ඇප නැතිව කෝපවූ ජයලලිතා
හිතවතුන් හමුවීම මගහරී
අලුත් මහ ඇමැතිටත් හිස් අතින් යන්න වේ
ඇප අයෑදුම් පත සලකා බැලීම 7 දා
හිරගේ ඉදිරිපිට මිනිස්සු පදිංචි වෙති
හිතවතුන් හමුවීම මගහරී
අලුත් මහ ඇමැතිටත් හිස් අතින් යන්න වේ
ඇප අයෑදුම් පත සලකා බැලීම 7 දා
හිරගේ ඉදිරිපිට මිනිස්සු පදිංචි වෙති
මිනිසෙක් දෙවඟනකට දඬුවම් කරන්නේ කෙසේද? මිනිස්සු අසති
බැංගලෝරය
තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහඇමැතිනී ජයලලිතා ජයරාම්ට නියම කර ඇති සිවු අවුරුදු සිරදඬුවමට එරෙහිව ඉදිරිපත් කර ඇති ඇප අයෑදුම්පත විභාග කිරීම සඳහා ඊයේ (01 දා) විශේෂ රැස්වීමක් කැඳවා තිබූ කර්ණාටක මහාධිකරණය එම ඇප අයෑදුම්පත විභාග කිරීම ලබන අඟහරුවාදා (07 දා) තෙක් කල් දමනු ලැබීය.මේ නිසා කෝපයට පත් ජයලලිතා සිය හිතවතුන් ආධාරකරුවන් පමණක් නොව අලුතින් පත්වූ මහ ඇමැතිවරයා හමුවීම පවා ප්‍රතික්ෂේප කර තිබේ.
අධිකරණයේ නිවාඩු කාල සීමාව මත මෙම ඇප අයෑදුම්පත සලකා බැලීම ලබන සඳුදා (06 දා) සිදු කිරීමට කර්ණාටක මහාධිකරණය කලින් තීන්දු කර තිබූ අතර ජයලලිතාගේ නීතිඥයන් විසින් එම අයෑදුම්පත විශේෂ කරුණක් සේ සලකා විභාග කරන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව එය ඊයේ විභාග කිරීමට නියම කෙරිණි.
එහෙත් කර්ණාටක මහාධිකරණය සිය නිවාඩු කාල සීමාව අවසන් වීමෙන් පසු ලබන අඟහරුවාදා එම ඇප අයෑදුම්පත සලකා බැලීමට ඊයේ රැස් වූ අවස්ථාවේදී තීරණය කර ඇත. අධිකරණයේ මෙම තීන්දුවට එරෙහිව තමිල්නාඩු මහ ඇමැතිනියගේ නීතිඥයන් කර්ණාටක මහාධිකරණය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ අනුව ලබන අඟහරුවාදා වන තෙක් ජයලලිතා හා වත්කම් ප්‍රකාශයට පත් නොකිරීමේ චෝදනාවට වරදකරුවන් වූ සෙසු තිදෙනාට බන්ධනාගාරගත වී සිටීමට සිදුව ඇත.
ජයලලිතාගේ නීතිඥයන් විසින් ඇය වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති ඇප අයෑදුම්පත මගින් ඇයට ලබා දී ඇති සිරදඬුවමට මුල් වත්කම් ප්‍රකාශ නොකිරීමේ චෝදනාව සාවද්‍ය බව සඳහන් කර ඇත. ජයලලිතා උපයාගෙන ඇති සියලු දේපළ නීත්‍යනුකූල ලෙස උපයාගෙන ඇති බවද එම අයෑදුම්පතෙහි සඳහන්ය.
මෙයට පෙර අධිකරණ මගින් ජයලලිතාගේ ආදායම් මාර්ග අනුමත කරමින් ලබාදී තිබූ තීන්දු සැලකිල්ලට නොගෙන ඇය චෝදනාවට වරදකරු කිරීම සම්බන්ධයෙන් බැංගලෝර් අධිකරණයේ විශේෂ විනිසුරු ජෝන් මයිකල් ඩි තුන්හා ජයලලිතා ඇතුළු වරදකරුවන් වූ සෙසු තිදෙනාගේ උදහසට ලක්ව ඇති බව 'ටයිම්ස් ඔෆ් ඉන්ඩියා' පුවත්පත සඳහන් කරයි. මෙම විනිසුරුවරයාට එරෙහිව තමිල්නාඩුවේ වෙල්ලෝර් නගර සභාව පනතක්ද සම්මත කර ගෙන ඇතැයි වාර්තා විය. මේ දිනවල තමිල්නාඩුවේ ප්‍රදේශ ගණනාවක ජයලලිතාගේ ඒ අයි ඒ ඩී එම් කේ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා චිත්‍රපට සංගම් විසින් ප්‍රදර්ශනය කර ඇති බැනර් ගණනාවක "මනුෂ්‍යයකු දෙවඟනකට දඬුවම් කරන්නේ කෙසේදැයි" සඳහන් කර තිබෙන බව "ටයිම්ස් ඔෆ් ඉන්ඩියා" පුවත්පත ප්‍රකාශ කරයි.
එහෙත් වෙල්ලෝර් නගර සභාව විසින් ජයලලිතාට සිරදඬුවම් නියෝගය ලබාදුන් විනිසුරුවරයාට එරෙහිව ලබා දුන් තීන්දුව අභියෝගයකට ලක් කිරීම කනගාටුවට කරුණකැයි තමිල්නාඩුවේ ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු ප්‍රකාශ කර සිටිති.
මේ අතර ජයලලිතාගේ ඇප අයෑදුම්පත විභාග කිරීම ලබන අඟහරුවාදාට කල් දැමීමෙන් පසු කලකිරීමට හා කණස්සල්ලට පත් තමිල්නාඩුවේ හිටපු මහඇමැතිනිය තම සමීපතම සගයන් පවා මුණගැසීම මගහැර ඇති බව වාර්තා වේ.
තමිල්නාඩුවේ වත්මන් මහඇමැති හා ජයලලිතාගේ සමීපතමයකු වන ඕ. පනීර් සෙල්වම් ඉකුත් සඳුදා බැංගලෝරයට ගොස් ජයලලිතාගේ ආශිර්වාදය ලබා ගැනීමට උත්සාහ දැරුවද තම සිරකඳවුරෙහි සිට අමුත්තන් මුණගැසෙන ස්ථානය තෙක් පැමිණීම ජයලලිතා විසින් ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ. ඇය තමන් බැලීමට සිරගෙදරට පැමිණ සිටි සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් මෙන්ම ආධාරකරුවන් පවා මුණගැසීම මගහැර ඇත.
කෙසේ වුවද සිය නායිකාව දැක ගැනීමේ අරමුණින් ජයලලිතාගේ පක්ෂ ආධාරකරුවන්, කාර්යමණ්ඩල සාමාජිකයන් හා තමිල්නාඩු දේශපාලනඥයන් විශාල පිරිසක් ඇය රඳවා සිටින "පරප්පානා අග්‍රහාර" මධ්‍යම සිර කඳවුර ඉදිරිපිට කඳවුරු බැඳ සිටින බව වාර්තා වේ.
දකුණු ඉන්දීය සිනමා නළු සරත් කුමාර් ද ජයලලිතා මුණගැසීමට ගොස් ඇයව මුණ නොගැසීම ආපසු හැරී ගිය බව වාර්තා විය.
මේ අතර දකුණු ඉන්දීය සිනමා ශිල්පීන් ද ජයලලිතා හට ලබාදුන් සිරදඬුවමට විරෝධය පළ කරමින් ඊයේ දිනය පුරා සියලු චිත්‍රපට රූගත කිරීම් අවලංගු කර තිබූ අතර චිත්‍රපට ප්‍රදර්ශනය උදෑසන 9 සිට සවස 6 දක්වා නතර කර චෙපොක් නගරයේ රාජ්‍ය තානායම ඉදිරිපිට නිහඬ උපවාසයක් පැවැත්වීමටද කටයුතු කර තිබිණි.
සිංහලට සකස් කළේ - ඒමන්ති මාරඹේ විසිනි.
Post a Comment