BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Wednesday, October 1, 2014

කැඩී බිඳී වෙන්වී ශ්‍රී ලංකාව පාලනය කළ නොහැකි රටක්‌...අනුනායක පූජ්‍ය ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් පවසති....

ශ්‍රී ලංකාව බෙදී වෙන්වී පාලනය කළ නොහැකි බව
හකීම්ලා විග්නේෂ්වරන්ලා අවබෝධ කරගත යුතුයි
- මල්වතු අනුනාහිමියෝ ඇමරිකානු තානාපතිනියට පවසති


ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මිචෙල් ඡේ. සීසන්  ඉකුත් 30 දා පෙරවරුවේ මල්වතු පාර්ශ්ව අතිපූජ්‍ය අනුනායක පූජ්‍ය ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් බැහැදුටු අවස්‌ථාවේ උන්වහන්සේ එසේ පැවැසූහ.


එකට එකමුතුව රට පාලනය කරනු මිස කොටස්‌වලට කැඩී බිඳී වෙන්වී ශ්‍රී ලංකාව පාලනය කළ නොහැකි රටක්‌. මෙම තත්ත්වය ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක රාවුෆ් හකීම් මෙන්ම උතුරු පළාත් සභාවේ ප්‍රධාන ඇමැති විග්නේෂ්වරන් ද අනෙක්‌ ද්‍රවිඩ සංවිධානද මැනවින් අවබෝධ කරගත යුතුයි. 

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මිචෙල් ඡේ. සීසන්  ඉකුත් 30 දා පෙරවරුවේ මල්වතු පාර්ශ්ව අතිපූජ්‍ය අනුනායක පූජ්‍ය ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් බැහැදුටු අවස්‌ථාවේ උන්වහන්සේ එසේ පැවැසූහ.

එසේම ශ්‍රී ලංකාවේ පළාත් සභා මධ්‍යම රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් රට සංවර්ධනය කළ යුතු බවද උන්වහන්සේ පැවැසූහ.

තවදුරටත් ශ්‍රී ලංකාවේ පවතින ව්‍යුහය පිළිබඳව අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ ශ්‍රී ලාංකිකයන් රට පුරා විසිරී වාසය කරන බවත් ජනතාව අතර ජාතික හෝ ආගමික වශයෙන් දරුණු ගැටුම් සිදු නොවන බවත් පැවැසූහ.

ප්‍රධාන ජනතාව වන සිංහලයන් මෙන්ම සෙසු ජන කොටස්‌ද අසීමිත ලෙස වරප්‍රසාද ඉල්ලා සිටින්නේ නැති බවද ශ්‍රී ලංකා ඉතිහාසයේ දැක්‌වෙන පරිදි ද්‍රවිඩ ජාතික රජවරුන් ශ්‍රී ලංකාව ඇතැම් විට පාලනය කර තිබෙන බවද පැවසූහ.

බුදු දහම අදහන සිංහල බෞද්ධයන් හිංදු දෙවිවරුන්ටද පුද පූජා පවත්වන බව පැවසූ අනුනායක හිමිපාණෝ මෙවන් ජාතික ආගමික සමගියක්‌ පවතින හා පැවතුණු ශ්‍රී ලංකාවේ ජනතාව අතර භේද භින්න ඇති කිරීමට ඇතැම් සුළු කණ්‌ඩායම් දරණ උත්සාහයන් සාර්ථක නොවන බවද පැවැසූහ.

ඇමරිකානු තානාපතිනි මිචෙල් ඡේ. සීසන්  අදහස්‌ දක්‌වමින් තමන් මාස හයකට පමණ පසුව මහානායක ස්‌වාමීන් වහන්සේ බැහැදැකීමට පැමිණි බවත් එය වැදගත් හා ප්‍රීතිමත් අවස්‌ථාවක්‌ බවත් පැවැසුවාය.

ශ්‍රී ලංකාවත් ඇමෙරිකාවත් අතර දීර්ඝ කලක සිටම මිත්‍ර සබඳතා පවත්වා ගෙන යැම ගැන සතුටු විය හැකි යෑයි පැවසූ තානාපතිනිය ශ්‍රී ලංකාවේ භික්‌ෂුන් වහන්සේ ඇමෙරිකාවේ ධර්මප්‍රචාරක කටයුතුවල නිරතව සිටින බවද පැවසුවාය.

නියෝජ්‍ය තානාපති ඇන්ඩෲ බෑන් ද මෙම අවස්‌ථාවට සහභාගි විය.

සිරිල් විමලසුරේන්ද්‍ර




The US Ambassador to Sri Lanka, Michele J. Sison, met with the Chief Prelate of the Malwathu Chapter of Siam Sect, the Most Venerable Thibbatuwawe Sri Sumangala Thera, in Kandy on Friday morning.

The Ambassador who met with the Chief Prelate at the Malwathu Maha Viharaya in Kandy, held discussions with the Chief Prelate for about one hour.

The Chief Prelate had noted at this occasion that a situation has arisen where incidents that do not occur in Sri Lanka have been brought on to the international stage and that it is important to make inquiries and study these matters.

He added that while all communities in Sri Lanka are living and working in harmony, the Ambassador, could if she wishes, make inquiries into this, first hand.




Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger