BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, November 20, 2014

ජනපති ජයග්‍රහණය වෙනුවෙන් නලාකරුවන්ගෙන් රැලි මාලාවක්‌....( නළා වයන රිළා පණික්කි සෙට් එක )

 කල්‍ යල්  බලා  වාසි  පැත්තට  පැනීම මෙන්ම..ඒ ඔස්සේ  ලාභ ප්‍රයෝජන ලබා  ගැන්ම  විනා ඉන් එහා  කඩ ඉමක්  ,පැවැත්මක්  මේ වෘක රැළට  නොමැත....මේ අතර  ජනතාව  වෙනුවෙන්  පෙනී  සිටින  පාටක් ,පක්‍ෂයක්  කර නොපින්වා ගත් ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ  කලා කරුවන්ද  අප රටේ   සිටිති   ඔවුනට  පොදුජන  උපහාරය  ලැබිය  යුතුය....අද  අසරණව සිටින  බර්ටි ගුණතිලක,හරූන් ලන්ත්‍රා,ස්ටැන්ලි මාස්ටර්  ,දයානන්ද  රොද්‍රිගෝ වැන්නවුන්ට  මෙකී නළා කරුවන් කර ඇති කෙං ගෙඩියක්  නැත...අඩුම  වශයෙන්  එම අය  ඉන්නවාද  නැද්ද  පවා මෙකී රිළා පණික්කියන්,පණික්කන්  නොදනී..නැතහොත් නොදන්නවා  මෙන්  සිටී...ඒ වගද  අප  සිහි තබාගෙන පහත  නළා පුවත  කියවීම  වටී.....


ශ්‍රී ලාංකීය ජනතාවගේ පොදු අපේක්‌ෂාව වන මහින්ද රාජපක්‍ෂ  නැවත වරක්‌ ජනපති කරවීමේ යුග මෙහෙවරට නළාකරුවන් පෙර ගමන් යන බව රවීන්ද්‍ර රන්දෙණිය  කීවේය.


කොළඹ පදනම් ආයතනයේදී පැවැති ශ්‍රී ලාංකීය
ලාකරුවන්ගේ ජාතික සංවිධානයේ මාධ්‍ය හමුවකදී රන්දෙණිය  එසේ කීවේය. මාලිනී ෆොන්සේකා, රෝහණ වීරසිංහ, ජැක්‌සන් ඇන්තනි, නාලන් මෙන්දිස්‌, සුදත් රෝහණ, පාලිත සිල්වා, ලාල් කුලරත්න යන ලා ශිල්පීන් ඇතුළු තවත් නලාකරුවන් රැසක්‌ මෙම මාධ්‍ය හමුවට එක්‌ව සිටි අතර එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ රවීන්ද්‍ර රන්දෙණිය  මෙසේද කීවේය.

අපේ රට වසර පහකට පෙර තිබුණු තැනත්, අද තිබෙන තැනක්‌ ගැන අපිට සසඳන්න වෙනවා. ජනාධිපතිවරණය පිළිබඳ තීරණය ගැනීමට පෙර බෙදා වෙන් කිරීමට ඉතා ආසන්නයේ තිබුණු මේ රට යුද්ධයෙන් නිදහස්‌ කරදුන් ජනාධිපතිගේ යුග මෙහෙවර අසම සමයි.

මාධ්‍ය හමුව අමතා අදහස්‌ දැක්‌වූ ජැක්‌සන් ඇන්තනි (ටිකිරි මොළේ ) , මේ රටේ
ලාකරුවන් ජනාධිපති වෙනුවෙන් පෙනී සිටිනවා කියන එක රහසක්‌ නොවෙයි. ලාකරුවාට මේ සමාජයේ අනෙක්‌ අයට නොපෙනෙන දෙයක්‌ පේනවා. 2005 වනවිට මේ රටම මරණ බයෙන් ජීවත් වෙද්දී තමයි ජනාධිපති පැමිණ ඒ ඉරණම වෙනස්‌ කළේ.

රෝහණ වීරසිංහ ( ටිකිරි මොළේ )අදහස්‌ දක්‌වමින්, ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන්
ලාකරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් රට පුරා ප්‍රාසාංගික රැලි ගණනාවක්‌ පැවැත්වීමට අපි තීරණය කර තිබෙනවා. නැවුම් විශේෂාංග සමඟ පැවැත්වෙන මෙම රැලි මාලාවේ පළමුවැන්න 20 දා සවස නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රඟහලේදී පැවැත්වුණා.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger