BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, November 18, 2014

ඕනැ දුකක් ඉහිළිය හැකි දේශපාලනේ - චන්දිරිකා ආවොත් නම් ඕනැ නැහැ පුතේ..!!!

විපක්ෂ පොදු අපේක්ෂකයකු ගැන අදහස මේ වන විට අලුත් මානයකට පිවිස තිබේ.
 අපි නැවතත් 1994ක් නිර්මානය කර ගත යුතු නැත.
සුපුරුදු ලෙස ම ඝන වූ සියල්ල වාෂ්ප වී යනු ඇත. ශුද්ධ වූ සියල්ල කෙලෙසෙනු ඇත.
සඳ නාවත් කමක් නැතේ රත්තරං පුතේ
හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ
ඕනැ දුකක් ඉහිළිය හැකි දේශපාලනේ
චන්දිරිකා ආවොත් නම් ඕනැ නැහැ පුතේ



 වෙනසක් වෙනුවෙන් තම අපේක්ෂකත්වය හකුළාගෙන පොදු අපේක්ෂකයකුට එකඟ වන්නට එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් දක්වන ලද කැමැත්ත ඇත්තෙන් ම ප්‍රගතිශීලී, පරිත්‍යාගශීලී පියවරකි. මන්ද, ඇත්ත කතා කළහොත් ධනේශ්වර පංතියට නායකත්වය දෙන්නට මේ රටේ දැනට සිටින යෝග්‍ය ම පෞරුෂය රනිල් වික්‍රමසිංහ නිසා ය.

ධනපති පංතියට තමන්ගේ නායකයා මාකට් කර ගන්නට බැරි අර්බුදයක් පවතිද්දී අපි ඔහු උස්සා දිය යුතු නැත. මන්ද, එය පසුව අතින් අරන් කොහෙන්ද තියා ගත්තා වැනි කුණුහරුප වැඩක් වනු නො අනුමාන නිසා ය.

ලංකාවේ ජනයා සාපේක්ෂ වශයෙන් වඩා ප්‍රජාතන්ත්‍රවාදී ධනේශ්වර පාලනයකට සහාය දෙමින් විෂමතාවලට එරෙහිව හා සාධාරණත්වය වෙනුවෙන් අරගල කළ යුතු ය. පවත්නා ජාතිවාදී, දූෂිත, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය වෙනස් කිරීම මහජන අරගලයේ මූලික කොන්දේසියකි. එහෙත්, අරගලය එතැනින් අවසන් නො වේ.

පොදු අපේක්ෂකයකු ඔස්සේ අද පවතින මජර ක්‍රමය වෙනස් කිරීමට දරන උත්සාහයට සහාය පළ වීම ඇත්තෙන් ම හොඳ තත්වයකි.

රසිකලොජි බ්ලොගය ලියන අප මිතුරු රසික සූරියආරච්චි මේ පිළිබඳ පළ කළ අදහසක් මෙහි නැවත උපුටා දක්වමි. “මගේ අදහස නම් වෙස්සන්තර වගේ පොරක්ව කොමන් කැන්ඩිඩේටයා කරලා ජනාධිපති කළත් කිසිම වෙනසක් නැතුව කලින් එකා රට කාගෙන කාගෙන ගිහිල්ලා නතර කරපු තැන ඉඳන් කාගෙන කාගෙන යාවි කියන එකයි.

සියයට අඩු ප්‍රතිශතයක් අසුබවාදී වෙමින් මම මෙසේ සිතමි. එන පොදු අපේක්ෂකයා කවරෙක් වුණත්, ඔහු ලවා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරවා ගැනීම පහසු නො වනු ඇත. අනෙක් පැත්තෙන්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඔහුට වුවත් ලෙහෙසි පහසු දෙයක් නො වනු ඇත. බලය බෙදීම විෂයෙහි 13 ඉක්මවා යාමට අවශ්‍ය දෙමළ ජාතික සන්ධානයකුත්, 13 අහෝසි කිරීමට අවශ්‍ය ජාතික හෙළ උරුමයකුත් පවතින සංදර්භයක් තුළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන යනු දින වකවානු අනුව සම්පූර්ණ කළ හැකි කාරණා නො වේ. වඩා වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ගැඹුරු කතිකාවක් සඳහා සමාජයට අවස්ථා විවර කර දීමයි.

පොදු අපේක්ෂකයා දිනවීමේ ව්‍යාපාරය ඉදිරියට යන අතරතුර තව දෙයක් අවශ්‍ය ය. ඒ වනාහි දිනන පොදු අපේක්ෂකයා ලවා පොරොන්දු වූ වෙනස සිදු කරවා ගැනීමේ මහජන තෙරපුම පවත්වා ගැනීමයි.

අපි නැවතත් 1994ක් නිර්මානය කර ගත යුතු නැත.

සුපුරුදු ලෙස ම ඝන වූ සියල්ල වාෂ්ප වී යනු ඇත. ශුද්ධ වූ සියල්ල කෙලෙසෙනු ඇත.

සඳ නාවත් කමක් නැතේ රත්තරං පුතේ
හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ
ඕනැ දුකක් ඉහිළිය හැකි දේශපාලනේ
චන්දිරිකා ආවොත් නම් ඕනැ නැහැ පුතේ 

 අජිත් පැරකුම් ජයසිංහ

 http://www.w3lanka.com

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger