නිවසේ පඩි පෙළකින් වැටි වම් අතේ ඇටයක් බිඳීම නිසා 2013 ජනවාරි 13 වැනිදා මාතර රෝහලට ඇතුළු කළ බවත් මාතර රෝහලින් කොළඹ ජාතික රෝහලට මාරු කළ බවත් එහිදී අත කපා දැමු බවත් වෛද්‍යවරුන් වගකීමෙන් හා සුපරික්ෂාකාරීව ක්‍රියා කළා නම් තම අත නොකපා සිටීමට හැකිව තිබු බවත් ඇගේ පැමිණිල්ලේ සඳහන්වේ.
රජයේ රෝහල් දෙකක නොසැලකිල්ලෙන් තම වම් අත කපා දැමීමට සිදු වී යැයි කියමින් නීතී ශිෂ්‍ය අචලා ප්‍රියදර්ශනී රුපියල් දස කෝටියක වන්දි ඉල්ලා කොළඹ දිස්ත්‍රික් උසාවියේ අද (06) නඩු පැවරුවාය.
රජයේ රෝහල් දෙකක නොසැලකිල්ලෙන් තම වම් අත කපා දැමීමට සිදු වී යැයි කියමින් නීතී ශිෂ්‍ය අචලා ප්‍රියදර්ශනී රුපියල් දස කෝටියක වන්දි ඉල්ලා කොළඹ දිස්ත්‍රික් උසාවියේ අද (06) නඩු පැවරුවාය.
මාතර මහ රෝහලේ අධ්‍යක්ෂ දොස්තර දිල්කා සමරසිංහ,කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජාසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දොස්තර පාලිත මහීපාල,සෞඛ්‍ය ලේකම් දොස්තර සුධර්ම කරුණාරත්න හා නීතීපති වගඋත්තර කරුවෝය.
නිවසේ පඩි පෙළකින් වැටි වම් අතේ ඇටයක් බිඳීම නිසා 2013 ජනවාරි 13 වැනිදා මාතර රෝහලට ඇතුළු කළ බවත් මාතර රෝහලින් කොළඹ ජාතික රෝහලට මාරු කළ බවත් එහිදී අත කපා දැමු බවත් වෛද්‍යවරුන් වගකීමෙන් හා සුපරික්ෂාකාරීව ක්‍රියා කළා නම් තම අත නොකපා සිටීමට හැකිව තිබු බවත් ඇගේ පැමිණිල්ලේ සඳහන්වේ.
................................................................................................................
මුළු රටේ පමණක් නොව, ලොව පුරා බොහෝ ශ්‍රි ලාංකික ජනතාව මීට කලකට පෙර කඳුළක්, සුසුමක් ලෙසින් හඳුනාගත් අචලා ප්‍රියදර්ශනී සමග මොහොතක් කතා කරන්නට අපට හැකි විය.
සමහර විට මෙම ලිපිය කියවන ඇතමුන් ‘කවුද මේ අචලා..?’ යනුවෙන් කල්පනා කරනු ඇත. අචලා යනු ජනප්‍රිය නිළි චරිතයක් නොවේ. දෛවයේ සරදමකින් ඇයට ඇගේ වම් අත අහිමි විය. ඒ 2013 ජනවාරි මස 17 වැනිදා මාතරට නුදුරින් පිහිටි සිය නිවසේදීය. නිවසේ පඩිපෙළ අසල දී ඇද වැටීමෙන් ඇගේ වම් අත බිඳී ගියේය.වහා ඇය මාතර රෝහලට ඇතුළත් කෙරිණ. එහිදී වෛද්‍යවරුන් ඇගේ අත පරික්ෂාවකට ලක් කොට ‘ගල් ප්ලාස්ටරයක්’ දැමූහ. එතැනින් පසු අචලා ප්‍රියදර්ශනී නැමැති රෝගියාගේ අතට සිදුවන්නේ කුමක්දැයි වෛද්‍යවරුන්ගේ අවධානයට ලක්වූයේ නැත. අචලාගේ අත ගල් ප්ලාස්ටරය ඇතුලෙන් නරක් වන්නට පටන් ගත්තේය. එහි නහර මිය ගියේය. කොළඹ මහා රෝහලට මාරු කර එවන ලද අචලාගේ ජීවිතය බේරා ගන්නට එහි වෛද්‍යවරුන්ට අචලාගේ අත කපා දමන්නට සිදුවූහ.
එතැනින් පසු මෙම සිද්ධිය ලෝකය පුරා ප්‍රසිද්ධ වී ගියේය. අචලාට කෘතිම අතක් සපයන්නට බොහෝ දෙනා ඉදිරිපත් වූහ. එතැන් සිට අළුත්ම කතාව අචලා මා සමග මෙසේ කියන්නට පටන් ගත්තාය. පළමුවෙන් මම කියන්න කැමැතියි මට කෘතිම අතක් ගන්න රුපියල් ලක්ෂ පනහකට ආසන්න මුදලක් ජනාධිපති අරමුදලින් දැනටමත් වෙන්කර තිබෙන බව. ඒ ගැන ජනාධිපති මහින්ද රාජපක්ෂ , ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවට මගේ කෘතඥතාව පළ කරන්න කැමැතියි.
මට කෘතිම අත සපයන්නේ ජර්මනියේ OTTO BOCK සමාගම විසින්. ඒ සඳහා මට ජර්මනියට යන්න වෙනවා. අත සවි කරන්න පෙර මට පුහුණු පාඨමාලාවකට සහභාගි වෙන්න සිදු වෙනවා. ඒ නිසා මම යුද හමුදාවේ පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළා අවසන් වසරේ විභාගයෙන් පසු ජර්මනියට යන්න කටයුතු පිළියෙල කර දෙන්න කියලා.
විභාගය ආරම්භ වන්නේ ජූලි 08 වැනිදා. අවසන් වන්නේ ජූලි 20 වැනිදා. මගේ අත අහිමි වුණාට මගේ හිත වැටෙන්න නොදී මාව රැක බලා ගත්ත, මට ධෛර්‍ය ලබා දුන්න නීති පීඨයේ සහෝදර සිසු සිසුවියන් සහ රටේ සියලුම මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍යවේදීන්ට මේ මොහොතේ මම කෘතඥතාව පුද කරනවා.
පසුගිය මැයි මස 28 වැනිදා කම්කරු නීති පැවරුම පිළිබඳ ලියන පරීක්ෂයක් තිබුණා. එහිදී මට නීති පීඨය විසින් යතුරු ලේඛිකාවක් ලබා දුන්නා. විභාගයේ දී මම කියපුවා ඇය යතුරුලියනය කළා. ඒ පහසුකම් ඉදිරියේ පැවැත්වෙන අවසන් වසරේ පිළිතුරු ලියන්නත් ලබා දෙන්නට නීති පීඨය තීරණය කර තිබෙනවා. ඒ වෙනුවෙන් ද මාගේ කෘතඥතාව පිළිගන්වන්න සතුටුයි.
මට කවුරුන්වත් තරහ කර ගන්න අවශ්‍ය නැහැ. ඒත් මගේ අතට සිදු වූ විපත සම්බන්ධයෙන් සොයා බලා පරීක්ෂණ පවත්වන්න විවිධ අංශ ඉදිරිපත් වුණා. ඒ පරීක්ෂණවලට සිදුවුණේ මොකක්ද කියලා මා ඇතුළු කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒක විශාල අඩුපාඩුවක්. අචලා ප්‍රියදර්ශනී පැවසුවාය.
සටහන - සමන්ගි සඳලංකා
Post a Comment