යුරෝපා සංගමය විසින් දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය හෙවත් එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙත පනවා තිබූ අවහිර සම්බාධක ඉවත් කරන්නට යුරෝපා සංගම් යුක්තිය පසිඳලීමේ අධිකරණය තීරණය කර තිබේ.
මෙතෙක්කල් එල්. ටී. ටී. ඊ.ය යුරෝපයේ තහනම් සංවිධානයක් ලෙස පැවැතීම හේතුවෙන් එම තහනම ඉවත් කරවා ගැනීම සඳහා එල්. ටී. ටී. ඊ.ය වෙනුවෙන් දෙමළ නීතිඥයන් පිරිසක් මේ නඩුව පවරා තිබිණි.
ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා ඇමෙරිකාව ක්‍රියාත්මක කළ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය' මුවාවෙන් ශ්‍රී ලංකාව විසින් ඊළාම් රාජ්‍යයේ දෙමළ ජාතිකයන් සමූල ඝාතනය කළ බව මෙම නීතිඥයන් යුරෝපා සංගමයේ යුක්තිය පසිඳලීමේ අධිකරණය ඉදිරියේ පෙන්වා දී ඇති අතර ලොව රටවල් 40කට අධික සංඛ්‍යාවක් ඍජුව හා වක්‍රව 'ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය' මුවාවෙන් එල්. ටී. ටී. ඊ.ය තහනම් සංවිධානයක් බව ප්‍රකාශ කර විවිධ සම්බාධක පනවා තිබූ බව පෙන්වා දී ඇත.
මේ නඩු තීන්දුව තවත් මාස 3කට පසුව ක්‍රියාත්මක විය යුතු බව සඳහන් වන අතර ඉන්පසු එල්. ටී. ටී. ඊ.යට පැවැති විවිධ සීමා හා තහංචි ඉවත් කෙරෙනු ඇතැයි පැවැසේ. යුරෝපයේ වෙසෙන දෙමළ ක්‍රියාකාරීන් විසින් එල්. ටී. ටී. ඊ. තහනමට එරෙහිව මේ නඩුව 2011 අප්‍රේල් මාසයේදී පවරා තිබූ අතර එම නඩුව සඳහා ලාගන් සුන්දරලිංගම්, වී. කොපේ, ඒ. එම්. වෑන් එයික් හා ටී. බුරුමා යන නීතිඥයෝ පෙනී සිටියහ.
යුරෝපා කොමිසමට විරුද්ධව පැවරූ මේ නඩුවේදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් නෙදර්ලන්තය, එක්සත් රාජධානිය හා යුරෝපා කොමිසම පෙනී සිටි අතර තීන්දුවට අනුව පැමිණිලි පාර්ශ්වයේ නඩු ගාස්තු ඇතුළුව සියලු නඩු ගාස්තු ගෙවීමටද විත්ති පාර්ශ්වයට නියෝග කර තිබේ.
යුරෝපා සංගම් යුක්තිය පසිඳලීමේ අධිකරණය විසින් ගන්නා ලද මේ තීරණය හේතුවෙන් එල්. ටී. ටී. ඊ. සංවිධානයට හා ඒ හා සබඳතා පැවැත් වූ විවිධ පුද්ගලයන්ට එරෙහිව පනවා තිබූ විවිධ තහංචි හා සීමාවන්ද ඉවත් කිරීමට තීරණය වී ඇත.
කෙසේ වෙතත් යුරෝපයේ එල්. ටී. ටී. ඊ.ය සතු දේපොළ හා වත්කම් තහනම එලෙසින්ම පවත්වා ගැනීමට නව තීන්දුවෙන්ද තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment