බම්බලපිටිය රිදම් ඇන්ඩ් බ්ලූස් රාත්‍රි සමාජ ශාලාවේදී ඇමැති මර්වින් සිල්වා පුත් මාලක සිල්වා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට ලිංගික අතවර කිරීමට යෑම නිසා එම සිද්ධිය ආරම්භ වූ බව පහර කෑමට ලක්වූ බ්‍රිතාන්‍ය ජාතික ජේම්ස් ෆ්‍රැන්සිස් සහ ඔහුගේ පෙම්වතිය වූ බිලින්දා මැකන්සිගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අවේන්ද්‍ර රොද්‍රිගු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.
මේ සිද්ධිය ඇති වුණේ සැකකාර මාලක සිල්වා සුදු ජාතික කාන්තාවට ලිංගික අතවරයක් කිරීමට ගිය නිසායි. එම සුදු ජාතික යුවළට විවිධ දුරකතන ඇමැතුම් ලැබෙනවා. ඔවුන් මේ රටට ආවේ සංචාරකයන් විදියට. මීට කලින් ලංකාවට ආපු බ්‍රිතාන්‍ය ජාතිකයකු තංගල්ලේදී මරලා. ඔහුගේ පෙම්වතිය දූෂණය කරලා තිබුණා. එවැනි තත්ත්වයක් තමන්ටත් උදාවෙයි කියලා මොවුන් බියෙන් ඉන්නේ. මේ රටේ තිබෙන නීතිරීති ගැන ඔවුන් හරියට දන්නේ නැහැ.
පහර කෑමට ලක්වූ බ්‍රිතාන්‍ය ජාතික යුවළට විවිධ පාර්ශ්ව විසින් දුරකතන ඇමැතුම් ලබා දී තිබෙන බවත් ඊට අමතරව දේශපාලන වශයෙන්ද යම් යම් බලපෑම් එල්ල වී තිබෙන බවත් නීතිඥ අවේන්ද්‍ර රොද්‍රිගු පැවැසීය.
බම්බලපිටිය R&B රාත්‍රි සමාජ ශාලාවේ විනෝද වෙමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධ නඩුව යළි කැඳවූ අවස්ථාවේදී අදාළ යුවළගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොද්‍රිගු වැඩිදුරටත් මෙසේද පැවැසීය.
මෙය සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල විය හැකියි. සිද්ධියේදී නිසි ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වුවහොත් මෙයින් රට විශාල අපකීර්තියකට ලක්විය හැකියි.
ලිංගික අතවරයක් කරනවා කියන්නේ අතින් ඇදලා කරන හිරිහැර විතරක් නෙවේ. කාන්තාවක් වාචිකව වුවත් ලිංගික අතවරවලට ලක්විය හැකියි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment