තමිල්නාඩු හිටපු මහඇමති ජයලලිතා ජයරාම්ට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) ඇප ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.ඇය ඇතුළු කිහිප දෙනෙකු ඉන්දීය රුපියල් කෝටි 66 ක මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 27 වනදා බැංගලෝර් අධිකරණයකින් සිව්වසරකට සිරගත කිරීමට නියෝග කෙරිණි.
එම නියෝගයට එරෙහිව එකී දඬුවමට එරෙහිව ජයලලිතා ජයරාම් කර්ණාටක මහාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයක්ද පසුගිය 7 වැනිදා ප්‍රතික්ෂේප කෙරුණි.
එහෙත් අනතුරුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් වූ පෙත්සමක් සැලකිල්ලට ගත් අවස්ථාවේදී ඇයට ඇප ලබාදීමට විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.
සති 3ක කාලයක් සිරගතව සිටි තමිල්නාඩුවේ හිටපු මහඇමැතිනී ජයලලිතා ජයරාම්ට අතුරු ඇපයක් ලබාදීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය.
ජයරාම්ගේ ඇප ඉල්ලීම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඇප ලබාදීමේදී ජයරාම් වෙත කොන්දේසි කිහිපයක් පැනවීමට ද පියවර ගෙන තිබූ බව ‘ඉන්දියා ටයිම්ස්’ පුවත් වාර්තා කර තිබිණ.
මේ අනුව, ජයලලිතා ජයරාම් ඇප ලබා පිටව යන දින සිට දෙසැම්බර් 18 වැනිදා තෙක් ‘නිවාස අඩස්සියේ’ සිටිය යුතු අතර කිසිසේත් නිවසින් බැහැර වීම තහනම් වේ.
මාස දෙකක කාලයක් තුළදී ඇයගේ ඇප ඉල්ලීම පිළිබඳ ලිපිගොනුව අධිකරණයට ඉදිරිපත් කළ යුතු ය. ‘මාස 2ක් තුළ ලිපිගොනුව ඉදිරිපත් කරන්න නොහැකි වුණොත් තව දවසක්වත් ඔබට දෙන්න අධිකරණය සූදානම් නැහැ’ යනුවෙන් විනිසුරුවරයා එහිදී පැවැසී ය.
තමිල්නාඩුවේ හිටපු මහඇමැතිනිය ඇප ලබාසිටින කාලය තුළ සිය පක්ෂයේ සාමාජිකයන්ට හෝ පක්ෂයට රට තුළ නීතිය හා සාමය කඩවන කිසිදු කි‍්‍රයාකාරකමක් සඳහා අණ නොකළ යුතු බව ඇප කොන්දේසියේ සඳහන් ය. ‘ජයලලිතාගේ අණ පරිදි එම පක්ෂයේ හෝ එහි සාමාජිකයන්ගෙන් සිදුවන නීතිය හා සාමය කඩවන කි්රයාවන් පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බව අවධාරණය කරමු’ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා සඳහන් කර තිබේ.
ජයලලිතා ජයරාම් සමඟ මෙම නඩුවේ වරදකරුවන් වූ සසිකලා සහ සුදාකරන් යන දෙදෙනාට ද අතුරු ඇප ලබාදී තිබූ අතර, ඇප ලබාදීමේ කි‍්‍රයාවලිය අවසන්වීමට පෙර ලබාදුන් මෙම සහනය සම්බන්ධයෙන් ඔවුන් තෘප්තිමත් විය යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී අවධාරණය කළේ ය.
ජයලලිතා ජයරාම් තමිල්නාඩු මහඇමැතිවරිය ලෙස පත්ව සිය පළමු ධුර කාලය වූ 1991-1996 කාලය තුළ අයථා ලෙස ඉන්දීය රුපියල් කෝටි 66ක වත්කම් රැුස්කිරීමේ හා එ්වා රැුස්කළ අයුරු තහවුරු කිරීමට අපොහොසත් වීමේ වසර 18කට පෙර ගොනු කළ නඩුවකට වරදකරු වී වසර 4ක් සඳහා සිරගත කෙරිණ.
ඉන්දියාවේ කර්නාටක මහාධිකරණය මගින් මීට පෙර ජයලලිතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි.
මේ අතර, එ්.අයි.එ්.ඞී.එම්.කේ. පක්ෂයේ 43 වැනි සංවත්සරය යෙදී තිබුණේ ද අද දිනයට වන අතර, වසර ගණනාවක සිට එය ජයලලිතා ජයරාම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ජයරාම්ගේ ඇප ඉල්ලීම සළකා බැලීම ද අද දිනට යෙදී තිබුණේ පෙරවරු 10.30ට වන අතර, පෙරවරු 10ට ඇරඹීමට නියමිතව තිබූ පක්ෂ සංවත්සර සැමරුම තාවකාලිකව අත්හිටුවා තිබිණ.
එම කාලය තුළ පක්ෂ සාමාජිකයන් විසින් ජයරාම් පක්ෂ සංවත්සර සැමරුමට සහභාගිවීමට හැකි වන්නැයි දෙවියන්ට කන්නලව් කොට අයැද සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.
දේව කන්නලව්වෙන් පසු රාජ්‍ය සභා මන්ත්‍රීවරයකු පවසා තිබුණේ ‘අපි අයදිනවා අද අපිට අම්මා (ජයලලිතා* ගැන හොඳ ආරංචියක් ලැබෙයි කියා’ යනුවෙනි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment