කොටි හිතවාදී සංවිධාන 4 ක් ශ්‍රී ලංකාවට තහංචි ඉල්ලයි
අහිංසකයන් වී නැවත හිස ඔසවන්නට දතකන කොටි ...
කොටි හිතවාදී සංවිධාන හතරක් බ්‍රිතාන්‍යයේ පොදු රාජ්‍ය මණ්ඩල සහ විදේශ ලේකම් හියුගෝ ස්විරේ හමුවී ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් සහ හමුදා නායකයන්ට එරටට පැමිණීම සහ වත්කම් තහනම් කරන ලෙස ඉල්ලා ඇත.
මෙම කොටි හිතවාදීන් සමග සාකච්ඡා කළ හියුගෝ ස්විරේ ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශන කරන පරීක්ෂණ මණ්ඩලයට බ්‍රිතාන්‍ය පූර්ණ සහය දක්වන බවට ප්රතිඥ දී තිබේ.
ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරේන් සුරේන්ද්‍රන්, ටැමිල්ස් ෆෝ ලෙටර් සංවිධානයේ සෙන් කන්දයියා, බ්‍රිටිෂ් ටැමිල්ස් සංවිධානයේ අර්ජුනා සිවනාදන්, ටැමිල්ස් එගෙන්ස්ට් ජෙනෝසයිඩ් සංවිධානයේ ජාන් ජනනායගම් ඇතුළු කොටි ක්‍රියාකාරීහු බ්‍රිතාන්‍ය ඇමැතිවරයා සමඟ සාකච්ඡා පවත්වා ඇත.
මෙහිදී ශ්‍රී ලංකා රජය කොටි හිතවාදී සංවිධාන 30 ක් තහනම් සංවිධාන ලෙස ප්‍රකාශ කිරීම ගැන ශ්‍රී ලංකා රජයට එරෙහිව ක්‍රියා කරන ලෙසද එකී කොටි ක්‍රියාකාරීන් ඇමැති ස්විරේගෙන් ඉල්ලා තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment