍රසිද්ධ බේකරියයි.)
ඒ ව්‍යාපාරික නෝනිස් රාජතාන්ත්‍රික නොනිස් බවට පත් වන්නේ 2011 අගොස්තු ජනාධිපතිවරයා විසින් බ්‍රිතාන්‍ය මක කොමසාරිස් ධූරයට පත් කිරීමත් සමගයි. විශේෂයෙන් මෙහිදී අමතක නොකල යුතු කාරුණක් නම් නෝනිස් මහතා විදේශ සේවයට එක්වන්නේ සාම්ප්‍රදායික විදෙස් සේවා ධූරාවලිය යටතේ නොවේ. විදේශ සේවය පිළිබඳ අත්දැකීම් මතද නොවේ. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ වචනවලින් කියන්නේ නම් ක්‍රිස් නෝනිස් විදෙස් සේවයට පත් වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ "හෙංචයියකු" ලෙසය. [ ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේදී කතා කල විදෙස් සේවයේ නියුතු "රාජපක්ෂ හෙංචයියන්ගේ" ලැයිතුවේ ක්‍රිස් නොනිස් මහතාගේ නමද ඇතුලත්ව තිබිණ. නමුත් ඒ ලැයිස්තුවේ සිටි බොහෝ දෙනාට ජනාධිපතිවරයාගේ පවතින ඥාති සම්බන්ධතාවය සටහන් කර තිබූ නමුත් නෝනිස් මහතාගේ නම ඉදිරියේ එවැන්නක් සඳහන්ව තිබෙනු නොදුටුවෙමි.]
කොටි ත්‍රස්තවදය අවසන් කර දැමීමත් සමගම එල්ලවන ජාත්‍යන්තර පීඩනය හමුවේ ක්‍රිස් නෝනිස් මහතා ක්‍රියා කල ආකාරය පිළිබඳ බොහෝ දෙනා තුළ ඇත්තේ ප්‍රසාද හැඟීමකි. විශේෂයෙන් මෙරටට යුධ අපරාධ චෝදනා නගමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාවේ ඒකපාර්ශ්වික අසාධාරණ ජඩ මාධ්‍ය ප්‍රහාරයට එරෙහිව මෙන්ම , ජගත් මානව හිමිකම් සැසිවාරයන් තුලදීද නෝනිස් මහතා ශ්‍රී ලංකාව දඬු කඳේ ගැසීමට කැස කවන බටහිර මෙහෙයුමට එරෙහිව සැලකිය යුතු මට්ටමේ මෙහෙයක් ඉටු කළ බව පසුගිය කාලයේ දැකිය හැකි විය. ඒ අද මහා විගාඩම්බර දොඩවන , විදෙස් සේවයෙන් දොට්ට දමා ඇති, මාධ්‍ය හරහා පිම්බෙන සමහර ආචාර්‍යවරුන් මෙන් හිතුවක්කාර ලෙස තමන්ගේ න්‍යායපත්‍රවලට වැඩ කර නොවේ. රජය සග තමන් පත්කල රාජ්‍ය නායකත්වය සමග ඒකමතික වෙමිනි, රාජ්‍ය නායකත්වය හරියට නියෝජනය කරමින්ය. ඔහුගේ ධූරකාලය අවසන් වන්නට තිබියදී තවත් වසරක සේවා දිගුවක් ලබාදෙන්නේ ජනාධිපතිවරයාට පවා ඒ ඇගයීම තිබුණු නිසා බවට සැක නැත.
සී එන් එන්, බීබීසී වැනි බටහිර මාධ්‍ය වල ඒකපාර්ශික අශ්ශීල වාග් ප්‍රහාරයන්ට ඉතා ව්‍යක්ත ලෙසත් ඉතා සැහැල්ලුවෙනුත් පිළිතුරු දුන් නෝනිස් මහතා පිළිබඳ මෙතෙක් නොදැන සිටි බොහෝ දෙනා කතා කරන්නට ගත්හ. ඉංග්‍රීසි බස හැසිරවීමේ ඔහුගේ නිපුණත්වය නිසාම ලද ආකර්ෂණය ඔහු "රාජපක්ෂ හෙංචයියෙක්" යන හංවඩුව අමතක කරවීමට තරම් ශක්තිමත් විය. "සුද්දට දුවන්න දුන්නා" යනුවෙන් බොහෝ දෙනා එවකට ප්‍රකාශ කලේ එබැවිනි.
සී එන් එන්, බීබීසී වැනි බටහිර මාධ්‍ය වල ඒකපාර්ශික අශ්ශීල වාග් ප්‍රහාරයන්ට ඉතා ව්‍යක්ත ලෙසත් ඉතා සැහැල්ලුවෙනුත් පිළිතුරු දුන් නෝනිස් මහතා පිළිබඳ මෙතෙක් නොදැන සිටි බොහෝ දෙනා කතා කරන්නට ගත්හ. ඉංග්‍රීසි බස හැසිරවීමේ ඔහුගේ නිපුණත්වය නිසාම ලද ආකර්ෂණය ඔහු "රාජපක්ෂ හෙංචයියෙක්" යන හංවඩුව අමතක කරවීමට තරම් ශක්තිමත් විය. "සුද්දට දුවන්න දුන්නා" යනුවෙන් බොහෝ දෙනා එවකට ප්‍රකාශ කලේ එබැවිනි.
කෙසේ වුවත් නෝනිස් මහතාගේ ඒ මෙහෙය අගයන අතරේම අපට ඔහු ගැන මතවාදී විවේචනයක් විය. ( නමුත් තරයේ සිහිකරගත යුතු කරුණ වන්නේ ඒ විවේචනය කිසිසේත්ම බෙල්ලෙන් අල්ලා අම්ම-අප්පා සිහිකර පයින් ගසා එලවා දමන පන්නයේ ත්‍රාඩ එකක් වත් ඒ පාදඩ ක්‍රියාව කිසිසේත්ම සාධාරණීකරණය කරන පන්නයේ විවේචනයක්වත් නම් නොවේ ) විශේෂයෙන් බටහිර රටවල් අප රටට ඇඟිලි ගසන්නේ - බාධා කරන්නේ ඒ ඒ රටවල ඇති දෙමළ චන්ද නිසාය යන මිත්‍යාව මෙන්ම බලය බෙදීම පිළිබඳව ඔහු දරන මතය පිලිබඳවද අපට විවේචනයක් තිබේ. ඒ අතින් බැලූ කල චතුර කතිකත්වයට සරිලන මතවාදී සවිමත් පසුබිමක් නෝනිස් මහතාට නොවීය. මෙය ඔහුට ආවේණික ලක්ෂණයක් ලෙස ලගු කරනවාට වඩා මේ ඊනියා උගත් සමාජයේ ආවේණික දෝෂයක් ලෙස හඳුනා ගැනීම නිවරදිය.
එසේ වුවත් විදෙස් සේවය තම දරුවන්ට විදෙස් අධ්‍යාපනය ලබා දෙන්නටත් බිරිඳට 'ෂොපිං' කිරීමටත් ලැබුනු බූදලයක් සේ සලකා ක්‍රියාකරන බහුතරයක් වූ නිළධාරීන්ට සාපේක්ෂව නෝනිස් මහතාගේ ක්‍රියා කලාපය පැසසුම් කටයුතු එකක් බව හුදු වෛරී විවේචකයන් හැරුණු විට අනෙක් බොහෝ දෙනා පිළිගන්නා කරුණක් බව නොකියා බැරිය.
එසේ වුවත් විදෙස් සේවය තම දරුවන්ට විදෙස් අධ්‍යාපනය ලබා දෙන්නටත් බිරිඳට 'ෂොපිං' කිරීමටත් ලැබුනු බූදලයක් සේ සලකා ක්‍රියාකරන බහුතරයක් වූ නිළධාරීන්ට සාපේක්ෂව නෝනිස් මහතාගේ ක්‍රියා කලාපය පැසසුම් කටයුතු එකක් බව හුදු වෛරී විවේචකයන් හැරුණු විට අනෙක් බොහෝ දෙනා පිළිගන්නා කරුණක් බව නොකියා බැරිය.
කවුද මේ සජින් ?
මෑතක නැවත නෝනිස් මහතාගේ නම කරළියට එන්නේ පසුගියදා ඔහුත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාත් අතර ඇතිවූ ගැටුම සහ ඉන් පසු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධූරයෙන් ඉවත් වීමට ඔහු ගත් තීරණයත් සමගයි.
නෝනිස් මහතා පිලිබඳව ඉතා මාතකදී වුවත් සමාජය තුල ඇතිව තිබුනේ සුදු චිත්‍රයක් නමුත් , සජින් ගුණවර්ධන මන්ත්‍රීවරයා බොහෝ දෙනා හඳුනාගෙන තිබුනේ කලු චිත්‍රයකිනි. වීශේෂයෙන් අසාර්ථක මිහින් ලංකා ව්‍යාපෘතිය හරහා මෙන්ම , ඔහුගේ පළමු පළාත් සභා මැතිවරණය (දකුණු පලාත් සභා ) තුලදී ඇතිවූ සිද්ධි මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ පසුද , විශේෂයෙන් විදෙස් අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙසද ඔහු ඒ කලු චිත්‍රය තව තවත් කළු කරගෙන තිබිණ. ඒ සියලු තත්වයන් හමුවේ වුවත් ඔහු කරළියේ රැව් දුන්නේ එක් විශේෂනයක්ද සමගිනි . ඒ 'ලොක්කගේ නෑදෑයෙක්' යන විශේෂත්වය සමගිනි. (නෑදෑකම කුමක්දැයි බොහෝ දෙනෙකු හරි හැටි නොදැන සිටියත් නෑදෑකම අද සියලු ක්‍රියාකාරකම් සියළු පත්වීම් ප්‍රධානයයන්හිදී පාහේ මුඛ්‍ය පූර්ව කොන්දේසිය වී ඇති බැවින්දෝ ඒ අදහස බොහෝ දුරට මුල් බැස අවසන්ය.)
බාල වැඩ වල ලාභ කාටද?
මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට නම් මුලින් ජනාධිපතිවරයා ඒ පිළිබඳ සජින් මන්ත්‍රීවරයාට දෝස්මුරයක් දමා සිද්ධිය හසුරවා ගැනීම සඳහා තම නියෝජිතයෙකු නෝනිස් මහතා හමුවට යවා තිබිණ. නමුත් පසුව වාර්තා වූ ආකාරයට ජනාධිපතිවරයාගේ ඒ ස්ථාවරය වෙනස් වෙමින් නොනිස් මහතාගේ ක්‍රියාකලාපය පිලිබඳවද පරීක්ෂණයක් කැඳවා තිබේ. ඒ විදේශ අමාත්‍යංශ ලේකම්වරියගේ පැමිණිල්ලක් මතය. නෝනිස් මහතා තමාට පහරදීම පිළිබඳ පැමිණිල්ල ජනාධිපතිවරයාට ඉදිරිපත් කළාටත් වඩා වැඩි බරකින් අගරදගුරුවරයාට වාර්තා කර තිබීම ජනාධිපතිවරයාගේ උදහසට ලක්ව තිබූ බව බොහෝ මාධ්‍ය වාර්තා කර තිබිණ.
සිද්ධිය ඇසින් නොදුටු අපට ඒ සිදුවීම වැරදි කරුවා කවුද නිවරදි කරුවා කවුද යන්න ගැන තීරණ දිය හැකි නොවේ. නමුත් එකක් කිව යුතුය. ජනාධිපතිවරයා දැන් කලක සිට "ජනප්‍රිය දේශපාලනය" ඉවත ලා කටයුතු කරමින් සිටින්නේද යන්න විමසිය යුතු කරුණකි. වෙනදා නම් ජනාධිපතිවරයා සිදු කරනුයේ (පිටට පෙනෙන්නට හෝ ) සිදුවීමක් සිදුවුවහොත් දෙපාර්ශවයෙන් එක් පාර්ශවයකවත් සෘජු කොටස් කරුවකු නොවී සමාජයේ වැඩි ආකර්ෂණය තිබෙන පාර්ශවය සමග වඩා සාධාරණ ජනප්‍රිය මතය සමග එක් වීමය. ඒ පිළ හඳුනාගැනීමේ ඉවකින් ඔහු සන්නද්ධ විය. නමුත් දැන් දැන් ඒ ඉවට කුමක් සිදු වී ඇත්ද?
සුදු චිත්‍රයක් ලෙස හඳුනාගෙන සිටි ක්‍රිස් නෝනිස් ඒ සුදු චිත්‍රය තුළ සිටියදීම මකා දමන්නට කටයුතු කිරීම සාධාරණීකරණය කළ හැකිද යන්න ගැටලුවකි. ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ ගැටලුවක් තිබුණි නම් මීට ඉහතද සිදුකර ඇත්තාක් මෙන්ම විදෙස් සේවයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට සෘජු හැකියාවක් තිබිණ. [ මීට පෙර දයාන් ජයතිලක මහතා වැන්නන් තමන්ට අවනත සීමාවෙන් ඔබ්බට ,සහ ආණ්ඩුවේ සීමාකම්- අපේක්ෂාවන් නොලකා හිතුවක්කාර ලෙස ක්‍රියාකරද්දී නැවත කැඳවා පැත්තකට දැමුවා සේ අවශ්‍ය නම් ක්‍රිස් නෝනිස් මහතා ද ඉවත් කළ හැකිව තිබිණ. මේ ගහමරාගැනීම් නිසා සිදුව ඇත්තේ මීට පෙර සිදු කල ඒ නිවරදි ඉවත් කිරීම් පවා යළි යළි සමාජය ඉදිරියේ ප්‍රශ්න කරන තැනට පත් වීමය. ]
එසේම රට ජාත්‍යන්තර උගුලක සිරවීමේ අනතුරක සිටින අවස්ථාවක ජාත්‍යන්තරය තුල යම් කිසි හෝ ඇගයිය යුතු මට්ටමකින් ක්‍රියා කරන්නන් සාධාරණීකරණය කළ නොහැකි අයුරින් අපහසුතාවයට පත්වීම හරහා එවැනි කටයුතු කරන්නට අලුතින් මිනිසුන් ඉදිරිපත් වේද යන්න ගැටලුවකි.
ජනාධිපතිවරයාම පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට සිදු කළ පහත ප්‍රකාශයෙන් මේ සටහන අවසන් කරමු.
"මම ඌවෙන් එක පාඩමක් ඉගෙන ගත්තා. කොයිතරම් වියදම් කරලා වැඩ කරලා මහන්සි වුණත් වැඩක් නෑ මිනිස්‌සුන්ගේ හදවත් දිනාගන්න බැරිවුණා නම්. අපේ අය ඌවෙ වියදම් කරල තියෙනවා. වැඩ කරලා තියෙනවා. නමුත් මිනිස්‌සු අතරට ගිහින් මිනිස්‌සුන්ගේ හදවත් දිනාගෙන නැහැ."
ජනතා හදවත් දිනාගත හැක්කේ බලයෙන් හිස් උදුම්මවාගත් රස්තියාදුකාරයන් , චණ්ඩින්, පාදඩයන් තමන්ගේ හිතවතුන් නෑදෑයින් වූ පළියට කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීමෙන් නම් නොවේ. පරීක්ෂණ කොමිෂන් එකක් නොව සියයක් පත් කළත් ඒ කැලැල් මැකිය හැකිද නොවේ.
- See more at: http://www.yuthukama.com/2014/10/NonisHaNohis.html#sthash.XYYHJkmR.dpuf
Post a Comment