එල්.ටී.ටී.ඊ. ය යුරෝපයේදී තහනම් කරන්නට ශ්‍රී ලංකාව තොරතුරු ලබාදුන් බවත්, එලෙසින්ම ඉදිරියටත් යුරෝපා සංගමය හා එහි සාමාජිකයන් හට එල්.ටී.ටී.ඊ. ය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කරන්නට අවශ්‍ය තොරතුරු හා සහයෝගය ශ්‍රී ලංකාව විසින් ලබාදෙනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කර තිබේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත යුරෝපා සංගමය විසින් පනවා තිබූ තහංචි හා සම්බාධක යුරෝපා යුක්තිය පසිඳලීමේ අධිකරණය විසින් ඉවත් කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ රජයේ දැඩිඅවධානය යොමු වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.ධිකරණය විසින් ලබා දුන් මේ තීන්දුව විත්ති පාර්ශ්ව විසින් වැඩිදුරටත් ගැඹුරින් අධ්‍යයනය කළ යුතු යැයි පවසන විදේශ කටයුතු අමාත්‍යංශය, යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ. ය පිළිබඳ ඉදිරියේදී නිසි පියවර ගනු ඇතැයිද විශ්වාසය පළ කර තිබේ.
එල්.ටී.ටී.ඊ. ය යුරෝපයේදී තහනම් කරන්නට ශ්‍රී ලංකාව තොරතුරු ලබාදුන් බවත්, එලෙසින්ම ඉදිරියටත් යුරෝපා සංගමය හා එහි සාමාජිකයන් හට එල්.ටී.ටී.ඊ. ය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කරන්නට අවශ්‍ය තොරතුරු හා සහයෝගය ශ්‍රී ලංකාව විසින් ලබාදෙනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කර තිබේ.
එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම්වලට විරුද්ධව සමහර යුරෝපා රටවල් තවදුරටත් විවිධ පරීක්‍ෂණ මෙහෙයවන බවත්, සමහර කාරණාවලට විරුද්ධව නීතිමය කටයුතු පවා ආරම්භ කර ඇති බවත් පෙන්වා දෙන විදේශ කටයුතු අමාත්‍යංශය, එල්.ටී.ටී.ඊ. යට එරෙහි මේ තහංචි ඉවත් කිරීම යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාවට බලපානු ඇත්දැයි අවධානයෙන් සිටින බවත් සඳහන් කර ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment