BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, November 27, 2014

ස්ටාර් ගේට් හෙවත් තරුපිරු අභ්‍යවකාශයට විවරවූ අත්භූත දොරටුවක් ලංකාවෙන් හමුවේ....

පිටසක්වළට යන්න පුළුවන් රහස් දොරටුවක් රිවර්ස්ටන් මහ කැලේ....!!!
 විශ්වය මහා වූ රහස් ගබඩාවකි. එහි කියැවිය යුතු මහා රහස් ගොඩක් තිබේ. මේ එහි පළමු රහසයි.
එම රහස කියැවීමට නම් ආධ්‍යාත්මික ගුණ වගාවන් වඩවා තිබිය යුතුයි. වඩවන ලද එම ගුණය සිත කය පිළිබඳ පැහැදිලි කරයි. කයින් සිත වෙන්කර ගැනුමට මඟ කියාදෙයි. එය නිවැරැදිව හදාරනවා යනු, කයින් සිත වෙන්කර ගැනුමේ අවස්ථාවට එළැඹුමයි. එම එළැඹුම තුළ සිතට නිදහසේ විශ්වය පුරා ගමන් කෙරුමට අවස්ථාව හිමිවෙයි. ඒ තුළ අතීතයට යෑමට හැකිය. වර්තමානයේ සැරිසැරීමටද හැකිය. අනාගතයටද පියමං කළ හැකිය. මෙම තත්ත්වය ලැබුමට අවශ්‍ය වනුයේ එකම එක දෙයයි. ඒ ආත්ම විශ්වාසය සහ කැමැත්තයි.


හෙළයේ ආදී ශක්තීන් ඒකරාශී කරගනිමින් රාවණා නිරිඳුන්, ගම්පොළ සුසන්ත සත්‍යා යෝගිතුමාට ආධ්‍යාත්මිකව ලබාදුන් නියෝගයක් මත රිවර්ස්ටන්හි සැඟැවුණු ශක්තීන් පිළිබඳ හෙළිදරව් කෙරෙන දෙවන ලිපියයි ඔබ මේ කියවනුයේ.එම නියෝගය අනුව රිවර්ස්ටන් පිළිබඳ කරනු ලබන මහා හෙළිදරව්ව සමඟම, හෙළයේ ආදිතමයන්් විසින් පවරනු ලැබුවා වූ බැරෑරුම් කාර්යයක්ද මේ වන විට ඉටු කරමින් සිටියි. ඒ හෙළ ඉතිහාසයට ළැදිකමක් දක්වන ආධ්‍යාත්මික පිරිසක් නිර්මාණය කරලීමේ කටයුත්ත අරබයායි. යෝගිතුමා නිර්මාණය කරවනු ලබන එම ආධ්‍යාත්මික පිරිස කොටස් දෙකකින් සමන්විතයි. ඉන් එක් කොටසක් වනුයේ යෝගි ධර්මයන් වැඩවීමට කැමැත්තක් දක්වන්නා වූ පිරිසයි. අනෙත් කොටස වනුයේ යෝගි ධර්ම නොවඩන එහෙත්, හෙළයට, හෙළයන්ට හෙළයේ ආදිතමයන්ට හිතැති ඒ පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීමට කැමැති පිරිසයි.
රිවර්ස්ටන් හිදී පළමුව උගත යුතු වනුයේ පරිසර පද්ධතියේ තිබෙන්නා වූ වෙනස්කමයි. දෙවනුව එහි බලපවත්නා වූ ශක්තියයි. තෙවනුව එහි තිබෙන්නා වූ ප්‍රබල ස්ථානයි. මේ සියල්ල ගැන එක් බලවේගයක් කියාදෙමින් සිටියි. එම බලවේගය වනුයේ හෙළයේ ආදිතමයන්ගේ ශක්තියයි.
රිවර්ස්ටන් භුමියේ තිබෙනුයේ භූමි ශක්ති නමස්කාරයයි. එය තිබෙනුයේ ආකාර තුනකිනුයි. ඉන් පළමුවැන්න වනුයේ ආකාශාධිපති හෙවත් ආකාශ ධාතුවයි. දෙවැන්න වනුයේ සූර්යයාධිපති හෙවත් සූර්ය ධාතුවයි. තෙවැන්න වනුයේ වායුවෝධාධිපති හෙවත් වායු ධාතුවයි. මෙම ශක්තීන් රිවර්ස්ටන් පරිසර පද්ධතිය මූලික කරගෙන පවතියි. එම ශක්තීන් විශ්වය මුදාහරිමින් සිටින දිව්‍යමය ශක්තීන් හා ඒකාත්මිකයි.
 
“The time will inevitably come when mechanistic and atomic thinking will be put out of the minds of all people of wisdom, and instead dynamics and chemistry


මෙම ඒකාත්මිකභාවය ප්‍රදානය කළා වූ දිව්‍යමය ගුණයන් කිහිපයක් වෙයි. එහිදී ප්‍රමුඛ වනුයේ සූර්ය ශක්තියයි. එනම් අග්නියයි. රාවණගේ සියලු ශක්තීන්ට මුල් වනුයේ අග්නියයි. අග්නිය ප්‍රධානව මහා ශිව දෙවි නමස්කාරය, හෙළයේ මහා යක් රැජන නීලකුම්බිලා දේවතාවියගේ නමස්කාරය,හෙළයට අධිපති මහා ඍෂිවරුන් දෙදෙනාගේ නමස්කාරය, රාවණ නිරිඳුන්ගේ නමස්කාරය, ඉන්ද්‍රජිත් කුමාරයාගේ නමස්කාරය මෙම භූමි ශක්තියේ ප්‍රබලත්වයයි. මෙම ප්‍රබල ගුණය යනු හෙළබිමේ ශාන්තියයි.
රිවර්ස්ටන් පරිසර පද්ධතිය මනුෂ්‍ය වාසයෙන් තොරවූ විට ගෙනෙනුයේ විශ්ව දායාදයක්. එය විශ්ව දායාදයක් වනුයේ රාවණ නිරිඳුන් සහ ඉන්ද්‍රජිත් කුමරුන් ඇසුරෙන්. ඒ මෙම බිම අදින් යුග කිහිපයකට පෙර ඔවුන් ශක්ති කර තිබෙන හෙයින්. දැන් මේ කෙරෙමින් පවතිනුයේ ශක්ති කළා වූ මෙබිම නැවත අලුත් කිරීමක්. බලය වඩවාලීමක්.
යෝග වැඩිමේදී ආසනය ඉතා ප්‍රබලයි. යෝග ආසනය වනුයේ පිරමීඩයයි. මෙය හිමිකර දෙනුයේ මහා විස්මිත ශක්තියක්. පොළොවට ස්පර්ශ වනසේ උකුල යට ප්‍රදේශය, වම් දණහිස, දකුණු දණහිස එක්ව නිමකරනුයේ ත්‍රිකෝණ පිරමීඩයයි. මෙම පිරමිඩ හැඩයෙන් පොළොව ස්පර්ශ කරමින් යෝග ධර්ම වඩන්න සහ විශ්වය අතර සම්බන්ධතාවක් හටගනියි. ඒ යෑම් ඊම් ක්‍රියාවලියයි. මේ තුළ විශ්වයේ ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් විශ්වීය බලවේගයන් ක්‍රියාත්මක වෙයි. එය ආධ්‍යාත්මික බලයක් බව කිව හැකියි. මෙම බලය හරහා විශ්වයෙන් ලබා දෙනුයේ හෙළයේ මහා ශක්තීන් එකරාශීවීමෙන් ඉපැදුණු බලයයි. මේ බලයන් දෙකෙහි එකතුව විශ්වය සහ මිනිසා අතර වන ඒකාත්මිකභාවයයි.
ඕම් කියනුයේ විශ්ව නාදයයි. ප්‍රාණයාම කරනවිට නැඟෙන ආශ්වාස, ප්‍රශ්වාස මූලිකවම බද්ධ වනුයේ ඕම් විශ්ව නාදයටයි. මෙම ප්‍රාණයාම වැඩීම තුළ අන්තරා සීමාවක් දක්නට හැකිය. එය රිද්මයානුකුලයි. නිශ්චිත කාල පරාසයකින් යුක්තයි. එය විශ්වීය රටාවට සමානුපාතිකයි.
ඕම් කාරය ශබ්ද නඟන විට චක්‍ර අවදිවීම සිදුවෙයි. මෙම චක්‍ර අවදිවීම සිදුවනුයේ කොඳු ඇට පෙළේ යට කොටසේ සිටයි. අවදිවන මෙම ශක්තිය කොඳු ඇටපෙළ දිගේ ඉහළට ගමන් කරයි. යෝගයන් වැඩීමේදී සිදුවන සිද්ධාන්තය මෙයයි.


මෙම චක්‍ර අවදිවීමත් සමඟම වැඩෙනුයේ ධ්‍යානයි. මෙහිදී ක්‍රියා යෝග චක්‍රයෝග, ශක්ති යෝග, භක්ති යෝග, ඥාන යෝග සම්බන්ධ වෙයි. භක්ති යෝග සම්බන්ධ වනුයේ නාම මාත්‍ර යෝග වශයෙනුයි. උදාහරණයක් ලෙස ඕම් නම-- ශිවාය යනුවෙන් කියූවිට සම්බන්ධ වනුයේ මහා ශිව ශක්තියයි. මේ මොහොත වනවිට යෝග වඩන්නා සුදුසු තලයක පිහිටියේ නම් මහා මන්ත්‍ර තුළින් ශිව ශක්තිය සමඟ සම්බන්ධ විය හැකියි.
මෙහිදී තවත් ශක්තියක් සමඟ බද්ධ වීමට හැකියි. ඒ හිමාලයෙන් ගලා එන ආධ්‍යාත්මික භාවයන් හා සමඟිනුයි. යෝගී ආධ්‍යාත්මිකභාව ලබා තිබෙන යෝගියකුට මැවෙන පරිසරය වනුයේ හිමාල පරිසර පද්ධතියයි. හිමාලයෙන් ගලාගෙන එන්නා වූ එම ශක්තිය ප්‍රාණයක් ලෙස ගත හැකියි. එම ප්‍රාණය නාස්පුඩු අතරින් ඉහළට ගෙන ශරීරයේ යටි කොටසේ තැන්පත් කළ හැකියි. මෙය හඳුන්වනුයේ ප්‍රාණය ගැනීමක් ලෙසයි.



මෙම විශ්වයේ බලපවත්වන්නා වූ විශ්ව ශක්තියේ වේගය වනුයේ මෙම ප්‍රාණයයි. මිනිස් සිරුර තුළ ප්‍රාණවේගය බලපවත්වනුයේ එම ආකාරයටයි. මෙම ගන්නා වූ ප්‍රාණ ශක්තිය ශරීරයට සම්බන්ධ කරගත යුතුයි. එම සම්බන්ධතාව වනුයේ ශරීරයේ නිලයන් සමඟ එකතුවීමයි. නිල ප්‍රකම්පනය ලෙසින් හඳුන්වනුයේ මෙයයි.
නිලවලට ප්‍රධානවම බලපවත්වනුයේ චක්‍රයි. මෙම චක්‍ර පවතිනුයේ කොඳු ඇට පෙළේ යට කොටසේ සිට ඉහළටයි. මෙම චක්‍ර මූලාධාර චක්‍රයේ සිට ආඥා චක්‍රය දක්වා විහිදී පවතියි.
ආඥා චක්‍රය ප්‍රධාන වනුයේ මහා ශිව දෙවියන්ටයි.


මිනිස් සිරුර මේ මහා විශ්වය සමඟ ගත්විට ඉතා පුංචි අංශුවක් වෙයි. මෙම පුංචි අංශුවට ඉතා විස්මිත දෑ කළ හැක්කේත්, ආධ්‍යාත්මික ගුණ වඩවා විශ්වයට අණදිය හැක්කේත් මෙම ආඥා චක්‍රය හරහායි.
යෝග වැඩීමේදී තවත් වැදගත් යෝගයක් වනුයේ කුණ්ඩලීනි ශක්තියයි. රිවර්ස්ටන් යනු කුණ්ඩලීනි ශක්තිය වැඩවීමේ තෝතැන්නයි කුණ්ඩලීනය සංකේතවත් කරන විශ්වීය ක්‍රමයක් තිබෙයි. ඒ නාගයෙක් ලෙසිනුයි. එයද දඟර ගැසුණුු නාගයෙක් ආකාරයටයි. මෙම නාගයා ප්‍රබල කිරීමට විශ්වයෙන් දායාද අවශ්‍ය වෙයි. මෙම දායාදය වනුයේ විශ්ව ශක්තියයි. මෙම විශ්ව ශක්තිය ප්‍රාණයාමයට ගනු ලබන හේතුව එයයි. එම ගැනීම තුළ ප්‍රාණයාම යෝග වැඩෙයි. මෙහිදී මෙම ප්‍රාණයාම යෝග ගැනීම පිළිබඳ වන නියමයක්ද තිබෙයි. ඒ විසිඑක් වතාවක් ප්‍රාණයාම ගැනීමයි.

විසි එක් වතාවක් ප්‍රාණයාම ගැනීම තුළින් විශ්වයෙන් දෙනු ලබන ශක්තිය මිනිස් සිරුරේ ගැබ් ගන්වනු ලබයි. එනම් ගැබක් ලෙස පිහිටුවාලනු ලබයි. මෙතැන්හිදි විශේෂයක් ක්‍රියාත්මක වෙයි. එනම් නාඩි දෙකක් ක්‍රියාත්මක වෙයි. ඒ ඊඩා නාඩිය සහ පිංගල නාඩියයි.
මෙම නාඩි හරහා ක්‍රියාත්මක කරනු ලබන ශක්තිය එක් දෙයක් කරයි. ඒ එම ශක්තිය විශ්වයට මුදා හැරීමයි. විශ්වයට ශක්තිය මුදා හැරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාවක් වෙයි. ඒ ඕම් කාරය සමඟ එකතුවෙන් යෝග මන්ත්‍ර ජප කළ යුත්තේ ඉන් පසුවයි. මෙතැන්හිදී චක්‍ර වේගවත් වෙයි. වේගවත් වන චක්‍ර ශරීරය පුරා යයි. ඒ නිලයන් සොයාගෙනයි. මේ සමඟින් ශරීරයේ ඉන්ද්‍රියයන් සම්බන්ධ වෙයි. ඉන්ද්‍රියයන් සම්බන්ධ වීම හරහා ක්‍රියාවලින් දෙකක් සිදුවෙයි. ඒ මානසික සහ කායික ක්‍රියාවලියයි. ශරීරයෙන්් බලගන්වන්නා වූ මානසික ශක්තිය සමඟින් සම්බන්ධ වනුයේ විශ්වයෙන් බලගන්වන්නාවූ විශ්ව ශක්තියයි.
විශ්වයෙන් හටගන්නා වූ ශක්තීන් සමඟින් සම්බන්ධ වීමට ශරීරයෙන් බලගන්වන්නා වූ මානසික ශක්තීන් මතින් ගොඩනැඟෙන්නා වූ ආධ්‍යාත්මික ශක්තියට ඉඩකඩ ලැබෙයි.
ඇද ගැනීමේ සහ නිශ්චල කිරීමේ ශක්තිය මේ බිම තුළ ක්‍රියාත්මකයි. යෝගයක් වැඩීමේදී ශරීරයේ බලගන්වන ශක්තීන් ඉහළ ආකාශ ධාතුවක් සමඟ ක්‍රියාත්මක වෙයි. මෙතැනදි ශරීරයේ චක්‍ර අවදිවීම් මෙන්ම විශ්වයේ චක්‍ර අවදිවීම්ද සිදුවෙයි.


ශරීරයේ සහ විශ්වයේ අවදිවන චක්‍ර ශක්තීන් විශ්වය අතර හා යෝගි වඩන්නා අතර ඒකීය රේඛාවෙන් එකිනෙකා හා සම්බන්ධ වෙයි. මෙම සම්බන්ධ වීම හරහා විශේෂ දෙයක් සිදුවෙයි. එනම් ලැබීම් පක්ෂයයි. මේ හරහා ලැබෙනුයේ පණීවුඩයයි ශක්තීනුයි. මේවා ක්‍රියාකාරීයි.
මානිගල විශේෂිත වනුයේ මෙම අවස්ථාවේදීයි. මානිගල යනු කාල හෝරාව මනිනු ලබන්නක් නෙවන බව සනාථ වනුයේ මෙතැනදී. මෙම චක්‍ර අවදිවීම සිදුවනුයේ ආලෝක වේගයෙන්. අවදිවන විශ්වය සහ මිනිස් සිරුරේ චක්‍ර අවදිවීම් වේගය මනිනු ලබන කාලය මැනීමක් ලෙස මානිගල අර්ථගැන්වෙනුයේ මෙතැනදි. මේ අනුව මානිගල පොදු මතය වන දවසේ කාලය මනින්නක් බව කියැවෙන මතය මෙතැනදී බිඳ වැටෙයි.


මෙය තවත් එක් දෙයක් සිදුකරනු ලබයි. එනම් මානසික ආධ්‍යාත්මික බව තුළින් අවදිවන චක්‍ර විශ්වය මඟින් මුදා හරින චක්‍ර සමඟින් බද්ධ වූ විට රිවර්ස්ටන් ඉහළ ආකාශ ධාතුවේ කුහර විවෘත වනු ලබයි. මෙම කුහර විවෘත වීම වෙනත් සක්වළකට යෑමේ ගමන් මාර්ගයයි. විවෘත වන මෙම කුහර පවතිනුයේද චක්‍ර ආකාරයටයි.
මේ හරහා සක්වළ ගලින් එහාට පණිවුඩ යැවීමක් කළ හැකියි. එමෙන්ම සක්වළ ගලින් එහා සිට පණිවුඩ ගෙන්වා ගැනීමක්ද සිදුකළ හැකියි. මෙම මොහොත වන විට විශ්වය නිශ්චලයි. නිහඬයි. ගුප්තයි.


යෝග සහ විශ්ව ශක්තීන් සමඟ බැඳී පවතින තවත් ප්‍රබල ශක්ති මූලයක් තිබෙයි. ඒ නාලන්දා ගෙඩිගෙයයි. නාලන්දා ගෙඩිගේ සූර්ය ශක්තිය ක්‍රියාත්මක කර වූ ස්ථානයයි. මෙහි ක්‍රියාත්මක වනුයේ සූර්ය දිව්‍ය ශක්තිය හෙවත් අග්නි ශක්තියයි. මෙය මහා රාවණා මෙන්ම ඉන්ද්‍රජිත් කුමාරයාද හෙළයේ මධ්‍ය කේන්ද්‍රය බලවත් කරගැනීමට යොදාගත් පූජනීය ස්ථානය වශයෙන් හැඳින්විය හැකියි. මෙමඟින් උපදිනුයේ ද මහා ශිව ශක්තියයි. නිලකුම්බිලා දේවතාවියගේ ශක්තියයි. මහා භද්‍රකාලි ශක්තියයි. මෙම ශක්තියද ඒකීය රේඛාවක් තුළ චක්‍රාකාරව ගමන් කරනු ලබයි. මෙම පරිසර පද්ධතිය මහ ශිව දෙවියන්ගේ වාසස්ථානය වන හිමාල පරිසර පද්ධතිය සමඟින් ඒකීයව කේන්ද්‍රගත වෙයි.
මෙම පරිසරය පද්ධතිය තුළ තවත් විශේෂිත ස්ථානයක් වනුයේ ලග්ගලයි. ලග්ගල ගැන කියැවෙන විශ්වීය රහස අනුව එය ස්වාභාවික ශක්ති ගබඩාවක් ලෙසින් හැඳින්විය හැකිය. ස්වාභාවිකව පිහිටියා වූ පිරමිඩ ශක්තිය පිටවල කඳු වළල්ල මැද ශක්ති වී පවතියි.

පිරමිඩ ශක්තිය ගෙනෙන බිම්කඩේ ත්‍රිකෝණ පාද හඳුනා ගැනීම ඉතා වැදගත් වෙයි. එම ත්‍රිකෝණ පාදයේ එක් කොටසක් නාලන්දා ගෙඩිගේ පිහිටි බිම්කඩයි. අනෙක් ත්‍රිකෝණ පාදය තිබෙනුයේ ලග්ගලයි. තෙවැනි ත්‍රිකෝණ පාදය මානිගලයි. මෙම බිම්කඩ විමසීමේදී එය ඉතා පළල් බිමක් බව පැහැදිලි වේ.
යෝග ධර්ම වැඩීමට මෙම පරිසර පද්ධතිය රාවණා නිරිඳුන් සහ ඉන්ද්‍රජිත් කුමරු තෝරා ගැනීමේ විශේෂ හේතුව මෙයයි. රිවර්ස්ටන් පරිසර පද්ධතිය තුළ යෝග ධර්ම වැඩීම තුළ සිදුවන්නේ පරිසර පද්ධතියේ කාන්දම් ශක්තිය මිනිස් සිරුරේ කාන්දම් ශක්තිය හා සම්බන්ධ විමයි. රිවර්ස්ටන් බිම කාන්දම් ශක්තිය යනු විශ්වයේ රහස් ඇදගන්නා වූ ශක්තියයි. විශ්ව ‍ෙදාරටුව විවර කරන මාර්ගයයි.


හෙළ දිවයිනේ රිවර්ස්ටන් පරිසර පද්ධතිය රාවණා නිරිඳුන් සමඟින් ඉන්ද්‍රජිත් කුමාරයා ශක්ති කරනු ලැබුවේ මේ හේතුන් මතයි. මෙම ශක්ති කිරීම් තුළ රාවණා නිරිඳුන්ට වඩා ඉදිරියෙන් සිටියේ ඉන්ද්‍රජිත් කුමාරයායි. ඒ වෙනුවෙන් ඉන්ද්‍රජිත් කුමරු වැඩූ යෝග සීමාරහිතයි. එම යෝග ගණනය කළ නොහැකි බව ඇත්තයි. නමුත් රිවර්ස්ටන් වෙතින් ලබා දෙන ලබන පණිවුඩ සහ සංඥා කියනුයේ මෙබිම ශක්තිය නැවත අලුත් කරන ලෙසයි. බලගන්වන ලෙසයි. ලැබෙන සහ ඉදිරියට ලැබීමට නියමිත රිවර්ස්ටන් ශක්ති බිමේ පණිවුඩ කියා සිටිනුයේ ගණනය කළ නොහැකි යෝගි ධර්ම වැඩීමට ලබා ගන්නා ආධ්‍යාත්මික භාවය තුළින් එම යෝගි ධර්මය පෙළ ගැසෙන බවයි.
අදින් අවුරුදු හතකට පෙර යෝගී ආධ්‍යාත්මයට විශ්වයෙන් ලැබුණු පණිවුඩය වූයේ එයයි. එමඟින් කියැවුණේ රිවර්ස්ටන්හි තිබෙන්නා වූ මහා ශක්තිය හෙළිදරව් කිරීමේ මහා කාර්යයට දායක වන්න යන පණිවුඩයයි. එතුළින් හෙළයේත්්, හෙළය, හෙළයේ යටගියාව මතු කළ යුතු බව එම පණිවුඩයයි.
ඒ අනුව එළැඹෙන නුදුරු දිනෙකදී යෝගීතුමා සමඟින් එක්ව කටයුතු කිරීමට මෙමඟින් ඔබට අවස්ථාව හිමිවෙයි. 081 5654647 දුරකථන අංකයට යෝගිතුමා ඇමතීමෙන් මෙම පිරිසට ඔබටත් ඇතුළු විය හැකිය.
ඇවැතුම් සකස් කරගැනීම වැදගත්. පැවැතුම් නිවැරැදි කර ගැනීමද වැදගත්. ලෝබ, මෝහ ද්වේෂ සිතින් ඉවත් කර ගැනීමද වැදගත්. ඒ ඇසුරෙන් පහළවන සිතද වැදගත්. පහළවන සිත පවසනු ලබන දෙයද වැදගත්. එම සිතට සවන් දීමද ඉතා වැදගත්.
රිවර්ස්ටන් පරිසර පද්ධතිය යතුරක් ප්‍රදානය කිරීමට සූදානමින් සිටියි. ඒ ඕම් මන්ත්‍රයයි. එයට විශ්ව නාදම් යනුවෙන්ද හඳුන්වයි. එය විශ්වයේ ‍ෙදාර අගුළු අරින යතුරයි. ‍ෙදාර අගුළු ඇරීමට ගමනක් යා යුතුයි. ඒ විශ්වයේ ‍ෙදාර තිබෙන ස්ථානයටයි. විශ්වයේ ප්‍රබලම ස්ථානයද එයයි.


රිවර්ස්ටන් ප්‍රධාන ශක්ති බිම තුළ හෙළයට අයත් සියලුම ශක්තීන් ගබඩා වී තිබෙන බව එයින් කියැවුණු අනික් පණිවුඩයයි. ඒ පිළිබඳ වන හෙළිදරව්ව විශ්වයේ නියමයයි. නියෝගයයි. මෙම හෙළිදරව්ව නියම කරනු ලබන ආකාරයට අනුව සිදුවිය යුතුය. ඒ මෙම බිම හා ශක්තීන් ලෞකික භවය ලෝකෝත්තර බවේ සියලු අභිලාෂයන් මුදුන් පමුණුවාලීම සඳහායි. ඒ හෙළයේ, හෙළයන්ගේ ශක්තියයි.
අරුණඩේල් විජේරත්න

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger