BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, October 17, 2014

පන්සලේ අලියාට එලොවට වීසා අද උදෑසනදී ලබාදී තිබේ ....

මේ වනවිට අලියාගේ අවසන් කටයුතු වෙනුවෙන් ආගමික වතාවත් සිදුවෙමින් පවතින බවත් මාධ්‍යවේදීන්ට හා පරිසරවේදීන්ට එහි ඇතුල්වීමට අවසර නැති බවත් කියති.
පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ සිටි ‘සීදේව්‘ නමැති අලියා (45) අද අලුයම මියගියේය.
කකුලේ පැවති තුවාලයක් හේතුවෙන් රෝගාතුරව සිටි මේ අලියා දින කිහිපයකට පෙර නිර්වින්දනය කළ බවත් ඉන් පසු සිහි නොලැබූ බවත් තතු දන්නෝ කියති.
අලියකු මළ පසු පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම අනිවාර්ය කාරණයකි.
නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පවසන්නේ 2009 අංක 22 දරණ සංශෝධිත වන සත්ත්ව හා තුරුලතා ආඥා පනතේ 22(අ) වගන්තියට අනුව අලියකු මියගිය විට ඒ බව වනජීවී දෙපාර්තාමේන්තුවට දන්වා අනිවාර්යයෙන් ම පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. හිමිකරුගේ හිතුමතයට මරණ පරීක්ෂණ පැවැත්වීම ගැන තීරණය කළ නොහැකි බව ද ගුණවර්ධන  කීවේය.


.වනජීවී පශුවෛද්‍ය කණ්ඩායමක් අද පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට නියමිතය.
මේ අලියා මද කිපී පංසල අසල බැඳ සිටිය දී දම්වැල සොරකම් කර ඇතැයි ද, අලියාත් තමාත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි ද සුමංගල පසුගිය අගෝස්තු මාසයේ පොලිසියට පැමිණිලි කළහ.


මේ වනවිට අලියාගේ අවසන් කටයුතු වෙනුවෙන් ආගමික වතාවත් සිදුවෙමින් පවතින බවත් මාධ්‍යවේදීන්ට හා පරිසරවේදීන්ට එහි ඇතුල්වීමට අවසර නැති බවත් කියති 

දෙව්රම් වෙහෙරේ දී මිය ගිය ‘සීදේව්‘ අලියා ලියාපදිංචි සතකු හෙයින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විය යුත්තේ අලියාගේ හිමිකරු බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච් ඩී රත්නායක මහතා කියයි.
ඒ අනුව හිටපු මන්ත්‍රී කොළොන්නාවේ සුමංගල දෙව්රම් විහාරාධිපති හිමියන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා ක්‍රියා කරනු ඇතැයි ද වනජීවී ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් අධීක්ෂණ කටයුතු සඳහා එහි යවන බව ද රත්නායක  පවසයි.
අලියකු මළ පසු පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම අනිවාර්ය කාරණයකි.
නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පවසන්නේ 2009 අංක 22 දරණ සංශෝධිත වන සත්ත්ව හා තුරුලතා ආඥා පනතේ 22(අ) වගන්තියට අනුව අලියකු මියගිය විට ඒ බව වනජීවී දෙපාර්තාමේන්තුවට දන්වා අනිවාර්යයෙන් ම පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. හිමිකරුගේ හිතුමතයට මරණ පරීක්ෂණ පැවැත්වීම ගැන තීරණය කළ නොහැකි බව ද ගුණවර්ධන  කීවේය.
 මේ පිළිබඳව අපගේ සබැඳි පුවත්....
දෙව්රම් වෙහෙරේ දී අද අළුයම මියගිය අලියා දැඩි වදහිංසාවට ලක්ව සිටි බවත් අලියා නිතරම ප්‍රකෝපකාරි හැසිරීමක් පෙන්වූ බවත් පරිසරවේදීහු පවසති. ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ මේ අලියාගේ පසුපස පාද කැඩී දණ හිසෙන් නැවිය නොහැකි තත්ත්වයකට පත්ව තිබූ බවයි. එසේ තිබිය දී අලියාගේ ගමන් විලාසය දැක්වෙන වීඩියෝවක් මෙහි දැක්වේ. පරිසරවේදීන්ගේ අදහස වී ඇත්තේ අලියාගේ කකුල් මෙසේ විකෘත්ති වී ඇත්තේ හදිසි අනතුරකින් හෝ ස්වභාවික හේතුවකින් නොවන බවයි.

මියගිය සීදේව් ගේ පුදුම ගමන


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger