මහින්ද අබේසුන්දර ඊයේ (28 වැනිදා) අභාවප්‍රාප්ත විය. මියයන විට අබේසුන්දර 75 වැනි වියේ පසුවිය.
වාමාංශික පුවත්පතක් වූ 'ජනදින' තුළින් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ අබේසුන්දර 'දිවයින' පුවත්පතේ 1994 වසර දක්වා සේවය කළේය.
ඉන්පසු ස්වාධීන රූපවාහිනි සේවයේ ප්රවෘත්ති අධ්යක්ෂ සහ දිනමිණ ප්‍රධාන කර්තෘ ලෙස ද තනතුරු හෙබවීය. මියයන විට ඒ මහින්ද ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල උපදේශකවරයකු ලෙස තනතුරු දැරීය.
ස්වාධීන රූපවාහිනියේ
පෙර පැවති සම්මානනීය විමසුම වැඩසටහනේ නම රැගෙන එහි කීර්තිය අකාමකා දමා පවතින රජයන්හී අතුණු බහන් මඩ සේදීමේ නීච වැඩසටහනක් බවට එය පත්කෙරූ දිනපතා විකාශය වූ 'විමසුම' කාලීන වැඩසටහනේ පිටපත රචනා කළේ ද ඔහු විසිනි.
දෙදරු පියකු වූ මහින්ද මියයන මොහොත වන විට රෝගාතුරව පසුවිය.
දේහය පිළියන්දල සුවාරපොල පිහිටි නිවසේ තැන්පත් කර ඇත.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment