පොදු අපේක්ෂක තනතුරට කවුරු දැම්මත් කමක් නැහැ. ඔයා පෞද්ගලිකවම ඔය තරගයට ඉදිරිපත් වෙන්න. ඔයා පැරදුනොත් කියන්න හොර ඡන්දවලින් අරයා දිනුවා. ඔයා නඩු කියනවා කියලා. මාධ්‍යයට කියන්න. ඔයාගේ මුහුණ ටී වී වල පත්තරවල මහ ලොකුවට තියෙයි.
ඇය තවත් අපූරු යෝජනාවක් ගෙනාවාය. දැන් ඔයා කා සමඟත් හිනාවෙන්න ඕනෑ. මහ මඟදී හමුවෙන වයසක කාන්තාවන්ට අම්මේ කියලා කරට අතදාල හිනාවෙලා කතා කරන්න. පුළුවන් නම් අම්මලා වඩාගෙන ඉන්න පුංචි දරුවෝ හුරතල් කිරීමට පුරුදු වෙන්න. හැබැයි අම්මලා විතරක් සුරතල් කරන්න එපා. තේරුණාද?
කාන්තා පාර්ශවයට එන්නේ අපූරු අදහස් ය. තමන්ගේ අතින් වියදම් නොකර අනුන්ගෙන් මත්පැන් බිව්වාට වරදක් නැතැයි දිනක් මගේ බිරිඳ මට කළ යෝජනාවක් අනුව මම පිනා බීමට පුරුදු වුණෙමි.
ශරීරයට ව්‍යායාමයක් වශයෙන් වාහනවලින් නොගොස් කිලෝමීටරයක් දෙකක් පයින් ගියාට වරදක් නැතැයි බිරිඳ කළ අදහස අනුව මම පයින් යැමට ද පුරුදු වුණෙමි.
පයින් එන ගමන් ලාබෙට හාල්, පොල් කඩවල තිබුණොත් ගෙනාවට වරදක් නැතැයි ඇය තවත් යෝජනාවක් ඉදිරිපත් කළාය.
එම යෝජනාවට ද මම එකඟ වුණෙමි. ලාබෙට තියෙන හාල් පොල් විතරක් නොව සෑම දහජරාවක් ම ගෙන ඒමට මම පුරුදු වුණෙමි.
ලාබෙට කුණු මාළු ගෙනැවිත් බැණුම් ඇසූ වාරද අනන්තය.
දැන් ශාරීරික ව්‍යායාම කිරීමට මට අවශ්‍ය නැත. ගෙදරට හාල්, පොල්, මාළු, පාන්පිටි, පාන්, කරෝල, සීනි, තේකොළ, තක්කාලි, කිරිපිටි, කොසු, ඉදල් පවා සවසට ගෙන ඒමට මම පුරුදු වුණෙමි.
ඊයේ පෙරේදා දවසක හදිසියේම බිරිඳ තවත් අපූරු යෝජනාවක් ඉදිරිපත් කළාය.
හැම මිනිහාම දැන් පොදු අපේක්ෂකයා ගැන කතා කරනවා. ඔය කවුරු තරගයට ආවත් කමක් නැහැ. ඔයත් පොදු අපේක්ෂකයකු වෙන්න යෑයි කීවාය.
මෙය ඉතා පංකාදු අදහසක් බව මම දනිමි. ගැහැණියක මෙවැනි අදහසක් ගෙනෙන්නේ අනාගතය පිළිබඳව මනා අවබෝධයක් ලබාගෙනය.
පොදු අපේක්ෂක තනතුරට කවුරු දැම්මත් කමක් නැහැ. ඔයා පෞද්ගලිකවම ඔය තරගයට ඉදිරිපත් වෙන්න. ඔයා පැරදුනොත් කියන්න හොර ඡන්දවලින් අරයා දිනුවා. ඔයා නඩු කියනවා කියලා. මාධ්‍යයට කියන්න. ඔයාගේ මුහුණ ටී වී වල පත්තරවල මහ ලොකුවට තියෙයි.
එතකොට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නඩු කිව්වද, කවදාද නඩු දාන්නේ කියලා. මාධ්‍යවේදීන්ටත් ඕනෑ නැති දෙයක් නැහැ. ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ කොහොමද?" මම බිරිඳගෙන් ඇසුවෙමි.
අයියෝ ඒක සුළු දෙයක්. මීට කලින් සිදු වූ සෑම මැතිවරණයකදීම පැරදුණු කට්ටිය කියලා තියෙනවා නඩු යනවා කියලා. එච්චරයි. ඊට පස්සේ නඩු කියන්න යන්න ඕනෑ නැහැ.
ඔයා බය නැතිව පොදු අපේක්ෂකයකු වෙලා ඡන්දයට ඉදිරිපත් වෙන්න.
බිරිඳ මාව දිරිමත් කළාය.
කෝ සල්ලි
සල්ලි ලැබෙනවා. ඔය බිස්නස්කාරයෝ දෙතුන්දෙනෙක් අල්ලලා, පෝස්ටර් පත්‍රිකා ගහන්න. අර බාර් එකේ මහත්මයා අල්ලාගෙන අරක්කු බෝතල් ටිකක් ඔය කොල්ලෝ කුරුට්ටන්ට බෙදලා දෙන්න.
අර මස්කඩකාරයා අල්ලාගෙන නොමිලේ ඇස් කණ්නාඩි පරිත්‍යාග කරන්න. මිනී පෙට්ටි සාප්පුකාරයා අල්ලාගෙන මිනී පෙට්ටි ටිකක් මැරිච්ච මිනිස්සුන්ට බෙදලා දෙන්න. පුළුවන්නම් කාට හරි කියලා ඔයාගේ ඔළුවට පහරක් දෙකක් ගහන්න සලස්සන්න.
ශ්‍රී ලංකාවේ මැරයෝ ඉන්නවා. ප්රජාතන්ත්රවාදයට බාධක කියලා පැරදුනොත් අපේ පවුලට රට යන්න පුළුවන්. කාටද නම්බු යෑයි බිරිඳ කීවාය.
ඇය තවත් අපූරු යෝජනාවක් ගෙනාවාය. දැන් ඔයා කා සමඟත් හිනාවෙන්න ඕනෑ. මහ මඟදී හමුවෙන වයසක කාන්තාවන්ට අම්මේ කියලා කරට අතදාල හිනාවෙලා කතා කරන්න. පුළුවන් නම් අම්මලා වඩාගෙන ඉන්න පුංචි දරුවෝ හුරතල් කිරීමට පුරුදු වෙන්න. හැබැයි අම්මලා විතරක් සුරතල් කරන්න එපා. තේරුණාද? එහෙම වුණොත් අපේ පවුල් ජීවිතය ඉවරයි. තේරුණාද?
ඔයා මුහුණ බුම්මාගෙන ඉන්න එපා. ලොකු පොඩි අය බලන්නේ නැතිව. හොඳටම කටපුරා හිනාවෙන්න තේරුණාද? ඔයා බලයට පත්වුණොත් අපේ වාසනාව.
බිරිඳගේ උපදෙස් අනුව මම මඟ දිගටම කා සමගත් සිනාවීමට පටන් ගතිමි.
මනමාලකමට සිනාවෙනවා යෑයි රොසලින් අක්කා කියනවා මට ඇසුණි.
පිස්සෙක්..... මගේ සිනාවට කමලා තවත් කෙල්ලෙකුට කියනවා අසුණි.
හති අරිමින් පාරේ කඳු නඟින කරලැයින් අක්කාගේ කරට අත දමා ඇයට මම කඳු නැඟීමට උදව් කළෙමි.
කරලැයින් අක්කා මෙන්න මගේ රත්තරන් මාලේ කඩන්න හදනවා යෑයි කියමින් මහ හයියෙන් කෑ ගැසුවාය.
විනාඩි දෙක තුනක් ගත විය. හතර පැත්තෙන්ම මට ගුටි පහරවල් එල්ල විය.
මම හොරෙක් නෙමේ. පොදු අපේක්ෂකයකු වීමට අදහස් කරන කෙනෙක් යෑයි මම පිළිතුරු දුන්නෙමි.
ඔහොම කියන අය හුඟදෙනෙක් ඉන්නවා කියමින් ගුටි බැට ප්‍රහාරය තවත් වැඩි විය.
නෝමන් පලිහවඩන
Post a Comment