BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, November 28, 2014

නිරුවතින් කඩේ ගිය මහින්ද ගේ නිහඬ නික්ම යාම...

ඔහු  පැමිණියේ  කෙසේද  ...???පැවතියේ කෙසේද........??? නික්ම  ගියේ  කෙසේද......??? තමුන් ගේ  වාසිය තකා  දෙලොවක්  නැතුව  කඩේ ගිය  මහින්ද  ගේ චරිතප්‍රදානය සියළුම  කඩේ යන  මාධ්‍ය වේදීන්  යැයි  කියා  ගන්නා  සැමටම මහත් ආදර්ශයක්  සපයයි...එතෙක් අවසන තෙක්  කඩේ  ගිය  මේ  අප්පුහාමි ගැන  අඩුම  තරමින්  රජ ගෙදර ලොකු  උන්නැහේ වන  මහින්ද  ගේ  සුනඛයෙකුගේ  අභාවය ගැන  ලියන  තරමේ  ශෝක ප්‍රකාශයක් වත්  මෙතකුදු  නැත....චන්ඳ්‍රිකාද  එසේය...රැජිණ ඇයයි  ...අපේ  රාජ්ජේ  කියමින්..කඩේ  ගියේය...කුණු ඇපුල්ලුවේය..

 මේ  මොහුට   මුහුණු පොතේ ලැබී තිබූ ජනප්‍රිය  නම්බුනාමය සහිත ඡායාරූපයකි.

එනමුදු එකී එකෙකුවත් ආණ්ඩුවේ එකෙකුවත් මේ වන තුරාවට අඩුම තරමේ අපේ කුණු සේදු (මට්ටයා තළේය) යනුවෙන්වත් කිසිඳු වදනක් පවසා නොමැත.මෙය සියළුම කඩේ යන්නන් ආදර්ශයට ගත යුතුය.කෙනෙකු මිය ගිය පසු කෙතරම් දුර්ජනයෙකු වුවද ඒ හා සම්බන්දව සතුටු වීමක් සදාචාරාත්මක වූ අප හට නොමැත.නමුත් සත්‍යය ඇති සැටියෙන් සියල්ලන් දැන ගත යුතුය.එහෙයින් මොහුගේ රූපවාහිණි අවතීර්ණය ගැන තතු දන්නේ මා වන අතර එය එළිදරවු කොට ඔබව දැනුවත් කිරීමද මෙතෙක් නිහඬව සිටි මාගේ යුතුකමය.පහතින් ඇත්තේ මා මිට වසර කිහිපයකට ඉහත මහින්ද අබේසුන්දර  රූපවාහිණියට ගෙනා ආ කථා වස්තුවේ ඇතුළාන්තයයි.


මහින්ද අබේසුන්දර සම්පාප්ත්‍රිය....


හින්ද අබේසුන්දර කියන්නේ හරි අපූරු ජාතියක මිනිහෙක් .මම 1998 දී අයි ටී එන් එකේදී පටන් ගත්ත සන්නස කියන වැඩසටහනට ආගිය කතා කියන කොටසත් ඇතුල් කරන්න හිතිලා.ඒකේ නිවේදකයා හැටියට මම අරන් හිටිය ලක්බිම පුවත්පතේ ගැමුණු රත්නායක ට කියල තමයි මුලින්ම මහින්ද අබේසුන්දර ව ගත්තේ...මට මතකයි කොළබ වික්ටෝරියා උද්්‍යාණයෙදී කළ ඒ රූපගත කිරිමේදී..මිනිහා ඇඹරුනහැටි...මල්ලී මෙවා ඉතින් කවදා කාපු ටකරන්ද කියලයි කිව්වේ.
වැඩසටහන නිසා මිනිහා ජනප්‍රිය උනා.එයා ලක්බිමට ලිව්ව ආගිය කථා පෙළම නැවත කැමරාව ඉදිරියේ කියන එක තමයි කලේ ..එකම එක දේ කිහිප වතාවක් රූපගත කරන්නේ එක පාරම කියවගන්න බැරිඋනාම..අපි කියන්නේ නානවා කියලා...ඉතින් ඔය සන්තෑසියම තමයි ඒ දවස් වල මිනිහටත් උනේ..., එකම දේ නැවත නැවත රූපගත කළා අපිත්..මිනිහ ගේ ජීවිතේ ප්‍රථම වතාවට තමයි කැමරාවකට මුහුණ දුන්නේ...ඒ දවස් වල අයි ටී එන් එකේ ප්‍රවෘත්ති අංශය බාරව හිටියේ මම ..ඔන්න සති දෙකකට විතර පස්සේ දවල් වරුවක මහින්ද අයියා ආවා මගේ කාමරයට....ඇවිත් කිව්වා මල්ලී මම මේ ආවේ ලොක්කා හම්බුවෙන්න කියලා.ඒ කියන්නේ සභාපතිව..ඒ වෙලාවේ ඒ මිනිහත් හිටියේ නැහැ මම කිව්වා ඉතින් ඒ එනකම් වාඩිවෙලා ඉන්න කියලා මගේ මේසේ ඉස්සරහ පු‍ටුවත් දීලා කන්න බොන්නත් අරන් දීලා .සභාපති එනකම් තියගෙන හිටියා. ඒ කාළේ සභාපති වෙලා හිටියේ කවුරුත් දන්න ..අපි කිරිගුණයා ( නිව්ටන් ගුණරත්න )කියන ආදර වචනයෙන් හදුන්ව්න මෑන්.කොයි වෙලාවේ බැලුවත් ඔ‍ෆිස් එකේ නැති .දේශපාලනයෙන් ආපු තක්කඩියෙක්.( ඒ  කාළේ  චන්ඳ්‍රිකා ගේ ආණ්ඩුව  අයි.ටී.එන්  එකට  කිරි ගුණයා  සභාපති  කරලා  දැම්මෙ  මගෙන්  පළි ගන්න..)
ඉතින් මේ ඉතින් මේ මහින්ද සභාපති ආවා විතරයි මල්ලී මම මිනිහව හම්බුවෙලා එන්නම් කියලා.ගියා...ඊට ටික වෙලවකට පස්සේ .මට සභාපතිගේ ඔ‍ෆිස් එකෙන් ලියුම්ක් ආවා අත්සන් කරලා භාරගන්න...මොනාද දන්නවද ඒකේ තිබුනේ ...
වහාම ක්‍රියාත්මක වන අයුරු මාව වෙනත් අංශයකට මාරු කරල කියල...අනිත් දවසේ සිට මිනිහා මගේ පු‍ටුවේ...
මහින්ද අබේසුන්දර රූපවාහිණි 
මාධ්‍යයට ආවේ අන්න එහෙමයි...

සුමිත් ජයන්ත ඩයස්


http://siyawasa.blogspot.fr/2009/11/blog-post_7500.html

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger