BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, November 20, 2014

‘මේ ඇඳ යට සිටින සොර සැමියා’.

පැරණි සංස්කෘත පඩිවරයෙක් මෙහෙම කියනවා
‘අකශ්මා යුවතී වෘද්ධං
කේශේස් ස්වාක‍්‍රශ්‍ය ලිංගතී
පතිර් නිර්ධය මාලිංග්‍ය
හේතුරත‍්‍ර භවිස්සතී’
තරුණ බැමිණියක් හා මහලූ බමුණෙක් පිළිබඳව තමයි මෙහි කියැවෙන්නේ. තරුණ බැමිණිය සමග හිතවත් තරුණ බමුණෙක් ඇයගේ නිවසට පැමිණෙනවා. ඒ වෙලාවේ නිවසින් බැහැරව ගොස් සිටි මහලූ බමුණා ගෙදර එනවා. මොනවා කරන්නද? අර තරුණ බමුණා රිංගුවා ඇඳ යටට. දැන් තරුණ බැමිණියට එළවා ගන්න බැහැ ඇඳ යට සිටින තමන්ගේ සොර සැමියා. මේ වෙලාවේ බැමිණිය තම මහලූ ස්වාමියා බදාගෙන මුහුණ ඉඹින්න ගත්තා. දැන් මහලූ බමුණා හිතනවා, ‘කවදාවත් නැතිව මේ ගැහැණියට මා ගැන පහළවෙලා තියෙන ආදරය මොකක්ද?’ කියලා. කිසි ආදරයක් නැතිව බැමිණිය කෙස් වල්ලෙන් අල්ලාගෙන මහලූ බමුණාගේ මුහුණ ඉඹිනවා. හැබැයි දයාවක් පෙනෙන්න නැහැ. මේ ඉඹීමට හේතුවක් තියෙන්න  ඕනනෙ. මේ ඉඹිල්ල අස්සේ සොර සැමියා පැනලා ගියාලූ.
ඒ වගේ දැන් ‘එකතු කරන්න බැරි අයත් එකතු වෙලා ඉඹින්නෙ මොකද? කියන ප‍්‍රශ්නය අපට තිබෙනවා. ඒ යථාර්ථය නම්, ‘මේ ඇඳ යට සිටින සොර සැමියා’. ‘මේ ඇඳ යට සිටින සොර සැමියා නම් අන් කිසිවකු හෝ නොවෙයි එක එක යුගවල රට දෙකඩ කරන්න, විනාශ කරන්න ආපු බලවේගයයි. මේ බව අපි හොඳින් තේරුම් ගත යුතුයි.

ඔබ මේ රටේ සුජාත දරුවකු නම්, මේ රට ආරක්‍ෂා කර ගැනීම සඳහා මේ කුමන්ත‍්‍රණකාරී බලවේගවලට නොරැවටී කටයුතු කළ යුතුයි’’පූජ්‍ය මැදගොඩ අභයතිස්ස පැවසූහ..

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මගින් තම බෙදුම්වාදී උවමනාවන් ඉටු කරවා ගැනීමට නොහැකිවීම හේතුවෙන් බටහිර බලවේග වත්මන් පාලනය බිඳ  වැට්ටවීමේ කුමන්ත‍්‍රණයක් දියත්කර ඇතැයි ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමියෝ පෙන්වා දෙති.
පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමියන් එසේ පැවසුවේ පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රිඩාංගණයේ ’රට ආපස්සට අදින පරගැති මෙහෙයුම් පරදවමු’ යන තේමාව යටතේ පැවැති ජාතික සංවිධාන එකමුතුවේ විශේෂ ජාතික සමුළුවේදී දේශනයක් සිදු කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ.
‘සෑම ශත වර්ෂයකම එක්තරා අවස්ථාවක් එනවා අපේ රට පාවාදීම සඳහා හෝ ආක‍්‍රමණය කිරීම සඳහා හෝ යම් බලවේග ක‍්‍රියාත්මක වන. 1505, 1715, 1815 හා 1915 එවැනි අවස්ථාවන් ලෙස හඳුනා ගත හැකියි. දැන් එළඹී ඇත්තේ 2015 යි. ඒ සෑම අවස්ථාවකම අපේ රට අරාජික කරවන, දේශීයත්වය, වටිනාකම් හා හර පද්ධතීන් යටපත් කරවන වැඩපිළිවෙළවල් ක‍්‍රියාත්මක වූ අයුරු දැක ගත හැකියි. අද අපි මුහුණ දී තිබෙන දේශපාලන යථාර්ථය කියන්නේ, ඒ විදිහට ශතවර්ෂයකට වතාවක් අපේ රට අගාධයට ඇද දැමීම සඳහා එන ඒ වැඩපිළිවෙළේ මේ ශතවර්ෂයේ උද්ගමනය කියලා අපට හිතන්න වෙනවා.
අප මේ වේදිකාවට එන්නේ, ජාතික බලවේග යටපත් කරලා, ජාත්‍යන්තර බලවේග හා රටට විරුද්ධ දේශීය බලවේග එකතු කරගෙන පළිගැනීම්වාදී මානසිකත්වය ඔස්සේ මේ රටේ ස්වෛරීත්වය, දිනාගත් නිදහස උදුරා ගැනීමට වැඩපිළිවෙළක් දියත්ව ඇති නිසයි. අන්තර්ජාලය වැනි මාධ්‍ය යොදා ගනිමින් අපේ රටේ වත්මන් පාලනය හෙළා දැකීමට හා බලලෝභීත්වයෙන් බලය ලබාගැනීමට රට තුළත් රටින් පිටතත් මහා පරිමාණ වැඩපිළිවෙළක් දියත් වෙනවා. මේ වැඩපිළිවෙළට අපි ජාතික බලවේග යැයි හඳුනාගෙන සිටි යම් යම් පිරිස්වලත් සහයෝගය ලැබී තිබීම බරපතළ අවාසනාවන්ත තත්ත්වයක්.
දශක තුනක් තිස්සේ පැවැති යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ට දෙවන වතාවට ජනාධිපතිවරණයට මුහුණ දීමට සිදු වුණේ තමන්ගේ සේනාධිනායකත්වය යටතේ කටයුතු කළ හමුදාපතිවරයකු සමගයි. මොහොතක් හිතන්න, යුද ජයග‍්‍රහණය සඳහා එක්ව කැපවුණු සේනාධිනායකයා සහ යුද හමුදාපතිවරයා විරසක කරන වැඩපිළිවෙළක් එදා හරි අපූරුවට දියත් කළා. ඒ සමගම තවත් රටට හතුරු දේශපාලන වැඩපිළිවෙළවල් දියත් වුණා. උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභා ආවා. මානව හිමිකම් චෝදනා ආවා. මේ සියල්ල පිටුපස සිටි අදිසි බලවේගය තමයි අදත් මේ රට විනාශ කරන මහා දේශපාලන කුමන්ත‍්‍රණය පිටුපස සිටින බලවේගය වී තිබෙන්නේ. එය තේරුම් නොගෙන අපේ ඇතැම් ජාතික බලවේග කටයුතු කිරීම කනගාටුවට කරුණක්. ඒක තමයි අපට තිබෙන බරපතළම ප‍්‍රශ්නය.
‘යුද ජයග‍්‍රහණය වෙනුවෙන් අපි වසර 05කට ජනාධිපතිකම දුන්නා. දැන් ඒ ගැන කතා නොකර අපි වෙන දෙයකට යමු’ කියලා අලූත් මතයක් සමාජගත කරමින් තිබෙනවා. යුද ජයග‍්‍රහණය වසර 05කට විතරක් වලංගු එකක්ය කියලා මතය හදන්නේ කවුද? අවුරුදු 30ක යුද්ධය අවසන් නොවුණා නම් අවුරුදු 05කට නොවෙයි, මේ රටට සදහටම භෞමික අඛණ්ඩතාව අහිමිව යන්න තිබුණා. ඒ නිසා, මේ යුද ජයග‍්‍රහණය සදා සැමරිය යුතු, සදා සිහි කළ යුතු, සදා ඇගයිය යුතු කාරණයක්. ’මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් ප‍්‍රමුඛ රණවිරුවන් රටට ලබාදුන් යුද ජයග‍්‍රහණය වසර 05-06කින් අමතක කළ යුතුයි’ කියලා කියනවා නම්, දුටුගැමුණු රජතුමාට මොකද වෙන්නේ? ඒ පැරණි රජවරු මේ රට ආරක්‍ෂා කර ගන්න කරපු දේවල් සහමුලින්ම අමතක කරලා දාන්න  ඕනෙ කියලයි ඒ පිරිස් හිතනවා ඇත්තේ. මේ මානසිකත්වය හඳුන්වන්න අපි ළ`ග වචන නැහැ. කුහක බව, අධර්මිෂ්ඨ බව, එහෙමත් නැතිනම් දුෂ්ට බව යන වචන තමයි ඒ සම්බන්ධයෙන් යෙදිය හැකිව තිබෙන්නේ.
‘ජනාධිපතිතුමා නම් හොඳයි, නමුත් අනෙක් අය නම්…’ කියලා කියන අලූත්ම කතාවකුත් මේ දිනවල පැතිරෙනවා. මේ කතාවත් අපි අර ‘Bubbles Theory’ කියලා කියන වැඩපිළිවෙළට අයත් එකක්. අද මේ රටේ සංවර්ධනයේ හා නිදහසේ නියමුවන්ට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළ පිටුපස ඉන්නේ කවුද, කියලා බලන්න. දේශපාලන වශයෙන් නැව් ගිලපු පිරිස්, පරම දුෂිතත්ත්වයට ගිය පිරිස් වගේම යුද්ධ කරන විට ‘අලිමංකඩ – පාමංකඩ’ කරපු මිනිස්සු ඒ පිටුපස ඉන්නේ. ඒ වගේම මීට මාස තුන හතරකට පෙර උතුරේ හමුදා කඳවුරු ඉදිරිපිටට ගිහිල්ලා ඒ කඳවුරු ඉවත් කළ යුතුයි කියලා කියපු පිරිස් තමයි මේ දුෂ්ට බලවේග සමග සිටින්නේ.
මෙතැනදී අපි පැහැදිලිව තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි මේ දුෂ්ට වැඩපිළිවෙළ පිටුපස සිටින්නේ දේශපාලන පක්‍ෂවලට මුවා වෙලා අපේ රට බෙදුම්වාදයට රැුගෙන යන බෙදුම්වාදීන් බව, අද මේ රටේ දේශපාලනය වෙනස් කරන්න  ඕනෙ වෙලා තියෙන්නේ ලාංකිකයන්ට වඩා බටහිර බලවේගවලටයි. එහෙම වෙලා තියෙන්නේ ඇයි? ඒකට හේතුව තමයි තමන්ගේ බෙදුම්වාදී උවමනාව මේ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව තුළින් ඉටු කරවා ගැනීමට නොහැකි වීම
ඒ වගේම මේ මොහොත, ජාතික බලවේග අතිශය දැවැන්ත විදිහට නොම`ග යවමින් තිබෙන මොහොතක්. ඇතැමුන් තුළ පෞද්ගලික කෝන්තර තියෙන්න පුළුවන්. නමුත් ඒ කිසිඳු පෞද්ගලික කෝන්තරයක් ජාතියට විරුද්ධ බලවේගයක් බවට පත්කර නොගත යුතුයි. නමුත් අද එකිනෙකාගේ පෞද්ගලික කෝන්තරයක් ජාතියට විරුද්ධව වැඩපිළිවෙළක් විදිහට ඉදිරියට ගෙන යනවා. එදා ‘මිලේනියම් සිටි’ පාවාදීම වැනි මහා පාවාදීම් සිදු වුණා. ඒවා මගින් අපට හිතා ගන්නත් බැරි විදිහට රට ආපස්සට ගියා. අද ඒවාට සම්බන්ධ වුණු පිරිස්, ඒ වගේම අපේ රටේ ජනතාව වෙතින් අවලංගු වුණු යම් යම් චරිත ඉදිරියට ඇවිත් තිබෙනවා. අපට වැදගත් නැහැ, ශ‍්‍රී ල. නි. ප. ද යූ. එන්. පී. ද ජ. වි. පෙ ද ජාතික හෙළ උරුමය ද, ජාතික නිදහස් පෙරමුණ ද කියන එක. අපට  ඕනෙ, ජාතික හැ`ගීමක් ඇති පුද්ගලයකු මේ රටේ ප‍්‍රධානියා බවට පත් වීම. හැබැයි ඒ අරමුණ ඉටු කරවා ගත හැක්කේ, පරදේශක්කාර බටහිර බලවේග හරහා නොවෙයි, ජාතිකවාදී බලවේග හරහායි.
ඇතැම් පිරිස් ජාතික බලවේග හරහා නෑවිත් ඒ අයගේ පැරණි හම් ගලවලා අලූත් හම් පොරවා ගෙන පෙනී සිටින්න හැදුවාට සිංහ හම් අතරින් කැනහිල් හම් පෙනෙන්න ගන්නවා. ඒක තමයි යථාර්ථය. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි, මේ එන දේශපාලන කුණාටුව රට තුළින් ඇති වුණු එකක් නොවෙයි, ඒක බරපතළ විදිහේ කුමන්ත‍්‍රණයක් බව. ඒ වගේම සමහර හාමුදුරුවරු, දේශපාලන නායක-නායිකාවෝ එදා නයි-පොළොංගු විදිහට වෛර වෙලා හිටපු අය, එක අත්තේ ඉන්න බැරි අය, දිවා රාත‍්‍රී බෙදාගෙන කටයුතු කරපු වවුලන් හා කපුටන් වගේ හිටපු අය, දැන් එකට වාඩි වෙලා ඉන්න බව දකින්න ලැබෙනවා.

 ජාතික සංවිධාන එකමුතුව

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger