තානායමේ ගේට්‌ටුවෙන් ඇතුළට හැරුණු ත්‍රිරෝද රථය ඉද්ද ගැසුවාක් මෙන් ඇදීගොස් හරියටම තානායම් මිදුලේ අඹ ගසක් යට නතර වන්නේ පෙරහුරු වාර කීපයකින් පසුව සිදුකළ ටෙලි නාටක රූගත කිරීමකදී මෙනි.
තානායම් මිදුලේ ගෙඩි නැති අඹ ගසෙහි කොළ එසැණින් සිලි සිලි ගෑවේ ගස යට නතර කළ ත්‍රිරෝද රථය හා කිසිදු සම්බන්ධයක් ඇතිව නොවේ.
"...කෝ මිස් කැබ් එකක් ඇවිත් නෑනේ..."
තුන්රෝද රථ රියෑදුරු පසුපස අසුන දෙස හැරී එහි හුන් කාන්තාවගෙන් විමසන්නේ ගමනාන්තයට පැමිණීමේ සැනසුම් සුසුමද හෙළමිනි.
ඇඟටම සිරවූ කෙටි ගවුමකින් සැරසී ආලේපන ලූ දෙතොලින්ද සුවඳ කැවූ වරලසින් සහ වත්සුනු තැවරූ ෆේෂල් කළ කොපුලින් යුතු ඇය ගල්කූරෙන් ලියනා ගල්ලෑල්ලකට වඩා කුඩා ප්‍රමාණයේ ස්‌මාර්ට් දුරකථනයේ හම් ආවරණය ඈත් කොට එහි මතුපිට වීදුරුව මත පාට කළ නිය සහිත ඇඟිsලි තුඩ හසුරුවමින් සිටියා මිස රියෑදුරුට පිළිතුරු දුන්නේ නැත.
"...හායි තමයි... මොකෝ ලේට්...? වයිෆ්කාරයාගෙන් ගැලවෙන්න බැරි වුණාද?... මට බෑ හලෝ මේ වීල් කබලට වෙලා තැම්බි තැම්බි ඉන්න... රූම් එකක් රිසච් කරලා නේද ඇත්තේ....මම යනවා රූම් එකට... කැබ් එකේ ජොකියාට කියනව පොඩ්ඩක් පාගලා එන්න කියලා..."
තුන්රෝද රථ රියෑදුරු තක්‌බීරි වී අසා සිටින්නේ මෙම සුරූපිනිය ජංගම දුරකථනයෙන් සිය පෙම්වතා හට අමතන ආකාරය සිහිවය. එහා ටවුමේ කේ එෆ් සී එක ළඟින් අහම්බෙන් මෙන් රියට ගොඩවූ මේ සුරූපිනිය කාගේ කවුරුන්ද? තුන් රෝද රථ රියෑදුරු බෙල්ල කෙළින් කරගත්තේ ඇමෙට්‌ටි වන තුරු බෙල්ල කරකවා පසුපස අසුන දෙස බලා සිටියද ඇගෙන් කිසිදු පිළිතුරක් පිට නොවනා නිසාය.
එම ඇමතුම විසන්ධි කළ සැණින් ඇගේ ජංගම දුරකථනය සලාංබාලා ගෑවේ ඊට පැමිණි ඇමතුමකිනි.
කලින් ඇමතුමේදී මෙන් නොව මෙම දුරකථන ඇමතුමේ එහා කෙළවරින් කියනා දේවල් දුරකථනයෙන් පිටවන්නේ එහි ස්‌පීකර් ඕකේ කළ කලෙක මෙන් මහා සද්දයටය.
"...අද තුන්වැනි සතියනේ අම්මේ... ෆිස් නැතුව මටනම් අද පන්ති යන්න බෑ..."
දුරකථනයේ එහා කෙළවරින් ඇසෙන්නේ ඒ අසලින්ම ඇසෙනා හින්දි ගීතයක් අභිබවා යන පොඩි එකෙකුගේ කටහඬකි.
"...මේ පෝන් බෑය පට්‌ට ලවුඩ් චුට්‌ටි... සේරම පිටට ඇහෙනවා... ඔය ප්ලේයර් එකේ සද්දේ අඩු කරලා ආයේම හෙමින් කියහන්...ඇයි පන්ති යන්න බැරි?..."
කාන්තාවගේ හඬින් තුන්රෝද රථ රියෑදුරු මුවින් නොදැනීම සුසුමක් පිටවූයේය.
මීට තත්පරයකට පෙර කාමිණියක සේ සිය පෙම්වතා හමුවේ තොඳොල්වූ ගැහැනිsයක එසැණින් සැබෑ මවකගේ රිද්මයෙන් සිය දරුවා අමතන්නේ නොරිස්‌සුම් හඬින් වුවද ඒ යට රැඳුණු සැබෑ මවු දයා සෙනෙහසකින් නොවේද?
"...මාසෙ දෙවැනි සතියෙ පන්ති පීස් නොදුන්නොත් තුන් වෙනි දවසේ සර් නොදීපු අයවැ නැගිට්‌ටවලා නෝන්ඩිය දානව අම්මේ.. මට යන්න බෑ ෆිස් නැතුව..."
"...පිස්‌සුද චුට්‌ටි උඹට..? සර් කොහොමද උඹට නෝන්ඩිය දාන්නේ... හිටහන් මං කෝල් එකක් දෙන්නම් සර්ට...එයෑයිගෙ නෝනත් අපි එක්‌ක ශාඛා සමිතියෙ එකට බැහැලා වැඩ කරන්නේ...හිටහන් මං සර්ට ගන්න... නොම්මරේ ඇති මේකෙ..."
"...වැඩක් නෑ අම්මේ...හරියන්නෑ... සර් සවුත්තුව නොදැම්මත් කාඩ් මාක් කරන අක්‌කලා පන්තියෙ දොරළඟ ඉඳන් කාටත් ඇහෙන්න කිෙච් දාලයි තුන්වෙනි සතියෙ ෆිස් නැත්නම් පන්තියට දාන්නේ. අම්ම දන්නෑ අම්මේ."
රිය පුරා කොලොන් සුවඳක් මුදා හරිමින් පෙම්වතා හමුවීමට තානායමට පැමිණ සිටිනා ගැහැණිය තම දුවගේ එම හඬට පිළිතුරක් දෙනු වෙනුවට දුරකථනය කම්මුලට තෙරපාගත් ඉරියව්වෙන්ම රිය අසුනෙහි සිට හැරී තානායම් ගොඩනැඟිල්ලේ පාට කළ සීට් වහළය දෙස බලා සුසුමක් හෙළුවේ එම වහළෙන් ආවරණය වූ කොටසේදී තමා මුහුණ දෙන ගැහැනු ගැටලු කන්දරාව සිහිවී "දූ දන්නෑ දුවේ" කියන්නාක් මෙන් තෝන්තුවාවෙනි.
"...ඒ වුණාට බැහැයි නොකිය කොහොම හරි පන්ති යන්න බලහං කෙල්ලේ... උඹ පහේ පන්තියෙ ඉන්දැද්දි බොලාගෙ තාත්තගෙ පිස්‌සු කෙළිල්ලෙන් ශිෂ්‍යත්වෙත් ඇණ ගත්තා... ඇහුණා නේද ගිය සතියෙ උඩහ වත්තේ ගෙදර අර හොටු කෙල්ල... ලකුණු එකසිය හැත්තෑවක් ගත්තය කියලා ඩී.ෙ-. එකකුත් ගහලා ගෙදර දාපු පාටිය... අම්මලාට කොච්චර සතුටුද පුතේ එතකොට..."
"...පීප්...පීප්..."
තානායම ඉදිරියේ ඇති මහා මාර්ගයේ ඩබල් ඉරද කපාගෙන විත් දකුණු පැත්තේ රෝද දෙකම ඉස්‌සෙන තරමට කැත ගැනිල්ලක් වංගුව නවා ගේට්‌ටු කණු අතරින් එකවර ප්‍රාදූර්භූත වූ නැනෝ කැබ්රියෙහි මළකඩ හෝන් හඬ තානායම් මිදුල පුරා රැව් දුන්නේ ය.
ගැහැනිය ගේ දුරකථන සංවාදය එසැන නතර කළේය.
"..අම්මටසිරි...පට්‌ට නේ... අද ටයිට් ෆේරdක් එකක්...අනර්කලී එකේ වගේ..."
කැබ්රියෙන් බිමට බට මිනිසා අනිවාර්යයෙන්ම හතළිස් විය පසු කළ අයෙකු බව ඔහුගේ ලාවට ඉදිරියට නෙරූ බඩ ගෙඩිය සහ ඉදිරියේදී ගැලවී යැමට ආසන්න බවට පෙර ලකුණු මතුකළ ලා අළු පැහැ තුනී හිසකේ දෙස් දෙතත්, තවමත් ඔහුගේ වාග් විලාසයනම් නුගේගොඩින් දෙවන වරට ද ඒ ලෙවල් ඇනගත් ගැටවරයකුගේ සේය.
දැන් ලෝකයේ හැටි එහෙමය. කාලය පමණක් ඉදිරියට ඇදෙන්නේ බොහෝ මිනිසුන් එක තැන තබාය.
කැබ්රියෙන් බිමට බට මිනිසා එහි රියෑදුරුට උපදෙස් දෙන්නේ තමා තවත් පැයකින් හමාරකින් පැමිණෙන තුරු තානායම් මිදුලේ සෙවණ ගසක් යටට වී රැඳී සිටිනා ලෙස විය යුතුය.
ත්‍රීSරෝද රියෙන් බිමට බට ගැහැනිය එහි රියෑදුරුට නොකියාම රියෙන් බැස මිනිසා වෙතට ළංවූයේ එම උපදෙස් මාලාව ඈ කල් තබා රියට නඟිද්දීම එහි රියෑදුරු හට ලබාදුන් නිසා ය.
"...ෆොaන් එකෙන් බරබරේ දාපු හැටියට මම නම් හිතුවේ තදවෙලා හැරිලා ගිහිල්ලා ඇතිය කියලා..."
ඔහු ඇයගේ අතින් අල්ලාගනිමින් පැවසුවේය.
"...මොකෝ වීල් එකේ ඉන්න බැහැයි රූම් එකට යන්න ඕනය කීවේ ... වීල් එකේ බුවා එක විදියක ගොබිලෙක්‌ද?..."
පිරිමියා විමසන්නේ තම පෙම්වතිය නෑඹුල් ඇපල් මලක් සේ ගෙනය.
"...ගොබිලෙක්‌ද මොකෙද්ද නම් දන්නෑ... අම්මත් නැහැයි කීවා...තාත්තත් ලෙඩින්ලු පොඩි බබෙක්‌ලු ඉන්නේ...නිතරම සෙම අමාරුවලු... දැන් වීල් වැහි වැහැලා හයරුත් අඩු නිසා ලීසින් එකලු අවුල..."
ගැහැනිය කියාගෙන ගියාය.
"...ඔව් අයිසේ... දිගටම වැස්‌ස නිසා මටත් මේ ටිකේ හතේ හත... මේ සතියේ චෙක් දෙකක්‌ම රිටන්..."
ගැහැනිsය මොහොතකට සලිත වූවාය. ඒ අනිකක් නිසා නොව ජීවිතයේ සැබෑව සහ එහි අග හිඟකම් තම වෘත්තියේ තහනම් වචන බව ඇයට මොහොතකට අමතක වූ නිසාය.
වහා තම පෙම්වතා එම රිටන් චෙක් මානසිකත්වයෙන් මුදා ගත යුතුය. ඒ මක් නිසාද යත් තම දරුවාගේ පන්ති ගාස්‌තු වෙනුවෙන් කෙසේ හෝ තම පෙම්වතාගෙන් අද නොවරදවාම අමතර මුදලක් කඩා ගත යුතු වන නිසාය.
"...හතේ හත බවක් නම් අපට පේන්නෑ සිකුරු හතේ වගේ මිසක්..."
ගැහැනිය පිරිමියාගේ කලවය කොනිත්තමින් මවා ගත් සරාගී සිනාවක් පෑවාය.
රන්ජන් ගාමිණී ජයවර්ධන
Post a Comment